ඇත්තෙන්ම එය එසේමද ?
නැත. එය 3D ඡායාරූපයකි.
1 රූපය             
3D යනු ඉංග්‍රීසි භාෂාවෙන්
 Three Dimensional ( 3 Dimensional ) , එසේ නැතහොත් ත්‍රිමාණ
යන වචනය සදහා භාවිතා වන කෙටි යෙදුමකි. මෙමගින් දිග , පළල සහ ගැඹුර යන මාන තුනෙහිම
එකතුවක් ඇතිවන පරිදි අදාල ඡායාරූපය හෝ වීඩියෝ දර්ශනය නිර්මාණය වේ.
2 රූපය 
ස්වභාවිකව පවතින සියලුම
වස්තුන් ත්‍රිමාණ ආකාරයෙන් පවතී. එබැවින් පියවි ඇසින් අප මේ දකින්නේ ඒ ත්‍රිමාණ වු
ලෝකයයි. ස්වභාව ධර්මයෙන් අපට ඇස් දෙකක් එකිනෙක වෙන්ව උරුම වී ඇති බැවින් එමගින්
ඕනැම වස්තුවක් දෙස බැලු පමණින් එහි ප්‍රමාණය දිග , පලළ , උස ( ගැඹුර ) , එම වස්තුව
හා අප අතර පවතින ඉඩ ප්‍රමාණය ගැන නිශ්චිත හා පැහැදිළි අවබෝධයක් අප තුල
නිරායාසයෙන්ම ජනිත කරවයි.
එසේ හෙයින් ඉහත 1 රූපය
සැලකීමේදී ස්වභාවයෙන්ම අපට එහි එය ද්විමාන බවකින් යුක්තව ( දිග , පළල ) පැහැදිළිව
දර්ශනය වෙයි. නමුත් 2 රූපය ඉන් වෙනස් වන්නේ ඇයි ?
ඇත්තෙන්ම එය තනි රූපයක්
සේ පෙනුනද එය වෙන වෙන ම ලබාගත් වර්ණ දෙකක ඡායාරුප දෙකක් එක් කර 3D ඡායාරුපයක් සේ දිස්වීමට
තනන ලද්දකි. 3D ඡායාරූපයක් නිර්මාණය සදහා නිල් සහ රතු වර්ණ භාවිතයෙන්
වෙන වෙනම සැකසු ඡායාරූප දෙකක් එක්කිරීමෙන් මෙම 3D නිර්මාණය සැකසේ .    ( තවද
මේ සදහා කොළ සහ රතු වර්ණ යුගලයද භාවිත වේ ) . මෙසේ හෙයින් පියවි ඇසට මෙම  ඡායාරුපය බොදවු ආකාරයෙන් දිස්වේ.
මේ ආකාරයෙන් නිර්මාණය කරගන්නා ලද 3D උපැස් යුවල මගින් 3D ඡායාරුපයක්
නියමාකාරයෙන් බලාගත හැකිවේ.                 
 මෙහිදී ඡායාරුපයේ නිල්
වර්ණයෙන් යුත් කොටස උපැස් යුවලේ රතු වර්ණ කාචයෙන්ද ඡායාරුපයේ රතු වර්ණයෙන් යුත්
කොටස උපැස් යුවලේ නිල් වර්ණ කාචයෙන්ද වෙන වෙනම ඇස තුල නාභිගතවී මිනිස් මොළය මගින්
ස්වභාවික ආකාරයටම ත්‍රිමාණ ආකාරයෙන් උක්ත ඡයාරුපය හදුනා ගනු ලැබේ.
 මෙහිදී ඡායාරුපයේ නිල්
වර්ණයෙන් යුත් කොටස උපැස් යුවලේ රතු වර්ණ කාචයෙන්ද ඡායාරුපයේ රතු වර්ණයෙන් යුත්
කොටස උපැස් යුවලේ නිල් වර්ණ කාචයෙන්ද වෙන වෙනම ඇස තුල නාභිගතවී මිනිස් මොළය මගින්
ස්වභාවික ආකාරයටම ත්‍රිමාණ ආකාරයෙන් උක්ත ඡයාරුපය හදුනා ගනු ලැබේ.
මෙම උපැස් යුවල
භාවිතයෙන් පැහැදිළි 3D ඡායාරුප මෙන්ම 3D රුපවාහිනී දර්ශනද
නැරඹීමේ අවස්ථාව ඹබට ඉතා පහසුවෙන් ලබා ගත හැක.                                                                                              
සැකසුම :         රුවන්
තඹවිට
විද්‍යා හා තාක්ෂණ
නිලධාරී






 



 
 
 
 
 
 
 
 
0 comments:
Post a Comment