February 25, 2019

මොළයේ සිතුවිලි රටා කථනයට "පරිවර්තනය"

වාග් සංස්ලේෂණය හා කෘතිම බුද්ධියේ විවිධාකාර සංයෝජන භාවිතා කර සිතුවිලි, කථනය බවට පරිවර්තනය කරන චතුර ක්‍රමයක් නිර්මාණය කිරීමට කොලම්බියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සමත් වි ඇතැයි වාර්තා වේ. 

මොලයට කාර්යක්ෂමව සම්බන්ධවීම සහ ඇහුම්කන්දීම මගින් මොළයේ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඉන්පසුව ඒවා වචන බවට පරිවර්තනය කිරීමට නව තාක්ෂණයට හැකිය. දැනට මෙම හැකියාව සීමිත නමුත් එයට විශාල ශඛ්‍යතාවයක් ඇති බව පර්යේෂකයන්ගේ විද්‍යාත්මක වාර්තා වල සදහන් වේ. 

එමගින් පරිගණක හා සන්න්වේදනය කිරීමේ ක්‍රමයක් පමණක් නොව එය යම්දිනක කථා කිරීමේ හැකියාව නැති ආබාධිතයන්ගේ හා රෝගීන්ගේ ජිවිතයේ විශාල පෙරලියක් සිදු කිරීමට සමත් වනු ඇතැයි වාර්තාවේ සදහන් වේ. නිදසුනක් ලෙස අභාවප්‍රාප්ත ශ්‍රේෂ්ට විද්‍යාඥ Stephen Hawking (ස්ටෙෆාන් හෝකින්ස්) වැනි ආඝාත ඇතුළු විවිධ රෝග නිසා amyotrophic පාර්ශවිය ඉන්ද්‍රිය අකර්මන්‍ය වූ රෝගීන්ට නව ජීවයක් ලැබෙනු ඇත.

අප කථා කරන විට හෝ කතාකිරීමට සිතන විට පවා මොළයේ සක්‍රිය වන තතු හඟවන ක්‍රියාකාරී රටා මත මෙම ක්‍රියාවලිය බැදී තිබේ. වෙනත් කෙනෙකු කතාවට අප සවන්දෙන විට හෝ එවැන්නක් සිතනවිටදී  මේ ආකාරයෙන්ම විවිධ වෙනත් රටා (චිත්තාවේග) මොළයේ  ඇතිවේ.

වර්ණාවලි විස්ලේෂණය කරන පරිගණක මාදිලි උපයෝගයෙන් මොළයේ ක්‍රියාකාරකම් කියවීමට මින්පෙර උත්සාහයන් යොමු වුවද ඒවා සාර්ථක වි නැත. කෘතීම බුද්ධි vocoder වූ  Apple for Siri සහ Amazon for Alexa මත හදා ගත් තාක්ෂණයක් මෙම නව ශිල්පිය ක්‍රමය සදහා භාවිතා කර තිබේ.

Vocoders යනු කථන සංස්ලේෂණයට සමත් පරිගණක ඇල්ගොරිතම වර්ගයකි. නමුත් එය පළමුව පටිගත කරන ලද මිනිසුන්ගේ කතාවලට පුහුණු කළ යුතුය. මෙම විශේෂ අධ්‍යනයේදී මොළයේ ශල්‍යකර්මවලට භාජනය වූ අපස්මාර රෝගීන් පස්දෙනෙකුගේ අධාරයෙන්  Vocoder පුහුණු කිරීමට  අධ්‍යනයේ ප්‍රධානියා වූ  කොලම්බියා විශ්ව විද්‍යාලයේ Mortimer B. Zuckerman නම් මොළයේ හැසිරීම සම්බන්ධ ආයතනයේ Nima Mesgarani (නිමා මෙස්ගරනි) කටයුතු කළේය. එලෙසම අපස්මාර රෝගීන්ට විවිධ පුද්ගලයන්ගේ කතාවලට සවන්දීමට සලස්වා එම අවස්ථාවලදී අපස්මාර රෝගීන්ගේ මොළයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර තිබේ.

අත්හදා බැලීම ඇත්තෙන්ම ආරම්භ වුයේ ඉන්පසුවය. ඇල්ගොරිතමය සහභාගී වූවන්ගේ චිත්තවේගයන් "කියවීමට" සමත් වූවාදැයි සොයා බැලීමට පර්යේෂකයින් වරකට එකම කථිකයා බැගින් ගෙන ඔහු හෝ ඇය ගේ පටිගත කරන ලද 0 සහ 9 අතර සංඛ්‍යා අනුපිළිවෙලවලින් කියවීම, නැවත වාදනය කළෝය. එම වාදනයන් සදහා  අපස්මාර රෝගීන්ගේ මොළ දැක්වූ  සංඥා වාර්තා කර තබා ගෙන vocoder තුලින් නිරීක්ෂණය කර තිබේ. කෘතීම බුද්ධි ස්නායුක ජාලයන් මගින් vocoder ප්‍රතිඵල පරීක්ෂා කිරීම මෙන්ම  "පිරිසිදු" කිරීම සිදු කරන ලදී. අවසානයේදී, රොබෝටික් (කෘත්‍රිම) ශබ්දයන් විසින්  0 සහ 9 අනුපිළිවෙලින් නිවැරිදිව  නැවත නැවත කියවීම සිදු විය.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/XtKHynSc4a0?t=10

0 comments:

Post a Comment