June 19, 2014

ඩෙංගු මාරාන්තිකයි

 රෝග කාරක වෛරස්වල දක්නට ලැබෙන සුවිශේෂී තත්ත්වයක් වන්නේ ඒ සදහා නිශ්චිත ඖෂධ ප්‍රතිකාර නොතිබීමයි. ඩෙංගු වෛරසයේද මේ තත්ත්වය වෙනසක් නොමැත. ඩෙංගු වෛරසයේ ප්‍රභේද 4 ක් දක්නට ලැබේ. එම හේතුව නිසා එක් පුද්ගලයෙක් සිව් වතාවකදී වුවද රෝගයට ගොදුරු වීමේ අවධානම ඇත.

ඩෙංගු වෛරසය ශරීර ගතවීමෙන් ඇති වන ප්‍රධාන රෝග ලක්ෂණය උණ ඇති වීමයි. ඊට අමතරව රෝගය සමග සබැදුනු හිසරදය , ඇගපත වේදනාව, වමනය, ඇගේ රත් පැහැ ලප ඇතිවීම දක්නට ලැබේ. එය සාමාන්‍ය වෛරස් රෝගයකදී දක්නට ලැබෙන රෝග තත්වයන් පෙන්නුම් කරන අතර දින 3 ත් 5 ත් වැනි කාලයේ දී රෝග ලක්ෂණ පහව ගොස් රෝගියා සුවපත් බවක් පෙන්වයි.
එහෙත් සමහර රෝගීන් ඩෙංගු රක්තපාත තත්වයට පත් වන්නට පිළිවන 
ඩෙංගු රක්තපාත උණ ලක්ෂණ
  •   හම යට කුඩා රතු පැල්ලම් මතු වීම.
  •  ඇස් රතු වීම.
  •   නාසෙන් ලේ ගැලීම.
  •  මළ මුත්‍රා සමග ලේ පිටවීම.
  • වීදුරු මස් වලින් ලේ ගැලීම
  •   වමනය හෝ මල කළු හෝ දුඹුරු පැහැ ගැනීම.
අනතුරු ඇගවීමයි ! ඩෙංගු රක්තපාත උණෙන් පෙලෙන රෝගියකුගේ උණ හිටි හැටියේ බැස යා හැකිය    එහෙත් රෝගියා
ඩෙගු වෛරසය ශරීරගත වී (ආසාධිත මදුරුවෙකු දෂ්ඨ කිරීමෙන් පසු) දින 5 – 7 ත් වැනි කාල සීමාවකදී රෝග ලක්ෂණ පහල වීම දක්නට ලැබේ. මෙහි ප්‍රධාන මෙන්ම පොදු රෝග ලක්ෂණය වන්නේ උණ ඇතිවීමයි. ඊට අමතරව හිස කැක්කුම, මාංශ පේෂිවල වේදනාව, හන්දිපත් වේදනාව හා වමනය වැනි රෝග ලක්ෂණ ද ඇති වේ. සමහර පුද්ගලයන්ට උණ සමග රෝග ලක්ෂණ එකක් දෙකක් ඇති විය හැකි අතර සමහරක් පුද්ගලයන්ට රෝග ලක්ෂණ සියල්ලම දැකිය හැකිය. එම හේතුව නිසා ඩෙංගු රෝගය ගැන සැක කටයුතු අවස්ථාවකදී වඩාත් අවධානයෙන් යුතුව කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.
බොහෝ අවස්ථාවලදී මුල් දින කිහිපයේ කුඩා දරුවන් නම් නොරිස්සන සුලු බවක් පෙන්නුම් කරන අතර එම හැසිරීම් රටාව ඩෙංගු රෝගය පිළිබදව යම් ඉගියක් ලබාදෙයි. මෙහිදී අවධානය යොමු කල යුතු වැදගත් කරුණක් වන්නේ ඩෙංගු රෝගය ඇති වී මුල් දින කිහිපය තුලදී රෝගයට සම්බන්ද විශේෂිත වෙනස් කම් රුධිරයේ දක්නට නොලැබීමයි. එම හේතුව නිසා රසායනාගාර පරීක්ෂණයකින් වෛරසය පිළිබද හදුනා ගැනීමක් සිදුකල නොහැකියි.
