November 18, 2014

මතකයේ රදවාගත හැකි ශක්තිමත් මුරපදයක් (Password) සකස් කර ගන්නේ කෙසේද?

පරිගණක සහ අන්තර්ඡාලය භාවිතා කරන බහුතරයක් ඉතා දුර්වල මුරපද භාවිතා කරන අතර ඔවුන් එම මුරපදයම විවිධ වෙබ් පිටුවල භාවිතා කරයි. ආරක්ෂාකාරි මුරපදයක් භාවිතා කරන බවට සහතික වීමට (be sure to use a strong password ) ලෙස දක්වන අවවාදාත්මක උපදෙසක් නිතර අන්තර්ඡාල භාවිතයේදි අපට දක්නට ලැබුණත් ඒ පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. එබැවින් අප ආරක්ෂාකාරි මුරපදයක් සකස් කර ගන්නේ කෙසේද  එලෙස සාදාගත් මුරපදය ඇත්තෙන්ම නිවරදිව මතකයේ තබාගන්නේ කෙසේද යන අභියෝගය අප සැම ඉදිරියේ ඇත.
පාස්වර්ඩ් මැනේඡර් (Password Manager) එකක් මඟින් ආරක්ෂාකාරි ශක්තිමත් ඔබටම  වෙන් වු මුරපදයක් නිර්මාණය කරගෙන එහි මතකයේ රදවාගත හැකි වුවත් පාස්වර්ඩ් මැනේඡර් වෙත පිවිසිම සඳහා වු මුරපදය නිර්මාණය කරගැනිම සහ එය ඔබගේ මතකයේ තබා ගත යුතුව ඇත. මුරපදයක් සකස් කර ගැනිමේදි සලකා බැලිය යුතු සම්ප්‍රදායික උපදෙස් අතරින් තවමත් හොඳ උපදෙස් ලෙස පහත කරුණු ගෙන හැර දැක්විය හැක.
v    අවම වශයෙන් මුරපදයක් අක්ෂර 12ක් වත් තිබිය යුතුය. මුරපදයක අක්ෂර ප්‍රමාණය අනවශ්‍ය පරිදි දිග විය යුතු නැති අතර අවම අක්ෂර ප්‍රමාණයක් දක්වා නැතත් සාමාන්‍ය මුරපදයක් සැදිමේදි අක්ෂර 12 සිට 14 දක්වා තෝරා ගැනිම ශක්තිමත් මුරපදයක් සෑදිමේ දි වැදගත්වේ.
v    ඉලක්කම්, සංකේත, කැපිටල් අකුරු, සිම්පල් අකුරු වැනි විවිධ අක්ෂරයන්  මිශ්‍රව භාවිතා කිරිම.
v     ප්‍රකට ශබ්ධකෝෂවල වචන සහ එම වචනවල සංයෝඡනයන් භාවිතා නොකල යුතුය. උදාහරණයක් වශයෙන්  “ House ”යන වචනය , “ RedHouse යන වචනය ඉතා දුර්වල මුරපදයන් වේ.
මුරපදයක් සකස් කර ගැනීමේදී ප්‍රකට ආදේශයන් මත විශ්වාසය තබමින් ඒවා භාවිතා නොකල යුතුය. උදාහරණයක් වශයෙන්  “House”යන වචනය මුරපදයක් ලෙස ගත් විට එහි  ඕ ( O ) අකුර වෙනුවට බිංදුව ( 0 ) ආදේශ කල හැකි වුවත් එය නොකල යුතුය.
තවද ඔබ සාදාගන්නා මුරපදය සම්පුර්ණයෙන්ම මිශ්‍ර කිරිමට උත්සාහ කල යුතුය. උදාහරණයක් ලෙස “ BigHouse$123 ” මුරපදය සලකා බලමු. මෙහි අක්ෂර 12ක් ඇති අතර කැපිටල් අකුරු, සිම්පල් අකුරු, සංකේත සහ ඉලක්කම් ඇත. නමුත් මෙම මුරපදයේ ශබ්ද කෝෂයක වාක්‍ය ඛණ්ඩයක් සහ එහි මුල් අකුර කැපිටල් අකුරක් වන අතර එක සංකේතයක් පමණක් භාවිතා කර ඇත. සියලුම අංක මුරපදයේ අගට පිළිවෙලින් ඇත. මේ නිසා මෙම මුරපදය පහසුවෙන් හදුනා ගත හැකි මුරපදයක් වේ. තවද මෙම මුරපදය එක්තරා පිළිවෙලකට සකස් කර ඇති බැවින් දුර්වල මුරපදයක් ලෙස දැක්විය හැකිය.

