November 20, 2014

ප්‍රිබයොටික් හා ප්‍රෝබයොටික්

ඇතැම් විට මේ වචන ඔබට සුපුරුදු වුවත් සත්‍ය වශයෙන්ම ඒ මොනවාදැයි ඔබ දන්නවාද? 
·        ප්‍රොබයොටික් (Probiotic) - යෝගට් හා වෙනත් කිරි ආශ්‍රිත නිෂ්පාදනවල, බෙහෙත් ඖෂධ (Pills ) වල අඩංගු සජීවී බැක්ටීරියා මේ නමින් හැඳින්වේ.
·        ප්‍රිබයොටික් (Prebiotic) - මිනිසාගේ අන්ත්‍රය තුල අඩංගු හිතකර බැක්ටීරියාවන්ගේ පෝෂණය සඳහා වැදගත් වන අප ගන්නා ශාකමය ආහාර කොටස්වල අඩංගු අජීවී තන්තු (Fibers) මේ නමින් හැඳින්වේ.
 
ප්‍රිබයොටික්
ප්‍රොබයොටික්

  හාරයේ (ශාකමය ආහාරවල) අඩංගු තන්තු  මේ නමින් හැඳින්වේ.පිෂ්ඨමය නොවන පොලිසැකරයිඩ (Non starch polysaccharide) වලින් හැදී ඇත.  
උදා - සෙලියුලෝස්, ඩෙක්ස්ට්‍රින්, ඉනියුලින්, ලිග්නින්, කයිටින්, පෙක්ටින්, ඔලිගොසැකරයිඩ
·        එළවලු , පළතුරු , රනිල කුලයේ බිජ, පලාවර්ග වල මෙම තන්තු (Prebiotic) බහුලව ඇත
 

     යෝගට් හා වෙනත් කිරි ආශ්‍රිත නිෂ්පාදනවල, බෙහෙත් ඖෂධවල (Pills)අඩංගු සජීවී බැක්ටීරියා වේ. මෙවැනි බැක්ටීරියා විශේෂ සිය ගණනක් දැනට සොයා ගෙන ඇත.
·        මේවා තාපය, අම්ල (ආමාශයික යුෂයේ අඩංගු) ආදිය මගින් විනාශ නොවේ.
·        මේවා අම්ල (ආමාශයික  යුෂයේ ඇති)තාපය ආදිය මගින් ඇතැම්විට  විනාශ වීමට හැකියාව ඇත. කාලයත් සමඟ ද විනාශ විය හැක.
·        මේවා මගින් මහාන්ත්‍ර යේ අඩංගු හිතකර බැක්ටීරියා වලට අවශ්‍ය පෝෂණය ලබාදේ.
·        මිනිසාගේ  ආන්ත්රික එන්සයිම මගින් මෙම තන්තු   ජීර්ණය නොවන   අතර  ආන්ත්‍රික හිකතර බැක්ටීරියා මගින් මේවා ජීර්ණය කර තම පෝෂණය සලසා ගනී. එමනිසා  අන්ත්‍රයතුල හිතකර බැක්ටීරියා ගහණය මනාව පවත්වා ගැනීම සදහා මෙම තන්තු (Prebiotic)  ඉතා වැදගත් වේ.
·        මිනිසාගේ අන්ත්‍රයේ අඩංගු දහස් ගණනක්  හිතකර බැක්ටීරියා සමඟ තරඟ කිරීමට මේවාට සිදුවේ.
 මෙම බැක්ටීරියාද (Probiotics)බොහෝ දුරට  ආන්ත්‍රික බැක්ටීරියාවන්ට සමානය
·        මේවා ඇතැම් ආන්ත්රික රෝගී තත්වයන් ඇතිවීම වැලැක් වන අතර මිනිසාගේ සෞඛ්‍ය මනාව පවත්වා ලැනීම සදහා විශාල මෙහෙයක් ඉටුකරන බවට සොයාගෙන ඇත.
·        සමහර ප්රොබයෙටික් විශේෂ ඇතැම් ආන්ත්‍රික රෝගී තත්වයන්, ආසාදන තත්වයන් පාලනය සඳහා උදව් වන බවද පෙන්වයි.
මේ අනුව මේ වර්ග දෙකම මිනිසාගේ  සෞඛ්‍ය සම්පන්න බව පවත්වා ගැනීම සඳහා උදව් වන බව සොයා ගෙන ඇත.

 References: http://www.prebiotin.com/prebiotics/prebiotics-vs-probiotics/
                       http://www.prebiotin.com/resources/probiotics/    

0 comments:

Post a Comment