June 13, 2016

අන්තර්ජාතික ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යා සංගමය (IUPAC) මගින් නව මුලද්‍රව්‍ය 04ක් නාමකරණය කරයි.

2015.12.30 වෙනි දින IUPAC මගින් පරමාණුක ක්‍රමාංකය 113,115,117, හා 118 යන මුලද්‍රව්‍ය සොයා ගැනිම සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබද සත්‍යාපනය කිරිම ආරම්භ කරන ලදි. මේ සදහා IUPAC (International Union of Pure & Applied Chemistry )සහ IUPAP (International Union of Pure & Applied Physics) එකතුව සකස් කරගත් කණ්ඩායමක් මගින් මෙම සොයාගත් මුලද්‍රව්‍ය විශ්ලේෂණය කර ආවර්තිතා වගුවේ 7වන ආවර්තයේ ස්ථානගත කිරිමට කටයුතු කරන ලදි. මෙම මුලද්‍රව්‍ය සොයාගනු ලැබුවේ ජපාන, රුසියා සහ ඇමරිකන් විද්‍යාඥයින් විසිනි.


මොවුන්ට මෙම මුලද්‍රව්‍ය සදහා සංකේත නාමයන් යෝජනා කරන ලෙස ආරාධනා කරන ලදි.මෙහිදි ජපන් විද්‍යාඥයින් විසින් තාවකාලික නාමයක් ලෙස පරමාණුක ක්‍රමාංකය113 වු මුලද්‍රව්‍ය සදහා අන්උන්ට්‍රියම් (Ununtrium - සංකේත නාමයUut ) පරමාණුක ක්‍රමාංක 115, 117 හා 118 යන මුලද්‍රව්‍ය පිළිවෙලින් තාවකාලික නාමයක් ලෙස රුසියානු හා ඇමෙරිකානු විද්‍යාඥයින් විසින් නම් සහ සංකේත පහත ආකාරයට යෝජනා කර තිබුනි.
පරමාණුක ක්‍රමාංකය
115                         Unun Pentium (Uup)
117                         Unun Septium (Uus)
118                         Unun Optium (Uuo)  ලෙස නම් කර තිබුනි.


IUPAC යනු 1919 දි ආරම්භ කරන ලද අන්තර්ජාතික ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යා සංගමයයි. මෙම සංගමය මගින් රසායන විද්‍යාව පිළිබද සන්නිවේදනය කිරිම විවිධ භාෂා කථාකරන පුද්ගලයින් විසින් සොයාගනු ලබන මුලද්‍රව්‍ය ,රසායන ද්‍රව්‍ය අධ්‍යාපන කාර්මික සහ රාඡ්‍ය ආයතන සමග පොදු භාෂාවකින් සන්නිවේදනය කිරිමයි. මෙම ආයතන සදහා රසායන විද්‍යාව සම්බන්ධ පරමාණුක ස්කන්ධ, පරමාණුමැනිම සම්බන්ධ උපකරණ සම්මතකරණය, පාරිභාෂික ශබ්දමාලා සකස් කිරිම, පරමාණු සහ මුලද්‍රව්‍ය නාමකරණය සහ ඉතා සීරුමාරුවෙන් විශ්ලේෂණය කල යුතු පරමාණුක දත්ත පිළිබද අධ්‍යනය කිරිමයි.

එසේම රසායන විද්‍යාව දියුණු කිරිම සම්බන්ධ නවින ක්‍රම උපායන් ඉදිරිපත් කිරිම ව්‍යාපෘති සකස් කිරිම ලෝක රසායන විද්‍යාඥයින් සදහා සමුඵ පැවැත්විම මෙහි කාර්යයන් අතර වේ. මෙම කාර්යයන් සදහා IUPAP හි සහයෝගය ලබා ගනි. මෙම තොරතුරු වැඩිපුර අධ්‍යනය සදහා www.iupac.org ට පිවිසෙන්න.

ඉහත නම් කරන ලද මුලද්‍රව්‍ය 2016.06.08 වන දින IUPAC මගින් පහත ආකාරයට ඉදිරිපත් කර ඇත.
  1. පරමාණුක ක්‍රමාංකය 113 දරන මුලද්‍රව්‍ය Nihonium               සංකේතය - Nh
  2.  පරමාණුක ක්‍රමාංකය 115 දරන මුලද්‍රව්‍ය Moscovium සංකේතය - Mc
  3.  පරමාණුක ක්‍රමාංකය 117 දරන මුලද්‍රව්‍ය Tennessine සංකේතය - Ts
  4. පරමාණුක ක්‍රමාංකය 118  දරන මුලද්‍රව්‍ය Oganesson සංකේතය - Og

මහජනයාගේ දැනගැනිම සදහා ඉහත නම් ප්‍රසිද්ධ කර IUPAC හි අකාබනික රසායන අංශය මගින් 2016.11.08 වෙනි දින මෙම නම් සම්මත කිරිමට නියමිතය. මෙම මුලද්‍රව්‍ය නාමකරණය සදහා පහත සදහන් කරුණු පිළිබද අවධානය යොමු කර ඇත.
  1.       තාරකා විද්‍යාත්මක මිථ්‍යා වස්තුන් පිළිබද සංකල්ප හෝ ගුනාංග
  2.       ඛනිජ හා ඒ සමාන ද්‍රව්‍ය
  3.       ස්ථාන හෝ භුගෝල විද්‍යාත්මක පෙදෙස්
  4.       මුලද්‍රව්‍ය ගුණාංගයන්
  5.       සොයාගත් විද්‍යාඥයන්ගේ නම්

බොහෝ මුලද්‍රව්‍ය නාමකරණයේදි අවසානය සදහා යොදා ගන්නා නාමය සාමානයෙන් පහත ආකාරයට වේ.
1-16ඛාණ්ඩය සදහා “ium”
17 ඛාන්ඩය සදහා “ine”
18 වන ඛාන්ඩය සදහා “on”

පරමාණුක ක්‍රමාංකය 113 වන මුලද්‍රව්‍ය සදහා යෝජනා කරන නම වන Nihonium සදහා සංකේතය “Nh” වේ. මෙහි ජපන් ජාතිකයන් Nihon  ලෙස සලකනු ලබන්නේ හිරු නැගෙන බිම යන අදහස යොදාගෙන ඇත. මේ පිළිබද දකුණු ආසියානු රටක් පළමු වරට මුලද්‍රව්‍ය සොයා ගැනිමයි.

පරමාණුක ක්‍රමාංකය 115 හා 117 වන මුලද්‍රව්‍ය සදහා රුසියාවේ හා ඇමරිකාවේ ස්ථාන මේ සදහා යොදා ගෙන ඇත. පරමාණුක ක්‍රමාංකය 118 වන මුලද්‍රව්‍ය සදහා නම ලෙස යෝජනා කර ඇත්තේ රුසියාවේ හා ඇමරිකාවේ පර්යේෂණ ආයතන කිහිපයක සේවය කල මහාචාර්ය වරයෙකු  වන Yuri Oganessian මහතාගේ නමයි. මොහු විශේෂ සොයා ගැනීම් සහ න්‍යෂ්ඨික භෞතික විද්‍යා සදහා විශේෂිත වු ලගා කර ගැනිම් සිදු කරන ලදි.

සැකසුම -   ඒ.ඒ.ඡේ.එස්. අතාවුද
                 විද්‍යා හා තාක්ෂණ නිලධාරි
                 තුම්පනේ (ගලගෙදර)

උපුටා ගැනිම - http://www.iupac.org 

0 comments:

Post a Comment