June 23, 2014

අඟහරු මත තවමත් ගවේශනයේ යෙදෙන රොබෝ විද්‍යාගාරය...

මානව තාක්ශණ දියුණුවේ අග්‍රඵලයක් යැයි කිවහැකි කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාර රෝවරය තවමත් අඟහරුවා මත විද්‍යා ගවේෂණවල යෙදෙමින් රතු ග්‍රහයා පිලිබඳ අපේ දැනුම මුවහත් කරමින් සිටී. 2011 නොවැම්බරයේ ගුවන්ගතවී, 2012 අගෝස්තු 6 වැනි දින අඟගරු ග්‍රහයා මතට සැපත්වුනු කිව්රියෝසිටි රෝවරය මේ වනවිට රතුග්‍රහයා මත මාස 18ක දීර්ඝ කාළයක් පර්යේෂණ කටයුතුවල නියැලෙමින් සිට ඇත.

පසුගිය 2012 අගෝස්තු 6 වැනි දින රතු ග්‍රහයා මත වසරක් සම්පූර්ණකල කිව් රියෝසිටි රොබෝවා එය සැමරීම සඳහා සිය චැසියෙහි සවිකොට තිබෙන කුඩා ස්පීකරයකින් "Happy Birthday to You" ගීතය වාදනය කලේය. මෙය වෙනත් ග්‍රහලෝකයක් මත වාදනය කල ප්‍රථම මානව ගීය වන අතර එය අඟහරුවා මත වාදනය කරන අතරතුරම එහි සිට සජීවීව පෘථිවිය කරාද එම ගීය සම්ප්‍රේශණය කලේය. ඒ අනුව ග්‍රහලෝක දෙකක් අතර සන්නිවේදනයවූ ප්‍රථම ගීය ලෙසද "Happy Birthday to You" ගීය ඉතිහාසයට එක්වේ.

අඟහරුවා මතින් නිඋරන්තරව හමායන දුහුවිලි කුණාටුවලින් තැම්පත්වුනු දුහුවිලි වලින් නැහැවී සිටින රෝවරය දීර්ඝ කාන්තාර ගමනක යෙදෙන රථයක් මෙන් පෙනේ. එහෙත් අඟහරු ග්‍රහයාගේ කටුක, අතිදුෂ්කර කාළගුණයට හා දේශගුණයට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර ඇති කිව් රියෝසිටි යුහුසුළුව පර්යේෂණ කටයුතුවල නියැලෙමින් සිටී. කිව් රියෝසිටි රෝවරය වෙනුවෙන් සැළසුම් කොට ඇති ප්‍රධාන පර්යේෂණ කටයුතු අවසන්වීමට තවත් මාස 6ක් පමණ තිබෙන අතර. ඉන් අණතුරුව රොබෝවාගේ "සෞඛ්‍ය තත්වය" අනුව නව පර්යේෂණ සැළසුම් කෙරෙනු ඇති.

පහත ඇතුලත්කොට ඇති පැනරෝමා ඡායාරූපය, කිව්රියෝසිටියේ කැමරා මගින් පසුගිය අප්‍රේල් 27 වැනිදා ගන්නා ලද ඡායාරූප 138 එකට ඇමිණීමෙන් නිර්මාණය කොට ඇති අතර. එය ක්‍රොඒෂියානු ඡායාරූප ශිල්පී ඇන්ඩෲ බොඩ්‍රෝෆ්ගේ නිර්මාණයකි




උපුටා ගැනීම-http://www.nasa.gov/mission_pages/msl

0 comments:

Post a Comment