.jpg)
ඵලයේ අග්‍රයේ
ඉන්නන් වැනි ව්‍යුහ දැකිය හැකිය. කිරි කොහිල, ගුරු කොහිල, වැල් කොහිල, කලු කොහිල,
රටකොහිල, සිංහල කොහිල, ගොඩ කොහිල ආදී වශයෙන් කොහිල ප්‍රභේද කිහිපයක් දැකිය හැකිය.
දේශීය වෛද්‍ය විද්‍යාවේ සහ පාරම්පරික වෙදකම තුළ
කොහිල ශාකය අද්විතීය ස්ථානයක් ගනු ඇත. අර්ශස් රෝගයට විශේෂයෙන් ගුණදායකය. ග්‍රහණි
රෝග, මූල ව්‍යාධී, රක්තාර්ශස්, රත් පිත්, ආදී රෝගවලට ප්‍රත්‍යක්ෂය.කොහිල පත්‍ර
උදරශූල ප්‍රතිකාර සදහා භාවිත වේ. කොහිල අල හා දලු වල ඇති අධික කෙදි ප්‍රමාණය නිසා
මළ පිටවීම ඉතා පහසු කරයි. එසේම අන්ත්‍රවල රෝග සදහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. මේ නිසා
අජීර්ණ අතීසාර තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමේදී යොදා ගැනෙන ඖෂධයකි. ආහාර රුචිය ඇති
කරයි. ශුක්‍ර දාහය සමනය කරයි. දියවැඩියාව සමනය කිරීමටද වැදගත් වනු ඇත.
0 comments:
Post a Comment