June 14, 2016

බ්ලුටුත් 5 වන සංස්කරණය ඉදිරියේදි එළිදකි.

බ්ලුටුත් 5 වන සංස්කරණය ඉදිරියේදි එළිදකි.
සන්නිවේදනයේදි වයර් රහිත තාක්ෂණය පෙරළීකාර ලෙස වර්තමානය වන විට දියුණු වෙමින් පවති.අද වන විට කුඩා ළමයාගේ සිට මහල්ලා දක්වාම ජංගම දුරකථනය භාවිතයට පෙළඹිමත් සමග මෙම වයර් රහිත තාක්ෂණයන් භාවිතය ජනප්‍රිය වි ඇත. වයර් රහිත තාක්ෂණයන් ආරමිභයේදි ඉන්ෆාරේට් (Infared ) භාවිතා කළ අතර එය කිසියම් උපකරණ දෙකක් අතර රේඛියව පවත්වා ගනිමින් දත්ත හුවමාරු කළ යුතුයි. එම නිසා මෙම තාක්ෂණය භාවිතයෙන් ඉවත්ව ගියේය.ඉන්පසු Bluetooth, Wi-fi, Li-fi, වැනි වයර් රහිත තාක්ෂණයන් භාවිතයට පෙළඹිනි. නමුත් Bluetooth භාවිතය ඉවත්ව නොගියේය. Bluetooth වල විවිධ සංස්කරණයන්ද (4.0, 3.0) භාවිතා කරයි.
Bluetooth තාක්ෂණය කුඩා දුර දත්ත හුවමාරුව සදහා භාවිතා කරයි. මෙහිදි මෙම UHF තරංග 2.4GHz සිට 2.485GHz පරාසයේ පවති. බොහෝ විට Bluetooth පාවිච්චි කරනුයේ ජංගම දුරකථනය හා කුඩා පරිගණක ජාල වලයි. මෙම Bluetooth සොයා ගනු ලැබුවේ 1994 දි Ericson සමාගම විසිනි.Bluetooth කළමණාකරණය සදහා Bluetooth Special Interest Group නමින් සාමාඡිකයන් 25000කගෙන් සමන්විත කණ්ඩායමක් සිටි.
Ieee802.15.1 ලෙස විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ආයතනය මගින් මෙම සම්මතය Bluetooth සදහා ලබා දි ඇත. Bluetooth සංස්කරණය 5 මෙම සතියේදි හදුන්වා දි ඇත.මෙම සංස්කරණය පෙර තිබු Bluetooth සංස්කරණයට වඩා අඩු ශක්තියක් පරිභෝඡනය කරයි.

BSIG (Bluetooth Special Interest Group) හි විධායක අධක්ෂක වන මාර්ක් පෝල් විසින් මෙම අඵත් සංස්කරණය ඇපල් ඉන්ටෙල් හා ඊට සමාන ආයතන වල භාවිතා කිරිමට අවසර ලබා දි ඇත. Bluetooth 5 මගින් Connection රහිතව භාවිතා කල හැකි ක්‍රියාවලින් කිහිපයක් සහ Data ධාරිතාවය වැඩි වේගයෙන් ලෝකයට හදුන්වා දි ඇත. මෙම තාක්ෂණයෙන් පෙර ලිපියකින් ඉදිරිපත් කල Internet of things (IOT)  හි පෙරළියක් ඇති කල හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.
Bluetooth 5හි පැමිණිමත් සමග ෆයර්වෝම් යාවත්කාලින කල යුතුව ඇත. නමුත් සංස්කරණය 1.0, 2.0, 3.0 යාවත්කාලින කිරිමේ හැකියාවක් නැත. නමුත් Bluetooth 4.0 සහ 4.1 Software patches මගින් යාවත්කාලින කල හැකිය.      



සැකසුම -   ඒ.ඒ.ඡේ.එස්. අතාවුද
                 විද්‍යා හා තාක්ෂණ නිලධාරි
                 තුම්පනේ (ගලගෙදර)


උපුටා ගැනිම - http://electronicsforu.com/technology-trends/2x-speed-and-4x-range-major-developments-in-bluetooth-5-0 

0 comments:

Post a Comment