June 27, 2014

සුදු ලූණු ගඳ ප්‍රශ්නයක්ද?

අමිහිරි සුදු ලූණු ගඳ ඔබට අරුමයක් නොමැති බව නිසැකය. ගෙන්දගම් ( සල්ෆර්)  අඩංගු ප්‍රධාන සංයෝග  හතරක් එම දුර්ගන්ධයට හේතු කාරක වේ. සුදු ලූණු අනුභවයෙන් පසු එම සංයෝග රුධිරයට එකතු වී පෙනහළු හා දහඩිය ග්‍රහන්ථි හරහා සිරුරෙන් පිට වේ. නමුත් දුර්ගන්ධයේ තීවුරතාවය ඉන් මද කිදු අඩු නොවේ. පසු ගිය අ‍ප්‍රේල් මස ඔහියෝ(Ohio) රජයේ විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යාඥයන් පිරිසක් විසින් පල කළ ලිපියකින් සුදු ලුණු ග‍‍‍‍ෙඳ් අප්‍රසන්නත්වය හීන කරන හොඳම ආහාර හා පාන වර්ග පිලිබඳ අනාවරණයක් කෙරිණ. ඔබට ප්‍රයෝජනවත් ප්‍රායෝගික විසදුම් කීපයක් මෙසේය.



§  ඇපල් ගෙඩියක් කන්න
වාතයට නිරාවරනය වූ පසු කහට පිපෙන පළතුරු වල ඔක්සිකාරක එන්සයිමයක් අඩංගුය. එමගින් ආරම්භ වන රසායනික ක්‍රියාදාමයක් මගින් සුදු ලුණු වල අඩංගු දුර්ගන්ධ කාරක සල්ෆයිඩ අක්‍රීය කරයි.
§  ග්‍රීන් ටී එකක් බොන්න‍
ග්‍රීන් ටී වල බහුලව අඩංගු පොලිෆීනෝල්(polyphenols)  නැමැති ශාක රසායනික මගින් ඉහත කී ක්‍රියාදාමයට සමාන ආකාරයෙන් ක්‍රියාත්මක වී සුදු ලුණු වල අඩංගු දුර්ගන්ධ කාරක සල්ෆයිඩ සංයෝග  හතරම අක්‍රීය කරයි.
§  දොඩම් යුෂ ටිකක් බොන්න
PH අගය 3.6 ට අඩු ආම්ලික බීම වර්ග මගින් ඇලිනෝස්(Alliinase) එන්සයිමය විනාශ වේ. ඇලිනෝස් යනු සුදු ලුණු පොඩිවීමේදී එහි ඇති දුර්ගන්ධ කාරක සල්ෆයිඩ වල ක්‍රියාකාරිත්වය වැඩි කරන එන්සයිමයකි.
උපුටා ගැනිම :-  How To Cure Garlic Breath By Lindsey Kratochwill (Popular Science)

0 comments:

Post a Comment