June 25, 2014

අලුත්මතාලේ රෝද තුනේ යතුරු පැදියක්

ඇමරිකාවේ උතුරු කැරොලිනාවේ ඩර්හැම්හී වාහන නිෂ්පාදන ආයතනයක සේවය කරන නිර්මාණකරුවෙක් ජෝ විල්කොක්ස් අලුත් තාලේ ආරක්ෂිත රෝද දෙකේ මෝටර් සයිලක් හදුන්වා දී තිබෙනවා. රෝද තුනක් භාවිතා කර නිර්මාණය කර ඇති මෙම මෝටර් සයිලකලය තී‍්‍රවීල් එකට වෙනස් වන්නේ මේකට තියෙන රෝද දෙක තියෙන්නෙ ඉස්සරහින්. තනි රෝදෙ පස්සෙන්. හරවන්නේ රෝද දෙකෙන්. රෝද දෙකේ මෝටර් සයිලකයට වඩා මේක ආරක්ෂා සහිතයි. වංගු ගන්න කොට ලේසියෙන් පෙරළෙන්නෙ නැහැ.

මේ අපූරු රිය නම් කරල තියෙන්නෙ ස්වේ’ (Sway) කියලයි. විදුලි බැටරියකින් කි‍්‍රයා කරන මෙය වරක් චාජ් (ආරෝපණය) කළා ම සැතැපුම් 30ක් එනම් කිලෝමීටර් 48ක් ගියෑකි. හැබැයි මේ ස්වේ ට‍්‍රයික් රියේ උපරිම වේගය පැයට සැතැපුම් 40ක්, එනම් පැයට කිලෝමීටර් 64ක් විතරයි. 

මේ ස්වේ ට‍්‍රයික් රිය පදවන්න පුහුණු වීමක් අවශ්‍ය නැහැ.

නිර්මාතෘ විල්කොක්ස් එහි මහ මඟ ධාවනය ගැන කියන්නේ මෙහෙමයි: මෙය සැලසුම් කර ඇත්තේ පදවන්නාට විශේෂ ආරක්ෂාවක් සැලසෙන පරිදියි. එපමණක් නොව මෙය පදවා ගෙන යාම ද ඔහුට විශාල පහසුවක් වේවි. සාමාන්‍ය මෝටර් සයිකලයක් වගේ පෙරළීමේ අවදානමක් කොහෙත් ම නැහැ

රෝද දෙකේ මෝටර් සයිකල පැදවීම කෙතරම් විනෝදජනක වුනත් එහි පෙරළීමේ අවදානම වැඩියි. මේ නව රිය මගින් ඒ අවදානම සම්පූර්ණයෙන් ම ඉවත් වෙනවා. මෙය පැදවීමේ දී වංගු ගැනීම බියෙන් තොරව කළ හැකියි. අනිවාර්යයෙන් ම මෙය පදවන්නාට ආස්වාදයක් වේවි.ඔහු වැඩිදුරටත් කියනවා.

මෝටර් සයිකල් පදවන අයට පුහුණු වෙන්නත් මෙය කදිම වාහනයක්.
මෙහි දෙපස ඇති පැදි දෙකෙන් තමා වංගු ගැනීමේ දී පදින්නා සම බරව තබා ගන්නේ.මේ රිය ඇතුළත් වන්නේ මහ මග නීත්‍යානුකූලව     පැදවිය හැකි මෝපෙඞ් පන්තියේ වාහන අතරටයි.
මෙහි තවත් සුවිශේෂත්වයක් තියෙනවා. එනම් මෙය මඩ මත හෝ හිම මත හෝ අයිස් මත එරීමක් හෝ ලිස්සා යාමක් හෝ නොමැතිව පදවා ගෙන යා හැකිවීමයි.මේක මගේ සිහිනයක්. මට මේ වගේ වාහනයක් පදවන්න හිතුණා. ඒත් මෙවැන්නක් වෙළඳ පොළේ තිබුණේ නැහැ. ඒ නිසා මට ම මෙය සැලසුම් කරන්න සිදු වුණා. දැන් සියලූ අත්හදා බැලීම් කර අවසන්. ළඟදී ම මෙය වෙළඳ පොළට දාන්න හැකි වේවි.විල් කොක්ස් වැඩි දුරටත් කියනවා.

0 comments:

Post a Comment