June 16, 2014

පදිකයින්ට ස්වයංක්‍රීය මාර්ගෝපදේශකයෙක්


ගමනාන්තයට ළඟාවීම සඳහා දුරස්ථ හා ආපසු හැරීම් නොමැති කෙටි මාර්ග පිළිබඳව පැහැදිලි උපදෙස් ලබාදීමට මාර්ග සලකුණු වලට හැකිනම් පදිකයින්ට GPS පහසුකම් සහිත යන්ත්‍ර නිරතුරුව භාවිතය අවශ්‍ය නොවේ. එවැනි යන්ත්‍ර සඳහා වියදම් දැරිය යුතු නැත. එම අර්ථයෙන් ඉදිකරන නොලද නමුත් පදිකයින්ගේ නව ස්වයංක්‍රිය මාර්ගෝපදේශකයාට පදිකයා යායුතු ඕනෑම ස්ථානයක දිශාව පැහැදිලිව සහ ක්ෂණිකව ලබා දිය හැකිය.

ස්වයංක්‍රිය මාර්ගෝපදේශනය සහිත නවතම මාර්ග සළකුණු කුළුණක් Breakfast NY විසින් මෑතකදී විවෘත කරන ලදි. Point smart street ලෙස හැඳින්වෙන එය රොබෝ තාක්ෂණයෙන් උපයෝගී කරගෙන 3600c කෝණයකින් කැරකීමට හැකි ඊතල 3 කින් සමන්විතය. මේ සෑම කළු ඊතලයක්ම LED බල්බ 16000 කින් දීප්තිමත් වේ. එමඟින් විවිධ දුම්රිය ගමන් මාර්ග, විශේෂ ක්‍රියා කරම් (ක්‍රීඩා/උත්සව) යනාදිය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කෙරේ. ස්වයංක්‍රිය මාර්ගෝපදේශන සලකුණු කුළුණුට සම්බන්ධ යතුරුලියනය මඟින් හැම කෙනෙකුටම අවශ්‍ය තොරතුර කුමක්ද දැන්විය හැකි අතර ඊට අදාළ පිළිතුර සහ දිශා ඊතල මඟින් පෙන්නුම් කෙරේ.  ස්වයංක්‍රිය මාර්ගෝපදේශන සලකුණු කුළුණු වලට දිව්‍යලෝකයට ගමන් කළ යුතු දිශාව පමණක් දැනුම් දිය නොහැකි බව නිෂ්පාදකයෝ පවසති. වීඩියෝව නැරඹීමෙන් එහි ක්‍රියාකාරීත්වය පහසුවෙන් වටහාගත හැකිය.

මෙම නිර්මාණය ඔබට අවශ්‍ය මාර්ගය පමණක් නොව පුවත්පත් වල විශේෂිත පුවත් ඔබේ අවශ්‍යතාවය පරිදි නිරූපණය කරයි. ස්වභාවධර්මයෙන් එල්ලවෙන විවිධ බලපෑම් වලට මුහුණ දීමටද මෙම නව සලකුණු කුළුණු වලට හැකියාව තිබේ. ප්‍රධානම දුර්වලතාවය නම් ක්‍රියාත්මක වීමට වොට් 500ක විදුලි බලයක් අවශ්‍ය වීමයි. මෙමඟින් පදිකයින්ගේ GPS භාවිතයේ සීමාවීමත් ඇති වේදැයි අනාගතයේදී දැකගත හැකි වනු ඇත.

උපුටාගැනීම:
Points Smart street sign ensures you’ll never get lost again

0 comments:

Post a Comment