December 1, 2014

ළමා තරබාරුකම

වර්ඡීනියා විශ්වවිද්‍යාලයක් මගින් කල නව පර්යේෂණයකට අනුව සීනි සහිත පානයන් නිතර ගන්නා පාසැල් ළමුන්ගේ බර වැඩි වීමේ අවදානමක් ඇති බව අනාවරණය කරයි.

එසේම එම අධ්‍යනයේදී එම ළමුන් අඩු කිරි පානයක් සහිත බවද පැය 2 කකට වඩා රූපවාහිනිය නරඹන බවද සොයාගෙන ඇත.එසේම වැඩි මේදය සහිත ආහාර ගැනීමද අධික තරබාරු කමට හේතුවකි.එබැවින් ළමුන් කුඩා කාලයේදී පටන් යහපත් පෝෂණීය ආහාර ගැනීමට හා ශාරීරික ක්‍රීයාකාරකම් කෙරේ යොමු කිරීමට සැලකිලිමත් විය යුතුය.

එසේම වර්තමානයේ පරිගණක භාවිතා කර විවිධ විඩියෝ සෙල්ලම් කිරීමද ඔවුන්ගේ ශාරීරික  ක්‍රීයාකාරකම් අඩු වීමට බලපා ඇත.එයද අධික තරබාරු කමට හේතුවකි.මෙම ළමා  තරබාරුව ඉදිරීයේදී බලපාන ප්‍රධාන ප්‍රශ්නයකි.මන්ද අධි තරබාරු සහිත ළමුන් වැඩිහිටි වියට පත්වෙත්ම විවිධ ශාරීරික හා මානසික වශයෙන් විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදු වෙයි.එසේම ළමා කාලයේදී විවිධ රෝගවලට නැඹුරු වේ.ඵනම් රුධිර පීඩනය වැඩි වීම, දියවැඩියාව, ඇදුම වැනි රෝග බහුල වේ.

එසේම සම වයසේ දරුවන් විසින් තරබාරු ළමුන් වෙත කරන විහිලු තහලු නිසා ස්ව ස්වරෑපය පිළිබදව අසහනයට පත් වී විවිධ මානසික ගැටලු වලට මුහුණ දීමට සිදු වේ.

මෙම ළමා වයසේ තරබාරු කම පාලනය පිළිබද වැඩි වගකීමක් ඇත්තේ දෙමාපියන්ටයි.එබැවින් ඒ පිළිබදව දෙමාපියන් දැනුවත් වීම ප්‍රධාන කරුණක් වේ.එහිදී ආහාර හා ශාරීරික  ක්‍රීයාකාරකම් පිළිබදව ඔවුන් දැනවත් වීම වැදගත්ය.

අහාර ලබා දීමේදී ළමයින්ගේ කැමැත්ත පිළිබදව මනා වැටහීමක් ලබා ගැනීම තුලින් ඔවුන් කැමති ආහාර ලබා දීමට හැක.එමගින් ආහාර ගැනීමට පෙරුත්ත කිරීම අඩු කර ගත හැක.එහිදි ආහාර වල වර්ණය  හැඩය  ළමයාට කැමති ලෙස තෝරා ගැනීම වැදගත්ය.මෙහිදි ළමුන් එළවලු ආහාරයට ගැනීමේදී අමු  ආහාර හා භාගෙට තැම්බූ ආහාර ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් සලාද හා බාගෙට තැම්බූ එළවලු ලබා දිය හැක.ආහාර ලබා දීමේදී ඒවා මද රස්නය සහිත නම් එයට වැඩි කැමැත්තක් දක්වති.කෙසේ නමුත් ළමුන් කැමති ලෙස ආහාර ‍නිවසේදී සකස් කර දීමට දෙමාපියන් නැඹුරු විය යුතුය.තවද නැවුම් එලවලු පළතුරු ආහාරයේ වැදගත්කම දෙමාපියන් විසින් දැනුවත් වි ඒවා ළමුන්ට ලබා දීමට කටයුතු කල යුතුය. සේම මෙම වයසේ ළමුන් යහපත් ආහාර රටා වලට යොමු කර ගැනීමෙන් අනාගත වැඩිහිටි පරම්පරාව නිරොගීමත් වේ.එය අනාගත රටට ලෝකයට යහපතක්ම වන්නේය.

උපුටා ගැනිම්- www.sciencedaily.com
                      Overview of nutrition 

0 comments:

Post a Comment