June 23, 2014

ආහාර ඇසුරුම්වල සදහන් මොනවද මේ E - අංක?


වෙළදපොලේ තිබෙන පාට පාට ආහාර වර්ගවලට අපේ නෙත සිත ඇදිලා යන්නේ නිරායාසයෙන්. කොහොමද මේ ආහාරවලට විවිධ වර්ණයන් ලබාදෙන්නේ. ඒ විවිධ වර්ණක යොදා ගැනීමෙනුයි.

මෙම වර්ණක සදහා ජාත්‍යන්තර ශ්‍රේණිගත අංකයක් ලබා දී තිබෙනවා. ඒ තමයි E - අංකය. E ශ්‍රේණිගත පරාසය E – 100 සිට E – 180  දක්වා ලබාදී අවසන්. ආහාර වර්ණක දෙයාකාරයක් දැකිය හැකියි. එනම්, කෘතිම වර්ණක සහ ස්වාභාවික වර්ණක ලෙස. ආහාර වර්ණ ගැන්වීමට, රස ගැන්වීමට සහ සුගන්ධවත් කිරීමට යොදාගනු ලබන කෘතිම රසායනයන් බොහොමයක් නිපදවනු ලබන්නේ ගල්අගුරු තාර (Coal tar) රසායනයෙනි. ඒවා අධික පිළිකා කාරක(Carcinogenic) වගේම රෝග බොහොමයක් සදහා හේතුවන බව සොයාගෙන තිබෙනවා.

කෘතිම වර්ණක යම් ආහාරයක අඩංගු කළහැකි උපරිම ප්‍රමාණය වනුයේ ආහාරයේ හෝ පානයේ බරින් කිලෝග්රූමයට මිලි ග්රූම් 100ක් පමණයි. බොහෝ රටවල් ඒවා භාවිතය සදහා දැඩි සීමා පනවා තිබෙන අතර ඇතැම් රටවල් කෘතිම වර්ණක සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එමෙන්ම ලංකාව තුල භාවිතා කිරීමට අවසර ලැබෙනුයේද කෘතිම වර්ණක 08ක් පමණයි.
අනුමත කෘතිම ආහාර වර්ණක සහ E ශ්‍රේණිගත අංක
අනු අංකය
වර්ණකය
වර්ණකයේ පොදුනාමය
E ශ්‍රේණිගත අංකය
1
රතු
Carmosine (කාමොසින්)
E-122
2
රතු
Poncean 4R (පොන්සීන් 4 ආර්)
E-124
3
රතු
Erythroseine  (එරිත්‍රොසීන්)
E-127
4
නිල්
Indigo Carmine/Indigotine
(ඉන්ඩිගෝ කාමයින්/ඉන්ඩිගෝටයින්)
E-132
5
නිල්
Brilliant Blue (FCF) (බ්‍රිලියන්ට් බ්ලූ)
E-133
6
කොල
Green S (ග්‍රීන් එස්)
E-142
7
කහ
Tatrazine (ටාට්‍රසින්)
E-102
8
කහ
Sunset Yellow (සන්සෙට් යෙලෝ)
E-110

ස්වාභාවික ආහාර වර්ණක
ශාක මුලාශ්‍රවලින් උකහා ගන්නා ස්වාභාවික ආහාර වර්ණක මගින් ශරීරයට අහිතකර තත්ත්වයන් ඇති නොවන අතර ශ්‍රී ලංකාව තුළ භාවිතය සදහා අනුමත කර ඇති ස්වභාවික වර්ණක පහත සදහන් පරිදි දැක්විය හැකියි.

අනුමත ස්වභාවික වර්ණ ගැන්වීමේ ද්‍රව්‍ය

අනුමත ස්වාභාවික වර්ණ ගැන්වීමේ ද්‍රව්‍යය
E ශ්‍රේණිගත අංකය
01
Curcumine - ඇතැම් මාගරින් වර්ග
E.100
02
Cochineal (Carminic  acid) ඇතැම් මත්පැන් වර්ග
E.120
03
Chlorophyll
E.140
04
Caramel
E.150 b
05
Carotene (alpha beta or gamma) (From Carrots) චීස් සදහා අනුමත වර්ණකයකි
E.160 a
06
Annatto (From the reddish seed of a tropical tree) චීස් සදහා අනුමත වර්ණකයකි
E.160 b
07
Capsanthin or Capsorubin
E.160 c
08
Licopene
E.160 d
09
Beta-apo-8` Cartenal
E.160 e
10
Methyl or ethyl ester of beta apo-8` Carotenoic acid
E.160 f
11
Flavoxanthin
E.161 a
12
Beetroot red (Betanin)
E.162
13
Anthocyanin
E.163

සෞඛ්‍යාරක්ෂාව අගයන ඔබ කළයුත්තේ කුමක්ද?
ü  හැකිතාක් දුරට වර්ණ ගැන්වූ ආහාර පරිභෝජනයෙන් වැලකී සිටීම.
ü  ස්වභාවික වර්ණ මගින් වර්ණ ගැන්වූ ආහාර තෝරාගැනීම.
ü  දිලිසෙන සහ තද වර්ණ සහිත ආහාර ප්‍රතික්ෂේප කිරීම.
ü  ආහාර මිලදී ගැනීමේදී ලේබලය හොදින් කියවීම.

0 comments:

Post a Comment