June 16, 2016

වර්ණක නිපදවන ක්ෂුද්‍ර ජීවීන්ට කෘතිම‌ ඩයිවර්ග වලට හිමිතැන ලබාගත හැකිද?

අප අඳිනු ලබන ඇඳුම් වර්ණගන්වන්නේ කෙසේද?මෙම ​පැනයට වර්තමානයේ ​දෙනු ​ලබන පොදු පිළිතුර වන්නේ ඛණිජරසායනික ඩයි​වර්ග (petrochemical dyes) වලින් යන්නයි.අප එම කෘතිම සායම් ​හෙවත්​ ඩයි ​වර්ග නිපදවා ගනු ​ලබන්නේ ඛණිජ​ තෙල්​ හා විෂ​ රසායන ද්‍රව්‍ය උපයෝගී ​කරගෙනයි. නමුත් පුංශ​ ජාතිකයකු වන Thomas Landrain ඒදෙස සාම්පදායික ආකෘතියෙන්​බැහැරව සිය අවධානය යොමු ​කළේය.එනම් වගා කළ බැක්ටීරියා වර්ගයකට තීන්ත ​හා සායම් නිපදවීමේ ​හැකියාව ඇති​ බවත්​තවදුරටත්ඛණිජ​ තෙල්​ හා විෂ​ රසායන ද්‍රව්‍ය උපයෝගී ​කරගෙන ඩයි ​වර්ග නිපදවා ගැනීමේ උවමනවක් නැති බවත් ඔහු​ පවසයි. සීනි ​එකම​ අමුද්‍රව්‍ය ලෙස භාවිතාකර ​විදව්‍යාගාරයකදී ඩයි වර්ග නිපදවා  ගැනීමට බැක්ටීරියා වර්ගයක් යොදා ගැනීම ඔහුගේ​අරමුණවිය.

Thomas Landrain හා සහයකයන් වසර ​තුනකට ​පෙර පැරීසියේ La Paillasse නමැති ජීවවිදව්‍යාගාරයකදී මේ ගැන පර්යේෂණ කරන ලදි. ඔවුන්ට ‌අවැසිවී ඇත්තේ බැක්ටීරියා මගින් වැඩකරන පෑනක් නිපදවා ගැනීමයි (සීනි ආහාරයට ගෙන තීන්ත පිට කරන බැක්ටීරියා පෑනක්). ඔවුන්ගේ  පළමු තෝරාගැනීම වූයේ නිල්පැහැ වර්ණක නිපදවන දකුණු ඇමරිකානු  Streptomyces ගණයේ බැක්ටීරියාවකි. Landrain හා සහයකයන් එම වර්ණක වෙන් කරගෙන එමගින් ලිවීමට උත්සාහ කළහ.

මෙම ​කණ්ඩායමේ වෑයම වූයේ මෙම ජීව වර්ණක (bio-ink) රෙදිපිළි ​කර්මාන්තයේදී භාවිතයට ‌ගැනීමයි. බැක්ටීරියාවන්ගේ ‌පාරිසරික‌ සාධක ‌වෙනස්කිරීම මගින් ‌වෙනස් වර්ණක ලබාගැනීමට උත්සුක වූ ඔවුන්ට සාර්ථකව විවධ වර්ණක නිපදවා ගැනීමට හැකියාව ලැබුණි. බැක්ටීරියාවන්ට ලබාදෙන සීනි වර්ග වෙනස්කරමින්‚ උෂ්ණත්ව වෙනස්කරමින් හා ​එකම උෂ්ණත්වය ලබාදෙන කාලසීමවන් ​වෙනස් කරමින් තීන්ත නිපදවීම පාලනය කිරීම මෙන්ම විවිධ වර්ණ ලබාගැනීමට ක්ෂුද්‍ර ජීවීන්( Streptomyces ඇතුලු බැක්ටීරියාවන්)පොළඹවා ගැනීම සිදුකළ ඔවුන් එමගින්රතු, කහ, තැඹිලි හා දම්වැනිවර්ණද නිපදවීමට සමත්විය.

Landrain ​පවසන්නේ මෙලෙස විවිධ වර්ණ නිපදවීමට හැකයාව ​ලැබුනහොත් එය​ දැනට​ භාවිතා කරන petrochemical ඩයි වර්ගවලට සැබෑ ​විකල්පයක් වනු ඇති බවයි.

බොහොමයක් තීන්ත වර්ග සෑදීමට petrochemicals හා organic pigments වලට ​අමතරව ඇතැම් බැර ලෝහ වන කැඩිමියම් හා ඊයම් ද යොදා ගැනේ. උදාහරණයක් ‌ලෙස ‌බෝල්ටිපොයින්ටි පෑන ගතහොත්‚‌ එහි ‌කලු පාට ලබාගන්නේ carbon black මගිනි.​ එයද  petroleum දහනයේ​අතුරැ ඵලයකි.​ ඛණිජ​​​ තෙල් මත නොයැපෙන සායම් කර්මාන්තයක් ඔවුන්ගේ ඉලක්කය බව Landrain දැඩි විශ්වාසයෙන් පවසයි.

Newscientist (6th January2016)ඇසුරෙන්

0 comments:

Post a Comment