සාමාන්‍ය ඩෙංගු වෛරසය ශරීරගත වී දින 2 ½ කට වඩා වැඩි කාලයක් ගතවන තෙක් මේ සදහා පරික්ෂණ කිරීම අනවශ්‍ය කරුණක් ලෙස සැලකිය හැකිය. එසේම පරීක්ෂණ සදහා නිශ්චිත දින ගණන පිළිබදව සැලකීමට පැය 24 ක කාලය ගණනය කිරීම අත්‍යවශ්‍ය වේ.
දරුවෙකුට උණ තදින්ම පවතින විට එය සාමාන්‍ය තත්වයට පත් කර ගැනීමට පැරසිටමෝල් ඖෂධය ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි. එය වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමට කටයුතු කිරීම වැදගත් වේ. උණ තදින්ම ඇති විට දරුවන්ගේ ඉකිලි, කිහිලි ප්‍රදේශ සිසිල් ජලයෙන් තෙමීමද උණ පහල මට්ටමට ගෙන ඒමට උපකාරි වේ. දරුවන්ගේ පෝෂණ තත්වයන් වඩාත් යහපත් තත්වයෙන් පවත්වාගෙන යාමද අත්‍යවශ්‍ය වේ. මෙහිදී දරුවාගේ අවශ්‍යතාවය අනුව ඝණ ආහාර ලබාදීම වරදක් නොවන අතර ආහාර ලබාදීමේදී උණ ඇති අවස්ථාවලදී ආහාර ලබාදීමට කටයුතු නොකල යුතුයි.දරුවෙකු ඩෙංගු රෝගයෙන් පෙලෙන අවස්ථාවලදී ආහාර හා පළා වර්ග ලබාදෙන විට විශේෂයෙන් අවධානය යොමු කල යුතු කරුණක් වන්නේ රතු දුඹුරු පැහැති ආහාර කිසිදු විටෙක ලබා නොදීමට කටයුතු කිරීමයි.ඩෙංගු රෝගීන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට රුධිර වහනයක් සිදුවිය හැකි නිසා ඒ පිළිබදව අවධානයෙන් පසු වීම වඩා වැදගත් වේ. සමහර අවස්ථාවලදී ඩෙංගු පරීක්ෂණයේදී අමාශයටද රුධිර වහනය සිදුවන අතර  අනෙක් දෙය වමනය සහ මල සමග පිටවීමේදී අහාරවල එම පැහැය නිසා ඒ පිළිබද යම් ගැටලු සහගත  තත්වයක් ඇති වේ.
ප්‍රතිකාර
දරුවන්ට උණ වැලදී දින 2 ක් 2 ½ ක කාලය තුලදී සාමාන්‍ය තත්වයක පවතී නම් ඒ සදහා අවශ්‍ය ප්‍රතිකාර නිවසේ සිට සිදුකල හැක. සාමාන්‍ය උණ පාලනය සදහා පැරසිටමෝල් ඖෂධය ලබාදීමත් එය නිසි පරිදි පාලනය වන්නේ නම් එය වෛරස් බලපෑමක් නිසා ඇති වන උණ තත්වයක් ලෙස සිතිය හැක. එසේම දරුවන් ආහාර කෙරේ දක්වන රුචිය, විශේෂයෙන් දියර ආහාර ලබාගැනීම මෙන්ම මුත්‍රා පිට කිරීම නිසි පරිදි  සිදු කරන්නේ නම් එය කලබල විය යුතු තත්වයක් නොවේ. මෙවැනි අවස්ථාවක ලබාදිය යුතු ප්‍රතිකාර  නිවසේ සිටම ලබාදිය හැකි අතර දින 2 ½ ක කාලයක් ගතවීමත් සමග අදාල රුධිර පරීක්ෂණ සිදුකර ගැනීමටද වෛද්‍ය උපදෙස් ලබාගැනීම සිදුකල යුතුය.
ඩෙංගු රෝගයට නිශ්චිත ප්‍රතිකාර නොමැති නිසා රෝගය සමග බැදුනු සංකූලතා අවම කිරීමටත් පරිවෘත්තිය ක්‍රියාවලින් නිසි පරිදි සිදු කිරීමට අවශ්‍ය සත්කාර හා පහසුකම් රෝගියාට ලබාදිය යුතුයි. මුල් දින කිහිපය විවේකය ලබාදීම, ද්‍රව වර්ග ලබාදීම ඉතා අත්‍යවශය කාරණයකි.
