June 10, 2014

බද්ධ කිරීම සඳහා පපුවේ මුහුණ වැවීම.

චීනයේ ෆුජියන් පළාතේ ෂු ජියැනිමි දැරිය වයස අවුරුදු 05 දී ගින්නකට මැදිවීමෙන් ඇයගේ මුහුණ පිළිස්සීම නිසා විකෘ සහ බාධිත විය. ඇයට අවශ්‍ය සම බද්ධ කිරීමේ ප්‍රතිකාර ලබා දීමට දුගී බව නිසා ඇගේ දෙමාපියන්ට නොහැකි වී තිබේ. වයස අවුරුදු 16 වන තෙක් ඇයට කණ්නාඩියෙන් මුහුණ බැලීමට අපහසු විය. නිකට ඇහිබැම හා දකුණු කණේ කොටස් අහිමි වී තිබුණි.


2012 වසරේදී වෛද්‍යවරු විසින් ලබා දුන් අවස්ථාවෙන් ඇයගේ ජිවිතය නොසිතූ විරූ ලෙස වෙනස් විය. මුහුණ සඳහා ප්‍රමාණවත් වනසේ අවශ්‍ය සම නිපදවීම (වගා කිරීමට) ක්‍රමයක් වෛද්‍යවරු යෝජනා ළෝය. එහිදී ඇගේ කකුලෙන් ලබා ගත් රුධිරවාහිනී වලිකාව ඇගේ පපු ප්‍රදශයේ තැන්පත් කර වර්ධනය කරන ලදී. පපු ප්‍රදශයේ ආරක්ෂිතව සම වැඩීම සඳහා බැලුමක් (balloon) පපුවට සම්බන්ධ කර තිබේ. බද්ධ කිරීමට සුදුසු ලෙස සමේ වැඩීම සහතික කිරිමට වෛද්‍යවරුන් මාස 07 ක කායක් විශේෂ අවධානයෙන් කටයුතු කර තිබේ.
පසුගිය ඔක්තෝම්බර් 14 වැනි දින පැය 08 ්ඝ ශල්‍යකර්මයකන් ඇයගේ මුහුණ ප්‍රකෘති තත්වයට පත් කරන ලදි. ඒ සඳහා පපුවේ වැඩු සම සම්පූර්යෙන් භාවිතා කර තිබේ. ශල්‍යකර්මය නිසා ඉදමුම සහිත බවක් දනට දක්නට ලැබුණද එය කෙටිකාලයකින් පහ න බව වෛද්‍යවරු ප්‍රකාශ කරති. අවුරුදු 11 ක් මුහුණ  දැකීමට අකමැතිව සිටි ඇයට දැන් සමාන්‍ය තරුණ ජීවිතයක් ගත කහැකිය. ලැජ්ජාවෙන් රතු වන තරුණියකුගේ මුහුණ ඇය තුලින්ද දිස්වනු ඇත.

මෙවැනි ප්‍රතිකර්ම තාක්ෂණයන් මඟින් ෆජියෑන් පළාතේම විසිදෙවැහැරදී පුද්ගලයකුට නාසයක් පසුගිය මාසයේ දී බද්ධ කිරීම සඳහා ප්‍රතිකාර ආරම්භ කර තිබේ. ඔහුගේ නලලේ ,නාසය හොඳින් වැඩෙමින් පවතන බව වෛද්‍යවරු සතුටින් ප්‍රකාශ කරති. දරුණු වාහන අනතුරකින් ඔහු අහිමී වි ගිය නාසය ළඟදීම නැවත ස්ථාපනය කළ හැකි වනු ඇත.එවිට ඔහුටද නැවත සාමාන්‍ය ජීවිතයක් ගතකළ හැකි වේ.චීනයේ මෙවැනි ශල්‍යකර්ම 10ක් පමණ දැනටමත් සිදුකර තිබේ.

උපුටාගැනීම :-
Teenage girl in china grows new Face on her Chest by Lisa Winter
http://www.youtube.com/watch?v=Nd2hDmu9gro

0 comments:

Post a Comment