November 30, 2014

ශරීරයට ඉතා අවැසි සුෂුම්නාව පිළිබඳව දැන්වත් වෙමු

සුෂුම්නාව යනු,  ස්නායු සෛල ලක්ෂ ගණනකින් සෑදුණු ස්නායු තන්තු මිටියකි. දිගින් අඟල් 18 -20 පමණ සහ ඝනකමින් අඟලක් පමණ වන මෙය මොළයේ සිට කොඳු ඇට පෙළ හෙවත් කශේරුකාව මැදින් ශරීරයේ පහළ ප්‍රදේශය දක්වා ගමන් කරයි. සුෂුම්නාව, කොඳු ඇට පෙළ මැදින් ගමන් කලද කොඳු ඇට පෙළ අස්ථි පද්ධතියත් ,සුෂුම්නාව ස්නායු පද්ධතියටත් අයත්වේ.
             

ශරීරයේ සිදුවන සියලුම ක්‍රියා පාලනය වන්නේ මොළයෙනි. මේ සියලුම ක්‍රියා හොඳින් පාලනය වීමට නම්, ශරීරයේ අනෙකුත් අවයවවලින් මොළයට පණිවිඩ පැමිණිය යුතුය. එසේම මොළයේ සිට පණිවිඩ අනෙකුත් අවයව කරා ගමන් කළ යුතුය. අප ශරීරය තුළ මාංශ පේශි 600 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා ක්‍රියාත්මක වන්නේද මොළයේ සිට එන පණිවිඩ මඟිනි. මොළය හා අනෙකුත් අවයව අතර පණිවිඩ ගෙන යාම, සුෂුම්නාවේ ප්‍රධානතම කාර්යයයි.
     එබැවින් යම්කිසි අනතුරකින් සුෂුම්නාවට හානි වූවොත් මොළය සහ අනෙකුත් අවයව අතර පණිවිඩ හුවමාරුව සිදු නොවේ. මෙහිදී අනතුරට ලක් වූ සුෂුම්නාවේ කොටසට පහළ තිබෙන කොටසේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය වීමට පටන් ගනී. එවිට සිදුවන්නේ සුෂුම්නාවේ අනතුර සිදු වූ ස්ථානයෙන් පහළ කොටස අප්‍රාණික වීමය.

අනතුරකින් කොඳු ඇට පෙළට සිදුවන හානිය සුව කර ගැනීමට හැකි වුවත් සුෂුම්නාවට සිදුවන හානිය දිගටම පැවතිය හැක. ඊට හේතුව වන්නේ සුෂුම්නාවේ ස්නායු සෛල වලට හානි වූ විට නැවත සාදා ගැනීමට හැකියාවක් ශරීරයට නොමැති නිසාය. එබැවින් අවශ්‍ය වූ විට ශල්‍යකර්ම කල හැක්කේ කොදු ඇට පෙල සකස් කිරීමට මිස සුෂුම්නාව නැවත සකස් කිරීමට නොවේ.

උපුටා ගැනීම :- 
http://en.wikipedia.org/wiki/Spinal_cord
සහ පොත පත ඇසුරිනි.
සැකසුම : -
ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය

2 comments:

Thanks for sharing, nice post! Post really provice useful information!

Giaonhan247 chuyên dịch vụ mua hàng mỹ từ dịch vụ order hàng mỹ hay nhận mua nước hoa pháp từ website nổi tiếng hàng đầu nước Mỹ mua hàng ebay ship về VN uy tín, giá rẻ.

Post a Comment