November 20, 2014

තත්පර කිහිපයකදී, තුවාලයක රුධිර වහනය වළකන XStat උපකරණය.


සිරුර තුළ අැති වූ තුවාලයකට ප්‍රතිකාර කිරී‍මේ දී මුලින්ම සිදු කළ යුතු වන්‍නේ ඉන් සිදු වන රුධිර වහනය නවතාලීමයි.


මේ සදහා සාමාන්‍යයෙන් Gauze භාවිතයට ගන්නා අතර, එය අල් කිහිපයක් යටට තුවාලය තුළට ඇතුළු කර, යම් පීඩනයක් යොදා තද කිරීමක් සිදු කරයි. එහෙත් මෙමගින් රුධිර වහනය නතර කිරීම අසීරු වන අතර, එවැනි අවස්ථාවකදී කළ යුත්තේ නැවත වතාවක් මුලින් වූ Gauze කැබැල්ල ඉවත් කර, අලුත් එකක් තබා තද කර, වෙළුම් පටියකින් බැදීමයි.

යුධ පිටියේදී වෙඩි උණ්ඩයට ලක් වූ සොල්දාදුවකු ගේ සිරුර තුළ වූ තියුණු තුවාලයකින් වන රුධිර වහනය නතර කිරීම ඉහත අයුරින්  Gauze කැබැලි භාවිතා කර සිදු කිරීම අසීරු කටයුත්තකි. ඇෆ්ගනිස්ථානය, ඉරාකය වැනි රටවල යුධ පිටියේදී සිදු වූ දරුණු තුවාලවලින් වූ රුධිර වහනය හේතුවෙන් සොල්දාදුවන් 90%කට වඩා මිය ගිය බවත්, එසේ සිදු වූ රුධිර වහනය නතර කිරීමට ක්ෂණීක හා කාර්යක්ෂම ක්‍රියාමාර්ගයක් තිබුණි නම් එම ජීවිත බේරා ගැනීමට හැකි වෙතැයි වෛද්‍යවරුන්ගේ මතයයි.

මේ හේතුවෙන් සිරුර තුළ වූ තුවාලයකින් වන රුධිර ගැලීම ඉතා කාර්යක්ෂමව හා වේගවත්ව අවහිර කිරීම සදහා XStat නම් කුඩා පරිමාණයේ නව උපකරණයක් නිපදවා ඇත. මෙමගින් පොලිකාබනේට් සිරින්ජ (Polycarbonate Syringe) එකක් තුළින් සෙ.මී. 1ක පමණ විශ්කම්භයෙන් යුත් රවුම් හැඩැති විශේෂිත ස්පොන්ජ් කැබලි තුවාලය තුළට අැතුළු කිරීමක් සිදු කෙරේ. දැව පල්පයක් (Wood Pulp) මගින් නිෂ්පාදිත මෙම ස්පොන්ජ් කැබැලි වටා Chitosan නම් රසායන ද්‍රව්‍ය ආලේප කර ඇත. Chitosan යනු රුධිර කැටි ගැසීමට උපකාරී වන එමෙන්ම ප්‍රතික්ෂුද්‍රජීවක (Antimicrobial Substance) ගුණාංග ඇති රසායන ද්‍රව්‍යයකි. ඇතැම් ඖෂධ සදහා Chitosan නම් පොලිසැකරයිඩය භාවිතා වන අතර, කවච මත්ස්‍යයින් ගෙන් (crustacean) නිපදවනු ලැබේ.

එමෙන්ම මෙම Chitosan ආලේපිත මෙ‍ම ස්පොන්ජ් කැබලි මත X හැඩති සලකුණක් යොදා තිබීමෙන් X කිරණ ජායාරූපයක් මගින් පැහැදිලිව හදුනාගැනීමට හැකිය. මේනිසා, සිරුර තුළ අහම්බෙන් හෝ ස්පොන්ජ් කැබලි රැදී තිබීමෙන් වැළකෙයි.





XStat උපකරණය මගින් මෙම ස්පොන්ජ් කැබලි තුවාල කුහරෙය් (Wood Cavity) ධමනියට ආසන්නව ඇතුළු කිරීටමන් පසු, තත්පර 15 ක් වැනි කෙටි කාලයක් තුළදී ස්පොන්ජ් කැබලි එම කුහරය තුළ පැතිරීම හා එමගින් රුධිර වහනය නතර කිරීමට අවශ්‍ය පීඩනයක් සැපෙයයි.
තවද මෙම ස්පොන්ජ් කැබලි තුවාලය මතුපිටට තදින් බැදීමක් වන හෙයින් ගලා යන රුධිරය මගින් මෙම ස්පොන්ජ් කැබලි පිටතට තල්ලු කිරීමක් ද සිදු නොවේ.








Gauze එකක ක්‍රියාකාරීත්වයට වඩා ප්‍රභල හා කාර්යක්ෂම මෙම උපකරණය වෛද්‍ය ක්ෂේත්‍රයට ඉමහත් පිටුවහලක් වනු ඇත.

0 comments:

Post a Comment