June 24, 2014

එක් වරක් පුරවා සැතපුම් 25000 ක් ගමන් කල හැකි මෝටර් රථයක්

එක් විදුලි පිරවුමකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන් ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති මෝටර් රථයක් ප‍්‍රංශ සිසුන් පිරිසක් විසින් නිෂ්පාදනය කර ඇත.කාබන් තන්තුවලින් තනා ඇති මේ කාරය නම් කර තියෙන්නෙ මයික්‍රෝජූල් (Microjoule) කියලයි.  කිලෝ ග්‍රෑම් 35ක් බර මෙම කාරයට ලන්ඩනයත් මැන්චෙස්ටර් නගරයත් අතර ඇති කිලෝමීටර 320ක දුර යන්න පැන්ස 12ක් මුදලක් විතරයි වැය වෙන්නෙ.ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහනය තෝරන්න යුරෝපීය ෂෙල් සමාගම පැවැත් වූ ඉකෝ-මැරතන් තරගයෙන් දිනුවේ මේ සුපිරි සැහැල්ලූ මොටෝරියයි.                        .                                   

ප‍්‍රංශ සිසුන් පිරිසක් තැනූ මේ මයික්‍රෝජූල් කාරෙකෙන් එක ඉන්ධන පිවුමකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන්. ඒක හරියට පෘථිවියේ නිරක්ෂය වටා යන තරම් දුරක්.
නෙදර්ලන්තයේ රොටර්ඩෑම්වල ධවන පථයක පරීක්ෂණ ධාවනයකින් පසු විනිසුරුවන් මේ කාරයට ලීටරයකින් කිලෝමීටර 3,330ක් එනම් ගැලූමකින් සැතැපුම් 9,400ක් දුර යා හැකි බව සහතික කළා.එනම් සැතැපුම් 24,901ක දුරක් ඩොලර් 26ක් වැනි මුදලක ඉන්ධනවලින් යා හැකි බවයි. මේ මයික්‍රෝජූල් කාරය තනා ඇත්තේ බටහිර ප‍්‍රංශයේ නැන්ටේවල පිහිටි ලා ජොලිවරි විදුහලේ (La Joliverie College) සිසු පිරිසක්.

මේ මෝටර් රථය ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගත්තේ උසින් අඩුකමත් වායුවට ප‍්‍රතිරෝධය අඩුවීමත් නිසයි. එහිදී ඇතිවන පහසුවෙන් ඇදී ගුණය නිසා නිදසුනක් වශයෙන් ඔබ රථය නැවැත්තුවද රෝදය තව ටිකක් වේලා නොනැවතී දුවනවා.

මයික්‍රෝජූල් කාරෙකක බර කිලෝ ග්රෑම් 35 (රාත්තල් 77) යුරෝපයේ සාමාන්‍ය පවුලේ මොටෝරියකට වඩා 33 ගුණයක් සැහැල්ලූයි. චැසිය තනා ඇත්තේ තාබන් තන්තුවලින්. ඒ නිසා සැහැල්ලූ වගේම සවිමත් බවෙනුත් වැඩියි. එහි හැඩය වතුර බින්දුවක් වාගෙයි. ගගන විද්‍යාත්මකව තනා ඇති නැහැය කොටස වර්ග අඩි 3.3ක්. මේ කාරය සැලසුම් කර ඇත්තේ පැට්රල් හෝ එතනෝල් වලින් ධාවනය කර විය හැකි විධියටයි



උපුටා ගැනීම- http://www.odditycentral.com/auto/french-students-invent-car-that-runs-for-2000-miles-on-a-single-liter-of-fuel.html

0 comments:

Post a Comment