June 19, 2014

පොල් වතුර ඔබගේ ශරීර ‍සෞඛ්‍යයට ගුණදායකද?

පොල් වතුර මේදය අවම පෝෂණීය පානයකි. මෙය සීනි වෙනුවට භාවිතා කලහැකි ශක්ති ජනක පැණි බීමක් මෙන්ම කෘතීම රසකාරක අඩංගූ නොවන  පාණයක් ලෙස සලකනු  ලැබෙයි. එහි ලෙස්ටරෝල් අඩංගු නැත. 99% ක්ම ‍මේදයෙන් තොරය. අවම  කාබෝහයිඩෙට ප්‍රමාණයක් අඩංගු මෙහි ස්වාභාවික සීනි අඩංගු‍වේ. මෙහි මි.ලි. 100 ක අඩංගු වන ශක්ති  ප්‍රමාණය කිලෝ ජුල් 100 ට අඩුය.

එහි zinc, selenium, iodine, sulfur, manganese, boron, molybdenum, ascorbic acid and සහ බී කාණ‍්ඩයේ විටමින අන්තර්ගතය.  
සකස්කරන ලද ශක්තිජනක පානයන්ගේ electrolytes calcium, magnesium, phosphorus, sodium සහ potassium අන්තර්ගත වන අතර පොල්වතුර වල මෙම ද්‍රව්‍ය  ස්වාභාවිකවම අන්තර්ගත වි ඇත .
මැලේසියන් අධ්‍යයනයන්ට අනුව  ශක්තිජනක පානයන්  භාවිතයෙන්  වමනය  හෝ   උදරාබාධ තත්වයන්  ඇතිවිය හැකි බව සොයා‍ ගෙන ඇති අතර  පොල්වතුර  භාවිතයෙන් එවැනි තත්ව ඇති නොවන  බවත් ව්‍යායාම කිරීමෙන් අනතුරුව පොල් වතුර පානයෙන් සමිපූර්ණ‍ෙයන්ම ශරීරය යථාතත්වයට පත්වන බව සොයා ගෙන ඇත. නමුත්  ක්‍රීඩකයන්  හා මෙම පාණය නිර්දේශ කර නැත. හේතුව පොල් වතුර වල electrolytes කාබෝහයිඩ්‍රෙට සුලු ප්‍රමාණයක් අඩංගු වන අතර ක්‍රීඩකයන් සහා සකස් කරන ලද ශක්තිජනක පානයන්ගේ විශේෂයෙන්ම electrolytes හා කාබෝහයිඩ්‍රෙිට නිශ්චිත ප්‍රමාණයන්ගෙන් අන්තර්ගත කර තිබීමයි.

පොල් වතුරෙන් වියපත් වීම අඩුකරයි. පොල් වතුර සමෙහි සුමුදු බව  ඇති කිරීමට උපකාරී වන අතර එමගින් තරුණ පෙණුම දිගු කාලයක් රැක දෙයි.
එහි ශාක වර්ධන හෝමෝනයක් වන ස්වාභාවික cytokinins ප්‍රභවය ඇත. ඉන් සෛල වර්ධනය හා වියපත් වීම යාමනය කරයි. තවද එහි  බහුලව අඩංගු පොටෑසියම්  antioxidants ලෝරික් අමිලය සහ cytokinins සෛල වල pH මටිටම සමතුලිතව තබා ගැනීමට උපකාරීවේ. තවද සමිබන්ධක පටක වල ශක්තිමත් බව ඇතිකරන අතර  වයස් ගත වීමත්  සමගම වැල‍ීමට ඉඩ තිබෙන  රෝගී තත්වයන් සහා තිබෙන අවදානම අඩු කරිමේ හැකියාව ඇත.පොල් වතුර ස්වල්පයන් සමෙහි තැවරීමෙන් සමෙහි රැලි වැටීමි අඩු කරීම ද  සම ඇදීම නිසා ඇතිවන සලකුනු වි‍ශේෂයෙන්ම  කාන්තාවන්ගේ  මේදය කැටි වීමෙන් ඇතිවන සලකුනු  උපන් ලප සහ සම එල්ලා වැටීම අවම කරන බව සොයා ගෙන ඇත.

පොල් වතුර වල රසායනික සංයුතිය රුධිර ප්ලාස්මාවේ රසායනික සංයුතියට සමාන බවත් දියුණු වෙමින් පවතින රටවල සහ දෙවන ලෝක යුද්ධ කාලයේ ජීවිත ආරක්ෂාව සහා පොල් වතුර භාවිතා කල බව සහන් වේ. ශාන්තිකර ප්‍රදේශ වල තුවාල ලත් සොල්දාදුවන් සහා පොල් ගෙඩියෙන් කෙලින්ම මෙම පොල් වතුර පාරවිලයනය කල බව සහන්වේ. එසේම මෙය කොළරාව වැනි විජලනය හා සමබන්ධ රෝග සහ ගැස්ට්‍රයිටිස් වැනි රෝග සහා ගෘහස්ථ ප්‍රතිකාරයක් ලෙස සැලකිය හැක.

ටී.එම්.හේමමාලී
විද්‍ය හා තාක්ෂණ නිලධාරී
මාතර.
 


 

0 comments:

Post a Comment