June 20, 2014

කිකිළියද? බිත්තරයද?

ග්‍රීක යුගයේ සිට 21 වන සියවස දක්වා දාර්ශනිකයින් වික්ෂිප්ත කළ ප්‍රශ්නයක් ලෙස පළමුව පැමිණියේ (බිහිවූයේ) කිකිළියද? බිත්තරයද? යන ප්‍රශ්ණය සැළකිය හැක. මෙම ප්‍රශ්ණය වචනානුසාරයෙන්  සැලකුවිට  සරල වේ. බිත්තර දමන සත්ව වර්ගයන් බිහිවුයේ (පැවතුනේ) කුකුළා නැමති සත්වයාට පෙර සිටය. ඒ අනුව මුලින් පැමිණියේ බිත්තරයයි. නමුත් මෙම ප්‍රශ්ණය බිහිවුයේ කිකිළියද? කුකුල් බිත්තරයද? ලෙස ඉදිරිපත් කළ විට එය චක්‍රිය හේතුව සහ ඵලය ලෙස කේන්ද්‍රගත වේ.

කුකුල් බිත්තරයක් නිර්මාණය වීම සඳහා OV–17 නම් ප්‍රෝටීන අත්‍යාවශ්‍ය බව පර්යේෂකයෝ සඳහන් කරති. OV–17 නම් ප්‍රෝටීනය දැකිය හැක්කේ කිකිලියගේ ඩිම්බකෝෂයේ පමණි. එනිසා OV–17 ඩිම්බ කෝෂයක් නොමැතිව බිත්තර කටුවක් නිර්මාණය විය නොහැකිය. එනම් තාක්ෂණිකව කිකිළියක් නොමැතිව කුකුල් බිත්තරයක් ඇති විය නොහැක. නමුත් මේ සියල්ල කුකුල් බිත්තරය යනු කුමක්ද යයි කරන අර්ථ දැක්වීම සහ ස්වභාවධර්මය යන කරුණු මත මුලිකව රඳා පවතී.

එනම් කුකුල් බිත්තරයක් යනු කිකිළියෙක් දමන ලද බිත්තරයක්ද එසේ නොමැති නම් කුකුල් බිත්තරය යනු හුදෙක් කුකුළෙක් අඩංගු බිත්තරයක්ද? කෙසේ වෙතත් OV – 17 සහිත බිත්තරයක් කුමන ක්‍රමයෙන් හෝ සංසිද්ධිය සඳහා අත්‍යාවශ්‍ය වේ. කැන්ගරුවෙකු බිත්තරයක් දැමුවේ නම්, එම බිත්තරය ඔස්ට්‍රිච් (Ostrich) විසින් රැකීම නිසා එය කැන්ගරු බිත්තරයක්ද ? ඔස්ට්‍රිච් බිත්තරයක්ද? යන මෙම කරුණ ගැටළුව වෙනත් දිශාවකට යොමු කරයි.ජීවීන් දෙකක් මගින් ජීවියෙක් නිර්මාණයේදී ඔවුන්ගේ DNA නම් ජාන ලක්ෂණ නව ජීවියාට ලබාදෙයි.එහෙත් නිර්මාතෘ ජීවීන් දෙදෙනාගේDNA ආකෘතිය නව ජිවියාගේ DNA ආකෘතියට100% ක් සමාන නොවේ. සැම විටම කුඩා හෝ වෙනස් කමක් නව ජිවියා තුළදී දිස්වේ. මෙම වෙනස්වීම් (විකෘතිවීම්) පරම්පරා දහස් ගණනක් DNA තුල සිදුවිම නිසා වඩා වෙනස් නව ජීවීන් බිහි විය හැක. නමුත් මෙම ජානමය වෙනස යුකුතානුවේ හෝ මුලික සෛලයේ සිදුවිය යුතුය. ඒ අනුව කුකුළාට බොහෝ සේ සමාන එහෙත් කුකුළෙක් නොවන සත්ව විශේෂයක් (Proto Chicken) මඟින් නිපදවෙන බිත්තරයක් තුල කාලයක් සිට සිදුවුනු හෝ සිදුවෙන කුඩා ජානමය වෙනස්කම් අනුව වර්තමාණ කුකුළා බිහිකිරීමේ හැකියාව තිබේ. ඒ අනුව මුලින් පැමිණියේ බිත්තරයයි.

වර්තමානයේ පවතින ක්‍රම අනුව මිනිසුන් වන අප සත්වයින්  විවිධ කාණ්ඩ නාමවලට වර්ගිකරණය කළද වසර මිලියන ගණනකට පෙර තත්වය එසේ නොවේ. මෙම ජාන පරිවර්තනය හෝ වෙනස්වීම් ඉතාමත් දීර්ඝ කාලයක සිට සෙමෙන් සිදුවන බැවින් Proto Chicken විසින් වර්තමාන කුකුළු බිත්තරයක් දමන ලද අවස්ථාව විශේෂයෙන් හඳුන්වාදීම අපහසුය. උදාහරණයක් ලෙස වෘකයන් හා මිනිසුන් අතර ඇතිවන හා වර්ධනය වු සම්බන්ධතා නිසා වෘකයන්ගේ ගති ලක්ෂණ වලට වඩා වෙනස් වු බල්ලන් නිර්මාණය වීම දැක්විය හැකි නමුත් බල්ලෙකු බිහිකළ වෘකයෙකු පිළිබඳ නිවැරදිව දැක්විය නොහැකිය. එහෙත් මිනිසුන්ට පහර දුන් වෘකයන් මෙන්ම මිනිසුන්ට බිය නොවී හිතවත් වු (කෑම දීම මඟින් වැනි) වෘක පරම්පරාවල්  නිසා වෘකයින්ගේ ජාන ලක්ෂණ ක්‍රමයෙන් වෙනස් වීමට භාජනය විය හැකිය. එලෙස ජානමය හා චර්යා ගති ලක්ෂණ වෙනස් ජීවින් බිහි විය හැකිය.

 මේ අනුව බිත්තර දමන සතුන් වෙනස් වීම් වලට භාජනය වී Proto Chicken දැමු බිත්තර වලින් එකක් නිසා කුකුල් බිත්තර දැමීමට හැකි Proto Chicken බිහිවීම හෝ ඉහත Proto Chicken විසින් දැමු බිත්තරයක වර්තමාන කුකුළෙකු ඇතිවීම යන කරුණු දෙක සිදුවිය හැකිය. මේ අවස්ථා දෙකේදීම කුකුලන් ඇතිවිම සඳහා බිත්තරය මුලික වී ඇති බව පෙනේ.

උපුටාගැනීම:
Which Came First - The Chicken or the Egg  

1 comments:

Amazing! This blog looks just like my old one! It's on a completely different subject but it
has pretty much the same page layout and design. Excellent choice of colors!



Have a look at my blog how to grow taller

Post a Comment