February 22, 2019

මදුරුවෝ, ආහාර පත්‍ය ඖෂධ භාවිතා කරන මිනිසුන්ට අකමැතිද?


පර්යේෂකයන් තරබාරුකම සඳහා මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කළ ඖෂධවලින් මදුරුවන් පෝෂණය කළේය. ඉන්පසු මදුරුවන්, උන්ගේ ඊළඟ ආහාරවේල සදහා  මිනිසුන් දඩයම් කිරීමට ඇති උනන්දු අඩුවූ බව වාර්තාවේ.

Aedes aegypti විශේෂයේ ගැහැණු මදුරුවන්ට ඔවුන්ගේ බිත්තර නිසි ලෙස වර්ධනය කිරීම සඳහා අපගේ ප්ලාස්මා හි අඩංගු පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. ඔවුන්ගේ පිපාසය නොසන්සිදෙන බවක් පෙනෙන්නට තිබුණත්, මෙම ගැහැණු මදුරුවන් රුධිරය ප්‍රමාණවත් තරම් උරා බීමෙන් පසුවද අපගේ රුධිරය රස කිරීමට කාලය ගත කරයි. ලේ  උරාබිමෙන් පසුව උන්ගේ ශරීරයේ බර දෙගුණයක් වන අතර දින කිහිපයක් යනතුරු නැවත මිනිසුන්ගේ ලේ උරාබීමට උනන්දු නොවේ.

මදුරුවාගේ රාත්‍රී ආහාරයෙන් පසුව වූ ප්‍රතිප්‍රාප්ති අධියරේදී, මදුරුවන් තමන් ආහාර ගෙන ඇතැයි යන සිතුවිල්ලෙන් රැවටීමට නිව්යෝක් හි   Rockefeller (රොක්ෆෙලර්) විශ්ව විද්‍යාලයේ පශ්චාත් ආචාර්ය පර්යේෂක Laura Duvall (ලෝරා ඩුවොල්) සහ ඇගේ කණ්ඩායම උත්සහ කළෝය. ජාන විද්‍යාව, ස්නායු විද්‍යාව සහ හැසිරීම් අධ්‍යනය කරන Leslie Vosshall  (ලෙස්ලි වොස්සාල්) ගේ පර්යේෂණාගාරයේ ඩුවොල් වැඩ කළ බැවින් වොස්සාල් “අපේ අදහස වූයේ මිනිසාගේ ආහාර ගැනීමෙන් ඉවත් කළ හැකි ඖෂධ සමහරවිට මදුරුවන් ආහාර ගැනීමෙන් වළක්වනු ඇතැයි." යැයි ප්‍රකාශ කළේය.

තරබාරුකම සඳහා මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ලද ඖෂධ මදුරුවන් පානය කළ විට, උන් ඊළඟ මිනිස් ආහාර දඩයම් කිරීමට උනන්දු නොවුණු බව රොක්ෆෙලර් පර්යේෂකයින් හඳුනාගෙන තිබේ. එහෙත් ආහාර පත්‍ය ඖෂධවලට ඇත්ත වශයෙන්ම මදුරුවා ක්‍රියාකරන ආකාරය තේරුම් ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය.

එමනිසා මෙම ආහාර බෙහෙත් එකිනෙකට සම්බන්ධ වී ඇති receptor (ග්‍රාහක) ප්‍රෝටීන වෙන් කරන ලදි. NPYLR7 නමින් හඳුන්වන ග්‍රාහකයා, මිනිසුන් තුළ කුසගින්න පාලනය කරන ග්‍රාහකයාට බොහෝසේ සමානය. මෙම NPYLR7 ග්‍රාහකය මදුරුවන්ට ලබා දුන් විට, ඖෂධය කෘමීන්ගේ ආහාර රුචිය තවදුරටත් නැති කළ බැවින් නිවැරදි ප්‍රතිග්‍රාහකයක් ඇති බව පර්යේෂකයෝ දැන ගත්හ. මෙම සොයාගැනීම පර්යේෂකයෝ Cell සඟරාවේ විස්තර කර ඇත. ඇත්ත වශයෙන්ම,වෙනස් වූ මදුරුවන් සියල්ලම අතෘප්තිමත් විය. එබැවින් npylr7 විකෘතිය සැබවින්ම පුදුම එලවන සුළුය. මදුරුවන් විශාල ලෙස රුධිර ආහාර ගැනීමෙන් පසුව පවා මිනිස් රුධිරය පිපාසයෙන් පසු වුහ.

පර්යේෂණ තවදුරටත් ක්‍රියාත්මක විය යුතුය. එහෙත් ඩෙංගු හා කහ උණ වැනි මදුරුවන් විසින් බෝකරන  රෝග පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රවේශයක්  නව ක්‍රමයෙන් සැපයිය හැකි වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර  

0 comments:

Post a Comment