June 6, 2014

අන්තර් ජාතික සාකච්ඡා සඳහා කෘතිම ක්ෂණික භාෂා පරිවර්තකයා


විවිධ භාෂාවලින් පළවූ විශිෂ්ඨ කෘති වෙනත් භාෂාවලට පරිවර්තනය වේ. ඕනෑම ලිපියක් ලේඛනයක් බොහෝ භාෂාවලට පරිවර්තනය ක්ෂනයකින් කිරීමට හැකි  මෘදුකාංග තිබේ. අපට ඉංශ්‍රීසි, හිංදි, ජර්මන්, ප්‍රංශ,දමිල, ස්පාඤ්ඤ වැනි බොහෝ භාෂාවලට ලිඛිත දේ කෘතිමව එකනෙහිම පරිවර්තනය කර ගැනීමට පහසුකම් සලසා තිබේ. එහෙත් සිංහල භාෂාව එම භාෂා අතර නොමැත. ඒ අතර මෙම පරිවර්තන වල භාෂාමය ගුණය ඉතා ඉහළ මට්ටමක නොමැති බවද පැවසේ .ලිඛිත දේ මෙසේ ක්ෂණිකව ස්වයංක්‍රියව(online/real time) පරිවර්තනය කළද ප්‍රකාශ/කථා කරන භාෂාව ඒ ක්ෂණයෙන් වෙනත් භාෂාවකට කෘතීමව පරිවර්තනය කිරීමේ නව තාක්ෂණයක් මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් හඳුන්වා දී තිබේ. දුරස්ථව සිටින පුද්ගලයින් ළග සිටින අය මෙන් අදහස් හුවමාරු (Real Time) කිරීමට Video Conference මඟින් හැකි වුවද ඒ සඳහා ඔවුන් සියළුදෙනාම දන්නා භාෂා පමණක් භාවිතා කළ හැකි විය. මෙම භාෂා බාධකය ඉවත් කිරීමට Skype Translator නම් නව මෘදුකාංගය සමත් වී තිබේ.

පසුගියදා කැලිෆෝනියා පැවති Code Conference (කේත සමුළුවේ)දී මෙම තාක්ෂණය එළිදක්වන ලදී. මයික්‍රොසොෆ්ට් ආයතනයේ පැවති එම ප්‍රදර්ශනයේදී මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක සත්‍යා සදෙල්ලා සහ උප සභාපති ගුරුදීප් පාල් වීඩියෝ දුරකථන ඇමතුමක් මඟින් ජර්මන් භාෂාවෙන් කථා කළ ඩයනා හෙන්රික්ස් සමග සංවාදයේ යෙදුණි. එක් අන්තයකින් ඉංශ්‍රීසි භාෂාවෙන් කෙරෙන ප්‍රකාශ  ක්ෂණයෙන් අනෙක් අන්තයෙන් ජර්මන් භාෂාවෙන් ඇසීමට සහ එයාකාරයෙන්ම ජර්මන් භාෂාවෙන් කෙරෙන ප්‍රකාශ ඒක්ෂණයෙන්ම ඉංශ්‍රීසි භාෂාවෙන් ඇසීමට හැකි බව එහිදී ප්‍රදර්ශණය කර ඇත. ලිඛිත පරිවර්තනයේදී මෙන්ම ප්‍රකාශනය කරන දේ ක්ෂණිකවම පරිවර්තනයේදීද සුළු දෝෂ සිදුවී තිබේ. මෙම පරිවර්තන දුරස්ථ ඉලක්ක සමඟ කෘතිමව හා ක්ෂණිකව ක්‍රියාත්මකත වීම මෙහිදී විශේෂයෙන් සැලකිය යුතුය.

මෙම තාක්ෂණය බොහෝ කාලයක සිට සංවර්ධනය කරමින් පැවති බව මයික්‍රොසොෆ්ට් ආයතනය ප්‍රකාශ කරයි.  මෙහිදී භාෂාව කථාකරන, ශබිද නගන විලාශයේ අසාමාන්‍යතා , නිරන්තරයෙන් අලුත්වන නව ව්‍යාවාහාරයන් මෘදුකාංගය නිර්මාණයේ යෙදුණු පරීක්ෂකයන්ට බොහෝ ගැටළු මතු කර තිබේ. එය හුදෙක් වචන වල අර්ථය ලබාදීම පමණක් නොවන බව පර්යේෂන කණ්ඩායමේ අරුල් මෙනසෙස් පවසයි. ස්පාඤ්ඤ වැනි භාෂා වල ව්‍යාකරණ බේද නිසා පරිවර්තනය වඩාත් අපහසුවී ඇත.

සර්ව සම්පූර්ණ නොවුනද අදාල අරමුණ ඉටුකර ගැනීමට ප්‍රමාණවත් ප්‍රගතියක් මෙම තාක්ෂණය අත්කරගෙන තිබේ. Skype Translator ඇතුළත් Windows මෘදුකාංගය පාරිභෝගිකයන්ට මෙම වසරේදී නිකුත් කිරීමට Microsoft බලාපොරොත්තු වේ. සෑම වසරකම මිලියන 300ක පමණ ජනතාවක් විදේශවල සිටින තම ඥාතීන් ,මිතුරන් ,ව්‍යාපාරිකයන් ,නොයෙක් ආකාරයේ ගණුදෙණු කරුවන් සමඟ කෙරෙන සංවාද සඳහා Skype Translator කෙතරම් දුරට භාවිතා කරනු ඇත්දැයි ඉදිරියේදී දැනගත හැකිවනු ඇත. එහිදී විවිධ භාෂාවලින් එකිනෙකා සංවාදයේ යෙදෙනු ඇත. Demonstration වීඩියෝව නරඹන්න.

උපුටාගැනීම:
Microsoft unveils Skype Translator to break down language barrier By Nick Lavars


0 comments:

Post a Comment