November 26, 2014

මහාචාර්ය ස්ටෙෆාන් හෝකින්ගේ බුද්ධි තරංග කථනයට පරිවර්තනය කිරීමේ උත්සාහය

සර් අයිසෙක් නිව්ටන්,ඇල්බට් අයින්ස්ටයින් වැනි ලොව සුපතල විද්‍යාඥයන්ගේ ඝනයේ භෞතික  විද්‍යාඥයකු වූ මහාචාර්ය ස්ටෙෆාන් හෝකින්ගේ සන්නිවේදන හැකියාව ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ බුද්ධි රටාව ඇසුරෙන් ඇමෙරිකානු විද්‍යාඥයකු විසින් ක්‍රියාත්මක කළ පර්යේෂණ පිළිබඳ තොරතුරු හෙළි කර තිබේ.

දැනට මහාචාර්ය හොකින් අදහස් ප්‍රකාශ කිරීමට යොදා ගන්නා ඔහුගේ කම්මුල්වල මාංශ පේෂී චලනය කථනයට පරිවර්තනය කරන පරිගණක ක්‍රමය වෙනුවට මෙම නව ක්‍රමය නිර්මාණය කිරීම සඳහා පර්යේෂණ පවත්වා තිබේ. එනම් මහාචාර්ය හෝකින්ට තම මොළය පමණක් උපයෝගී කරගෙන වචන ලිවීමේ හැකියාව ලබාදීම මෙහි අවසාන අරමුණ බව පර්යේෂන මහාචාර්ය පිලිප් ලෝ පවසයි. එමඟින් මනසේ ඇතිවන අදහස් ඉදිරිපත් කිරීමට නොහැකිව සිරවන සහලක්ෂණ රෝගය (Locked-in syndrome) වැළැක්වීම නව සොයා ගැනීමෙන් අපේක්ෂා කරන බව පිලිප් ලෝ තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ඇල්බට් අයින්ස්ටයින් සම්මානය ඇතුළු බොහෝ විශ්ව සම්මාන වලින් පුද ලද අතිශය සංකීර්ණ භෞතික විද්‍යාත්මක සංසිද්ධි පැහැදිලි කරමින් මුළු ලොවේම ගෞරවයට පාත්‍රවූ අතිශය බුද්ධිමත් මහාචාර්යවරයෙකු වූ හෝකින් motor neuron නම් ස්නායු රෝගයෙන් පීඩා විඳින බව 1963 දී අනාවරණය විය.එම රෝගය නිසා ඔහුගේ ශරීර අවයව එකිනෙක අකර්මන්‍ය වී 1980  දී ඔහු වාක්‍ය  ලිවීමට භාවිතා කළේ දකුණු මහපටැඟිල්ලේ සුළු චලනයක් මඟින් පරිගණක cursor පාලනයෙන් ලිවීමේ ක්‍රමයයි. පසුව ඔහුගේ රෝගී තත්වය තවත් දරුණු වීම නිසා ඇස් කණ්ණාඩියකට සවිකළ අධෝරක්ත සංවේදකයක් මඟින් දකුණු කම්මුලේ මාංශ පේෂී චලනයක් මඟින් ඔහුගේ අදහස් හා දැනුම ලෝකයට ලබාදීම දැනට සිදුවේ.( මහාචාර්ය ස්ටෙෆාන් හෝකින් හා ඔහුගේ ප්‍රකාශන පිළිබඳ තොරතුරු අන්තර්ජාලයේ සඳහන්ව ඇත.)

එහෙත් මුහුණේ ස්නායු ක්‍රමයෙන් දිරාපත් වීම  නිසා මාහාචාර්ය හෝකින්ගේ කථා කිරීමේ (පරිගණකය මඟින්) වේගය විනාඩියකට එක වචනයක් දක්වා අඩුවීම මෙම නව අත්හදා බැලීමට හේතුවිය. වඩාත් භියකරු තත්වය නම් එමගින් ඔහුගේ ඉතා වටිනා අදහස් ඔහු තුළම සැඟවී යාමයි.

සැමවිටම තාක්ෂණික සොයා ගැනීම් සඳහා උද්යෝගයෙන් සහය වන මහාචාර්ය හෝකින් ඔහුගේ මොළයේ තරංග පිළිබඳව iBrain උපකරණය හරහා මහාචාර්ය ලෝ කළ පර්යේෂණවලට සහභාගී විය.
iBrain යනු බුද්ධි තරංග EGG කියවීම් මඟින් පටිගත කරන headset උපකරණයකි.එනම් පුද්ගලයාගේ මොළය තුළ සිදුවන විදුලිමය ක්‍රියාකාරකම් ශීර්ෂ චර්මය හරහා පටිගත කිරීමයි. හිස්කබල නිසා හඳුනා ගැනීම අපහසු යැයි පෙර සළකන ලද ඉහළ සංඛ්‍යාතවල සංඥා හඳුනාගැනීමට සහ දත්ත විශ්ලේෂණයට හැකියාව ඇති පරිගණක මෘදුකාංගයක් මහාචාර්ය ලෝ විසින් නිර්මාණය කර තිබේ.

සරල ලෙස දැක්වුවහොත් ප්‍රසංග ශාලාවන් තුල දී බොහෝ වාදන භාණ්ඩවල සංගීතය ඇසේ. එහෙත් ශාලාවෙන් ඈතට යන විට ඉහළ සංඛ්‍යාතයේ සංගීතය (සංඥා)  උපදවන වීණාව සහ වයලීනයේ ශබ්දය නොඇසේ. නමුත් trombone සහ සෙලෝ වාදන භාණ්ඩවල ශබ්දය තවදුරටත් ඇසේ. එනම්  ඈත්වීමේ ප්‍රමාණය අනුව මොළයේ ඉහළ සංඛ්‍යාතයේ සංඥා රටා ද අඩුවේ. අපි මෙම සංඥා රටා සොයාගෙන පරිගණක ප්‍රතිලේඛණයක් මඟින් ඒවා භාවිතා කළ හැකි පරිදි සකස් කළා යැයි මහාචාර්ය ලෝ සඳහන් කරයි.

මීට අමතරව Intel සමාගමේ සහකාර නිර්මාතෘ ගෝඩන් මුවර් ගෙන් මහාචාර්ය හෝකින් කරන ලද ඉල්ලීමකට අනුව මහාචාර්ය හෝකින්ට නව සන්නිවේදන ක්‍රමක් නිර්මාණය සඳහා එම සමාගමද කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

උපුටාගැනීම : Attempt To Convert Prof Hawking’s Brainwaves into speech – By ADMIN

0 comments:

Post a Comment