අවශ්‍ය වෙලාවට පියෑඹිය හැකි කැමරා අත් පළඳනාවක් පිළිබඳව ඔබ අසා තිබේද ? අයිතිකරුට අවශ්‍ය මොහොතක පියාඹා ගොස් කැමරාවක් බවට පත්වී අදාළ කාර්යය නිම කර නැවතත් අයිතිකරුගේ අතේ පළඳනාවක් බවට පත්වන මෙය තවමත් වෙළඳපොළට පැමිණ නැති “ prototype” තත්වයේ පවතින අපූර්වතම නව නිපැයුමකි. මෙම නව නිපැයුම ඉදිරිපත් වී තිබුණේ Intel සමාගම විසින් සංවිධානය කරනු ලැබූ නව නිපැයුම් තරඟයක් සඳහාය. නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව සංවිධානය කර තිබූ මෙම තරඟය සදහා නව නිපැයුම් ඉදිරිපත් කළ යුතු වූයේ “පරිගණක පළඳනා ක්ෂේත්‍රයේ ඕනෑම නව නිපැයුමක් ’’ යන තේමාව පදනම් කර ගෙනය. මේ සඳහා විවිධ නව නිපැයුම් ඉදිරිපත් වී තිබුණු අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැකි වූයේ නෙක්සි ලෙස තමන්ව නම් කර ගත් තරුණයින් කණ්ඩායමක් කරන ලද අපූර්වතම පරිගණක පළඳනාවකවකටය. නෙක්සි රිස්ට් බෑන්ඩ් ලෙස මොවුන් මෙය නම් කර තිබුණි. එම කණ්ඩායමේ නායකයා වූ Christoph Kohatall තරුණයා මෙහි නව නිමැවුම්කරු වේ.

කැමරාකරුවෙක් නොමැතිව හුදකලාව යම් යම් කාර්යයන් වල නිරත
වන, තමන්ගේ ඡායාරුපයක් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට මෙය මහත් සේ ප්‍රයෝජනවත් විය හැකි බව නෙක්සි කණ්ඩායම
පවසයි. කඳු
තරණය කරන්නන්ට, බයිසිකල් ධාවකයින්ට, ජිම්නාස්ටික් ශූරයින්ට මෙය වඩාත්
වැදගත් වනු ඇත. විශේෂයෙන්ම නොයෙකුත් වික්‍රමයන් හුදකලාව සිඳුකරන්නන්ට තම අතේ
පැළඳිය හැකි නෙක්සි රිස්ටි බෑන්ඩ් එක මහත්
ඵලදායි වනු ඇත.
prototype තත්වයේ පවතින තම නව නිපැයුම Intel සමාගම සමග එකතු
වී වෙළදපොළට නිකුත් කළ හැකි ලෙසට නිෂ්පාදනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව නෙක්සි
රිස්ට් බෑන්ඩ් නව නිපැයුම්කරුවන් පවසයි.නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ කාර්ය බහුල වීදියක ගමන්
ගන්නා මගියෙකු අතින් ඉපිලී ඉහළ ආකාශයට ඉගිල ගොස් ඡායාරූපයක් රැගෙන නැවතත් ඔහු වෙත
පැමිණ අත් පළඳනාවක් බවට පත්වන උපකරණයක් ඔබ දුටුවහොත් ඉදින් පුදුම නොවන්න.
Daily FT news paper ඇසුරින් සකසන ලද්දේ
කාංචනා
හෙට්ටිආරච්චි
විද්‍යා හා
තාක්ෂණ නිලධාරි
කැලණිය
0 comments:
Post a Comment