February 13, 2019

ලෝකය දැන් සෑම දිනකම පැය 6 යි විනාඩි 42 ක් මාර්ගගතව (online) සිටියි.


සමාජ මාධ්‍ය කළමණාකරන වේදිකාවක් වූ  Hootsuite සහ We Are Social නම් ඩිජිටල් අලෙවිකරණ ආයතනය එක්ව ඔවුන්ගේ වාර්ෂික ඩිජිටල් වාර්තාව නිර්මාණය කරමින් පසුගිය වසර පුරා ලෝකයේ අන්තර්ජාලය ඔස්සේ යොමුවිම්, ලුහුබැඳීම් සහ සෙවීම් පිළිබද තොරතුරු ඉදිරිපත් කර තිබේ. වාර්තාවට අනුව, 2018 වසරේ ලෝක ප්‍රජාව සාමාන්‍යයෙන් දිනකට පැය 6 කුත් විනාඩි 42 ක් අන්තර්ජාලය භාවිතා කරයි.

ඉහළම අන්තර්ජාල භාවිතා කරන්නා ලෙස ෆිලිපීන වැසියන් දිනපතාම පැය 10 ක් සහ විනාඩි 2ක්  අන්තර්ජාලයේ ගත කරමින් ලෝක ප්‍රජාවගේ සාමාන්‍ය භාවිතය වූ පැය 6 යි විනාඩි 42  ඉක්මවා ලොව වැඩිම අන්තර්ජාලය භාවිතා කරන්නා ලෙස "Top Internet User of 2018" සම්මානයට පාත්‍ර විය යුතු බව වාර්තාවේ සදහන් වේ.

දෙවන හා තෙවන ස්ථානයන්හිදී බ්‍රසීලය දිනකට පැය9 ක් සහ මිනිත්තු 29ක්ද තායිලන්තය දිනකට පැය 9 ක් සහ මිනිත්තු 11 ක්ද මාර්ගගත වේ. කෙසේවෙතත් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පිළිවෙලින් දිනකට සාමාන්‍යයෙන් පැය 6 ක් සහ තත්පර 31 ක් සහ පැය 5 ක් හා විනාඩි 46 ක් අන්තර්ජාලායා භාවිතා කරමින් මෙම ලේඛනයේ මැද ස්ථානයකට පත්ව තිබේ.

මෙම අන්තර්ජාල භාවිතයේදී අපේක්ෂා කළ පරිදි වැඩි කාලයක් සමාජ මාධ්‍ය සදහා  ගත කර ඇත. තවද ලෝක ප්‍රජාවගෙන් සියයට 45 කට දැන් අවම වශයෙන් එක් සමාජ මාධ්‍ය ගිණුමක් ඇති බව වාර්තාවෙන් හෙළි වී තිබේ. එය පසුගිය වසරට වඩා සියයට 9 ක වර්ධනයකි.

සමාජ මාධ්‍ය සඳහා වැය කරන කාලය අනුව, ලෝක ප්‍රජාව ඒ සදහා සාමාන්‍යයෙන් දිනකට පැය 2 ක් සහ විනාඩි 16 ක් ගත කරන අතර  කොතැනද යන්න මත වෙනස්කම් රැසක් පවතී. නිදසුනක් වශයෙන් ෆිලිපීනය, සමාජ මාධ්‍යවල සාමාන්‍යයෙන් පැය 4 ක් සහ විනාඩි 12 ක් ගත කරයි. ජපානය ඒ සදහා වැය කරනුයේ සාමාන්‍යයෙන් මිනිත්තු 36 ක් පමණි. එසේවුවද වඩාත්ම පිවිසූම් සහිත වෙබ් අඩවි 5 (“Top 5) අතර Facebook (ෆේස්බුක්) සමාජ මාධ්‍ය තිබෙන අතර Top 5 වෙබ්අඩවි අවරෝහන පිළිවෙලින් ගූගල් (Google), යූටියුබ් (Youtube), ෆේස්බුක් (Facebook), බයිඩු (Baidu ) සහ විකිපීඩියා (Wikipedia) වේ.

වැඩි පිරිසක් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාකරන විට ලෝකය තව තවත් සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ වාර්තාව තව දුරටත් අවධාරණය කරයි. පසුගිය වසරේදී විශාලතම වර්ධන වේගයක් අත්පත් කරගත් ඉන්දියාව, අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 21% ක වර්ධනයක් දක්වා තිබේ. මේ අතර, වඩාත්ම දුරස්ථ රට ලෙස උතුරු කොරියාවේ අන්තර්ජාල ප්‍රවේශය අතිශය සීමිත වන අතර ඒ සදහා විශේෂ අවසරයක් ලබා ගත යුතු බවත් 2018 දී උතුරු කොරියාවෙහි අන්තර්ජාල භාවිතා කරන්නන් සංඛ්‍යාව 20,000 ක් පමණ වූ බවත් වාර්තාවේ සදහන්ය. එමෙන්ම අප අවංකව වැඩිවීම ගැන සැලකිලිමත් විම අත්‍යාවශ්‍ය නොවන බව ලන්ඩන් ආර්ථික විද්‍යා පීඨයේ (LSE) මාධ්‍ය හා සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියෙකු වන සෝනියා ලිවිස්ටෝන් (Sonia Livingstone) සීඑන්එන් (CNN) වෙත පවසා තිබේ.

වැඩ කිරීමේ පහසුව සදහා මෙම අන්තර්ජාල කාලය විශාල කොටසක් භාවිතා කර ඇති බවද පැහැදිලි කර තිබේ. (උදාහරණයක් ලෙස Uber යෙදුම,  රියදුරන් විසින් අඛන්ඩව  භාවිතා කිරීම අවශ්‍ය වේ) ඊට පසුව, රාජ්‍ය හා පරිපාලන ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීම නිසා පුද්ගලයෙකුට වඩා වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතය සිදු කරනු ලැබීම, තවත් දායක සාධකයක් විය හැකිය.

විවිධ රටවල දේශීය රාජ්‍ය ආයතන ඇතුළු  සී.අයි.ඒ. Factbook, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව සහ එක්සත් ජනපද සංඛ්‍යාලේඛන ආයාතන විසින්ද මෙවැනි සමීක්ෂණය සිදුකර ඇත.

අන්තර්ජාලය ඇසුරින් සකස් කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment