February 12, 2018

දිනපතා අධිකව මස් ආහාරයට ගැනිමේ බලපැම


මස් යනු ප්‍රනිත රසයක් සහිත අපගේ ශිරුරේ විවිධ පෝෂණ අවශ්‍යතා සපයන බොහෝ ප්‍රසිද්ධ ආහාරයකි.
·                ප්‍රෝටින් : ප්‍රතිශක්තිකරන පද්දතිය ආරක්ෂා කරන අතර නිරෝගිව පවත්වා ගනි  පටක වර්දනයට හා ළමා වර්ධනයට හා නිරෝගිව සිටිමට වැදගත් වේ.
·         සේලිනියම්  : ආහාරයේ අඩංගු සේලිනියම් ප්‍රතිඹක්ෂිකාරකයක් වන අතර ප්‍රතිශක්තිකරන පද්දතිය ආරක්ෂා කරයි .
·           යකඩ : ආහාරයේ අඩංගු යකඩ ප්‍රතිශක්තිකරන පද්දතිය ආරක්ෂා කරන අතර රත්තහිනතාව නැතිකර ළමා වර්ධනය සදහා විශාල මෙහෙයක් ඉටුකරයි.
·          Bවිටමින් : ආහාරයේ අඩංගු විටමින් බි සංකිර්ණය මගින් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩිකරයි.
·          Vitamin D : ආහාරයේ අඩංගු විටමින් ඩි අස්ථි හා දත් නිරෝගිව තබයි.
·         (Zinc) සින්ක් : ආහාරයේ අඩංගු සින්ක් ප්‍රතිශක්තිකරය වර්ධනය කරන අතර පරිවෟතිය ක්‍රියාකාරිත්වය හොදින් සිදු කරයි.
·         Omega 3 : ආහාරයේ අඩංගු ඔමේගා 3 මගින් හෟදය ,අක්මාව සහ ස්නායු වල ක්‍රියාකාරිත්වය හොදින් සිදු කිරිමට උදව් කරයි.
මස් වල අඩංගු පෝෂණය පදනම්ව අපගේ ශිරුරට පෝෂණිය ආහාරයක් ලෙස සැලකුවද අවාසනාවකට මස්අනුභවය නිසා අහිතකර බලපැම්ද සිදුවේ. එනම් වෙළදපොල ඇති බොහෝ මස් වෙළදාම පාදක කර ගත් ගොවි පොල නිෂ්පාදන විමයි.  යුරෝපිය  Clinical Nutrition  සගරාවේ සදහන් ප්‍රතිපල අනුව ගොවිපල නිෂ්පාදිත මස්වල  සතුන්ගේ ආහාර බොහෝ විට ඇට වර්ග විම නිසා acid fat omega 3  අඩු වන අතර acid fat omega 6  බහුල වේ . එසේම ගොවිපල සතුන් සදහා බර වැඩිවිමට ලබා දෙන estradiol, progesteron, and testosteron,  වැනි කෟතිම හෝමෝන සහ   zeranol and trenbolone asetat, melengesterol asetat වැනි දව්‍ය මගින් පිලිකා අවදානම වැඩි කරයි. 
·         අධික  මස් අනුභයේ අහිතකර සෞක්‍යය  බලපැම
 ප්‍රදාහය
ඉතා වැඩිපුර රතු මස්  මනුභවය ප්‍රදාහය සදහා හේතු වෙනවා. මේවා ඉතා හොදින් පිසින තුරැ දිරවිමට අපහසු ආහාර කාන්ඩයට අයත් වේ.මස් දිරවිම වැඩි කිරිම සදහා එන්සයිම උදව් වේ.කලින්ම මස් අනුභව කල විට ඇරකියඩොනික් අම්ලය(acid fat omega 6) ශිරුර තුල රැදිම නිසා ප්‍රදාහයන් හා වේදනාවන් ඇතිවේ.

පිලිකා

රතු මස් ආහාරයට ගන්නා බොහෝ අය අතර අන්ත්‍රික පිළිකා සදහා ඉඩ වැඩි බව සොයා ගෙන ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනු ව  හරක් ඌරෑ  බැටළු වැනි රතු මස් පිලිකා සදහා සම්භෘවිය හේතුවක් වන අතර සකස් කල මස් පලමු කාන්ඩයේ පිලිකාකාරකයකි.ඹස්ට්‍රෙලියානු පිලිකා සභාව අනුව අධිකව රතු මස් හා සකස්මල් අනුභවය  උදර පිලිකා සදහා හේතු වි ඇත.
සමහර කාබනික විෂ රසායනික දව්‍ය මස් වල අඩංගුයි . මෙයින් එකක් වන ඩයෝක්ෂින් (Dioxin) යනු සත්ව ආහාර මගින් ඇතුළු වන අතර ආලෝක ක්‍රියාවලියේ පිටවන සමහර ගැමා කිරණද පිලිකා උත්තේජ කරයි.
හෟද රෝග
වෙළද ගොවි පළ මස් වල fat acid omega 3 අඩු වන අතර  fat acid omega 6    වැඩි වේ.  fat acid omega 3හෟද රෝග වැලක්විමට වැදගත් වන අතර.රතු මස් වල අඩංගු carnitine ආහාර මාර්ගයේ ඇති බැක්ටිරියා මගින් ස්භාවිකවම ඉවත් කරයි.මෙමආහාර මාර්ගයේ මස්  විනාශ කිරිමේ ක්‍රියාව රුධිරයේ ක්ලේස්ටරෝල් වැඩි විමට හේතු වේ.
Carnitine විනාශ විමේදි  වායු බවට පරිවර්ථනය වේ.මෙම වායු හෟදයේදි TMAO නම්දව්‍යයක් බවට පරිවර්ථනය වන අතර රුධිර වාහිනි වල මේදය තැන්පත් විමේ ප්‍රධානම ක්‍රියාකරු මේවා වේ Carnitine සහ  TMAO හෟදාබාධ හා හෟදරෝග වැඩි කරන අතර රතු මස් ආහාරය අඩු තිරිම මගින් අවදානම අඩුකර ගත හැක
.ඹෞෂධ ප්‍රතිරෝදි බව
ගොවිපල සතුන් සදහා ලබා දෙන සමහර ඹෞෂධ හා ප්‍රතිජිවක නිසා මස් ආහාරයට ගන්නා සමහර මිනිසුන්ට ඹෞෂධ ප්රතිරෝදි බව ඇතිවේ.
.රුධිර පිඩනය
අඩංගු සංතෟප්ත මේදය අධිරැධිර පිඩනය සදහා බලපාන අතර මස් අඩුවෙන් ආහාරයට ගැනිමෙන් සමාන්‍ය රුධිර පිඩනය පවත්වා ගත හැක.
.දියවැඩියා අවදානම
අධ්‍යපන පර්යේෂණ වලට අනුව මස් දියවැඩියා අවදානම වැඩි කරයි.මෙය නිෂ්චිත නොමැති නමුත් පර්යේෂණ වලට අනුව එලවළු පමනක්  අාහාරයට ගන්නා අයගේ අඩු සිනි මට්ටමක් ඇත.
. අප්‍රසන්න ගද
 පර්යේෂණ වලට අනුව මස් අනුභව කරන්නට වඩා එලවළු පමනක් අනුභව කරන්නන්ගේ ප්‍රසන්න සුවදක් ඇති බව සොයා ගෙන ඇත.
. බර වැඩි විම 

වැඩිපුර මස් ආහාරයට ගැනිම වෙගයෙන් බර වැඩි විමට හේතු වේ.
අඩු මස් ප්‍රමානයත් ගැනිම ආහාර හා ස්ථුලතාව පාලනයේදි  වැදගත් වේ.
. ආහාර ජිර්ණ සදහා  බාදාවන්
  මස් යනු තතන්තු අවම ආහාරයකි.මස් මගින් ආමාශය පිරෙන විට තන්තමය ආහාර සදහා ප්‍රමානවත් ඉඩක් නොමැති විම නිසා  ජිර්ණ ගැටළු ඇතිවේ. එසේම මල බද්ධය වැඩි විමට හේතු වේ.
.  ශක්තිය අඩු විම
මස් ප්‍රමානය අඩු කර ඒ වෙනුවට එලවළු හා පලතුරු වැඩි කිරිම මගින් අපට අමතර ශක්තියක් ලබා ගත හැක. එලවළු හා පලතුරු මගින් රුධිර වාහිණි විවෟත වි නිදහසේ ඹක්ෂිජන් ශිරුරපුරා ගමන් කිරිම නිසා අමතර ශක්තියක් ලැබේ.

.හම  වයසට යැමේ ගැටළු

මස් වැඩිපුර ආහාරයට ගැනිම හම රැළි  හා කළු ලප වැඩි වන අතර
එලවළු හා පලතුරු මගින් මස් අනුභවය අඩු කල විට ප්‍රතිඹක්ෂිකාරක හා උදාසින නිදහස් අංශු(neutralize free radical) වැඩි විම නිසා හම රැළි  හා කළු ලප අඩු විම මගින් වයසට යැම අඩු වේ.
12. Creutzfeldt-Jakob (CJD)
bovine spongiform encephaloptahy (BSE) රොගි එලදෙනුන්ගේ මස් අනුභවයෙන් මිනිසුන්ටද මෙය වැලදිය හැක . මෙය අවු 60 වැඩි අය සදහා බලපැවද මැතකදි .තරුණ අය සදහාද බලපාන බව සොයා ගෙන ඇත. මෙමගින් මොළය සදහා බලපැමක් කරන අතර ඉක්මන් මරණය ලගා විමක් සිදු විය හැක.
මස් නිසා සිදුවන බොහෝ අතුරු අබාධ වලකා ගැනිමට ආරක්ෂිත සෞක්‍යය සම්පන්න මස් තොරා ගැනිම වැදගත්ය. විශේෂයෙන් වෙළද ගොවි පල සතුන් නිසා හානි වැඩිවිමේ ප්‍රවනතාව වැඩිවේ. .
මස් වල ඇති පෝෂගුණය නිසා ආහාරයෙන් ඉවත් කල නොහැකි උවත් අවදානම අඩුකර ගැනිම කල යුතුයි.
අනවශ්‍ය ලෙස මස් අනුභවයෙන් වැලකිය යුතු අතර  මාළු මගින් ආන්ත්‍රික,පියවුරු,පුරස්ථික පිලිකා අඩු කිරිමට හේතු වේ.

.උපුටා ගැනිම

drhealthbenefits.com/f

·         Cancer Council NSW website
එස්.ඒ.පි ශිරෝමි,   විද්‍යා හා තාක්ෂණ නිළධාරි,
කරන්දෙණිය

0 comments:

Post a Comment