මතකයේ තබාගත හැකි ශක්තිමත් මුරපදයක් සකස් කර ගැනීම සදහා උපක්‍රමයන්
ඉහත දැක් වු උපදෙස් භාවිතා කරමින් පහසුවෙන් ශක්තිමත් මුරපදයක් සකස් කර ගැනිමේ හැකියාවක් ඇත.උදාහරණයක් වශයෙන් “ 30(+&g5p&3hZ4Htg වැනි ඉලක්කම් 16ක් වන අක්ෂරයන් හොඳින් මිශ්‍ර වු තවත් අ‍යෙකුට උපකල්පනය කිරිමට ඉතා අසීරු අහඹු අක්ෂර පේලියක් ශක්තිමත් මුරපදයක් ලෙස සකස් කරගත හැකිය. නමුත් මෙම මුරපදයේ ඇති ප්‍රධානම ගැටළුව නම් එය මතකයේ තබා ගන්නේ‍ කෙසේද යන්නයි. අහඹු මුරපද ඡනකයක් ( Random Password Generator ) මෙවැනි ආකාරයේ මුරපදයන් ලබා දෙන අතර ඒවා සාමාන්‍යයෙන් වඩා ප්‍රයෝඡනය වන්නේ අප වෙනුවෙන් මුරපද මතකයේ තබා ගන්නා  Password Manager කෙනකුගේ කොටසක් ලෙසටය. එසේනම් මතකයේ තබා ගත හැකි ශක්තිමත් මුරපදයක් සකස් කරගන්නේ කුමන ආකාරයටද යන්න පිලිබඳව අපට සිතීමට සිදුවේ. එහිදි ශබ්ධ කෝෂවල සමහර වචන භාවිතා නොකල යුතු අතර මුරපදය මතකයේ තබා ගත හැකි ආකාරයේ උපක්‍රමයක් භාවිතා කල යුතුව ඇත.
උදාහරණයක් ලෙස ඔබට පහසුවෙන් මතකයේ තබා ගත හැකි වාක්‍යයක් ලෙස “ The first house I ever lived in was 613 Fake Street. Rent was $400 per month ” යන්න ගනිමු. මෙම වාක්‍යය අපට මුරපදයක් ලෙස පරිවර්තනය කිරිමේ දි එහි එක් එක් වචනයේ මුල් අකුරගෙන “ TfhIeliw613FS.Rw$4pm ” ලෙස දැක්විය හැක. මෙය අක්ෂර 21ක ශක්තිමත් මුරපදයකි. ශක්තිමත් මුරපදයක ඉලක්කම් කිහිපයක් , සංකේත කිහිපයක් , කැපිටල් අකුරු කිහිපයක් සහ සිම්පල් අකුරු කිහිපයක් විසිරුණු ආකාරයෙන් දක්නට ලැබෙන අතර ඔබට ශක්තිමත් මුරපදයක් මතක තබා ගැනිමට අවශ්‍ය වන්නේ සරල වාක්‍ය පේලි 02ක් පමණකි.

වචන කිහිපයක පේලියක් මඟින් මුරපදයක් සකස් කර ගැනිම 
අද වන විට සම්ප්‍රදානුකූල උපදෙස් පමණක්ම මුරපදයක් සකස් කිරිම සඳහා ප්‍රමාණවත් නොවන බවක් දක්නට ලැබේ. පහත දැක්වෙන වෙබ් කාටුනය මඟින් දැක්වන්නේ මුරපදයක් සකස් කිරිමේදි සියලු සාමාන්‍ය උපදෙස් මාලාවෙන්  බැහැරව අහඹු ලෙස තෝරා ගන්නා ලද වචන 04ක් ගෙන එකට අමුණා ශක්තිමත් මුරපදයක් සකස් කර ගන්නා ආකාරයයි. මෙහි දි මුරපදය සඳහා වචන තෝරා ගත යුක්තේ අහඹු ලෙසින්ය.
උදාහරණයක් ලෙස “ Cat in the hat ”යන වචන පේලිය පහසුවෙන් හදුනා ගත හැකි සාමාන්‍ය වාක්‍ය ඛණ්ඩයකි. තවද “ my beautiful red house ” වැනි වාක්‍ය ඛණ්ඩය ව්‍යාකරණකූල  සහ තාර්කික බැවින් මුරපද සඳහා සුදුසු නොවේ. නමුත් “ correct house battery staple” වැනි වාක්‍ය ඛණ්ඩ අහබු වචන පේලියක් නිසාත් ව්‍යාකරණකූල  හෝ තාර්කාණුකුල නොවන නිසාත් ශක්තිමත් මුරපදයක් ලෙස සකස් කිරිමට යොදා ගත හැකි ‍වන අතර මතකයේ රදවා ගැනිමට ද පහසුවේ.

Diceware’s Creators පවසන්නේ ඉහත කි ආකාරයම ශක්තිමත් මුරපදයක් සකස් කර ගැනිමට අවම වශයෙන් අහඹු ලෙස වචන 06 ක් වත් තෝරා ගන්නා ලෙසටය.ඔවුන් පවසන පරිදි එසේ නොවුන හොත් මුරපද සොරුන්ට එම මුරපදය සොරා ගැනිමේ අවධානම වැඩි වන බවය. ඉහත කී කරුණු පමනක්ම මුරපදයක් ශක්තිමත්විමට ප්‍රමානවත් නොවේ. උදාහරණයක් ලෙස ඔබගේ මුරපදය නැවත වෙනස් ස්ථානවල මුරපදයක් ලෙස භාවිතා කිරිමෙන් එම මුරපදය සොරා ගැනිමේ හැකියාව වැඩි වේ. එකිනෙකට වෙනස් ශක්තිමත් මුරපදයක් භාවිතය තුලින් Phishing Sites  වලින් වැලකිම,පරිගණක මුරපද සොරා ගන්නා වෛරස් වැඩසටහන් වලින් වැලකි ඔබගේ පරිගණකයේ දත්ත සහ තොරතුරු ආරක්ෂාකර ගැනිමේ පලමු පියවර ලෙස දැක්විය හැක.
උපුටා ගැනීම:
http://www.howtogeek.com/how-to-create-a-strong-password-and-remember-it/  යන වෙබ් අඩවියෙන් උපුටා ගෙන නිර්මාණය කරන ලදී.

0 comments:

Post a Comment