එහෙත් මුල් දින කිහිපය තුළ දරුවන් සාමාන්‍ය උණ රෝගයේදී දැකිය නොහැකි සංකීර්ණ තත්ත්වයක් ප්‍රකට කරන්නේ නම් වහ වහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
·         උණ සෑදුනු මුල් දින කිහිපය දරුවා නිතර නිදිබර ගතියෙන් පසු වූ විට.
·         නොකඩවා වමනය ඇති විට හා වමනය සමග රුධිරය පිටවීම.
සාමාන්‍ය දින 3 – 5 අතර කාලයක් ගතවීමත් සමග ඩෙංගු රෝගය ආශ්‍රිත සංකූලතා තත්ත්වයක් ඇතිවීම ආරම්භ කෙරෙන අතර එය ක්‍රමයෙන් වඩාත් තීව්‍ර තත්වයට පත් වේ.
ඩෙංගු රෝගයේ සංකූලතා
  • ·         රුධිර සංසරණය අඩාල වීම.
  • ·         මුත්‍ර පිටකරන වාර ගණන හා මුත්‍ර ප්‍රමාණය අඩුවීම.
  • ·         අක්මාවේ විවිධ සංකීර්ණතා තත්ත්වයන්.
  • ·         රුධිර පට්ටිකා අඩුවීම හා ඒ සමග රුධිරය වහනය වීම.
ඩෙංගු වලක්වා ගැනීමට නම්
  • ·        සතියකට වරක් නොකඩවා ඔබේ පරිසරය ගැන සැලකිලිමත් වී පිරිසිදු කර ගැනීම.
  • ·         මදුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා ජලය ඉවත් කිරීම හා පිලිසතර කිරීම.
  • ·         ප්ලාස්ටික් බදුන්, ටින්, බෝතල් හා පොල් කටු වැනි දේ ජලය නොරැදෙන සේ තැබීම.
  • ·         වැහි පීලිවල සහ කොන්ක්‍රීට් වහලවල ඇති ජලය ඉවත් කිරීම.
  • ·         ජලය බැස යාමට ක්‍රමයන් සකස් කිරීම.
  • ·         ජල ටැංකි, බූලි, පයිප්ප ආදියට මදුරුවන් ඇතුලු විය නොහැකි පරිදි  වසා තැබීම.
  • ·         පක්ෂීන් නාන තටාක, මල් බදුන්, උද්‍යාණ අලංකරණ භාණ්ඩ සතියකට වරක් අතුල්ලා පිරිසිදු කිරීම.
  • ·         ගස්වල පත්‍ර අතර ජලය රැදෙන විසිතුරු මල් පැළ වර්ග වගා නොකිරීම.
  • ·         ගස් බෙණ, උණ පුරුක් වැනි දේ ජලය එකතු නොවන සේ  පවත්වා ගැනීම
විශේෂයි
  • උණ ගත් විට හැකි පමණ විවේක ගැනීම.
  •  කුඩා දරුවන් පාසල් යැවීමෙන් වලකින්න.
  •  ඇදට වී විවේක ගන්වන්න.
  •  දිවා කාලයේ ඇදට වී විවේක ගන්නා සෑම විටම මදුරු දැලක් භාවිතා කිරීම.
  •  වැඩියෙන් පාන වර්ග බීමට දෙන්න.
  •  ඇස්ප්‍රින් හෝ ඇස්ප්‍රින් අඩංගු බෙහෙත් වර්ග ගැනීමෙන් වැලකිය යුතුයි.
  •  පැරසිටමෝල් ලබාදීම උණ පවතින අවස්ථාවලදී පමණක් සිදුකරන්න.
  •  දින දෙකකට වඩා උණ පවතී නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න. http://www.dengue.lk/   - ආශ්‍රයෙන්

0 comments:

Post a Comment