November 17, 2014

ආහාර වර්ණක පිළිකා , අසාමාන්‍ය හැසිරීම් සහ අසාත්මිකතා

මේ දිනවල මැජෙන්ටා වර්ණ පොප්සිකල් සහ පිපාසය නිවන නියෝන්කොළ  පැහැති ශක්තිජනක පාන බහුලව ඇත.
බහුලව භාවිතා කරන ආහාර වර්ණක වලින් දැඩි අවදානමක් ඇති වන බව ඒ සම්බන්ධව කරන ලද අධ්‍යයන වලින් අනාවරනය වී ඇත. Center for Science in the Public Interest (CSPI) ආයතනය මෑතකදී සවිස්තරාත්මක වාර්තාවක් “Food Dyes: A Rainbow of Risks” මගින් ඉදිරිපත්කර ඇත. බහුලව භාවිතා වන විවිධ ආහාර වර්ණක වර්ග 09 ක  ඒවාටම ආවේනික වු  දැඩි අවදානමක් ඇති බව අනාවරනය වී ඇත.
 මෙම වාර්තාවට අනුව බහුලව යොදා ගන්නා ආහාර වර්ණක හේතුවෙන් පිළිකා, ළමයින්ගේ අසාමාන්‍ය හැසිරීම් සහ අසාත්මිකතාවයන්ට හේතුවන බව අනාවරනය වේ.

ආහාර කර්මාන්තය සදහා  වසරකට ආහාර වර්ණක රාත්තල් මිලියන 15 ට වැඩි ප්‍රමාණයක් සපයනු ලැබේ. වර්නක වලින් වර්ග 03ක් පිළිකාකාරකවේ. වර්ග 04ක් තදබල අසාත්මිකතා ඇති කිරීමට හේතුවේ. මෑතක දී  සතුන් යොදා‍ ගෙන කරන ලද පරීක්ෂණ වලින්  බහුලව යොදා ගන්නා  වර්ණක වර්ග 09න් 07ක් ම  මොළයේ පිළිකා, පුරස්ථග්‍රන්ථි වල tumors , බඩවැල් ආශ්‍රිත පිලිකා සහ විකෘති සදහා හේතුවන බව සොයා ගෙන ඇත.
මෙම සංස්ලේෂනය කරන ලද රසායන ද්‍රව්‍ය වල පෝෂණීයගුණයක් හෝ ආහාරයට ආරක්ෂාවක් නැත. නමුත් මේවා භාවිතයෙන් ළමයින් තුල අසාමාන්‍ය හැසිරීම් සහ ඕනෑම කෙනෙකුට පිළිකා සෑදීමේ ප්‍රවනතාවයක් තිබෙන බව  CSPI ආයතනයේ විධායක අධ්‍යක්ෂක මයිකල් ජෙකොබ්සන් මහතා ප්‍රකාශ කර ඇත‍.
පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සදහා මෙම ආහාර වර්ණක තහනම්  කරන ලෙස CSPI ආයතනය  මගින් Food and Drug Administration (FDA) සදහා ලිපියකින් ඉල්ලීමක් කරන ලදී.
Red 3 and Citrus Red 2 මගින්  මීයන් ට පිළිකා වැළදීමේ ප්‍රවනතාවයක් ඇති බව සොයා ගෙන ඇත. එසේම Red 40, Yellow 5සහ Yellow 6 වල පිලිකා ඇතිවීමට හේතු වන විෂ  සහිත සංඝඨක වලින් සමන්විත බව සොයා ගෙන ඇත.

 Blue 1, Blue 2, Green 3, Red 40 සහ Yellow 6 මගින් සතුන්ට පිළිකා වැලදීමට ඉඩ තිබෙන බව සාක්ෂි මගින් එලිදරවු  කර ඇති නමුත් එය ඔප්පු කර නැත.  නමුත් එය ආරක්ෂාව සදහා  ප්‍රභල සාක්ෂියක් නොවේ. 

නීතිය යටතේ  ඩයි කරන ලද ආහාර ගුණාත්මක බවින් අඩු ආහාර ලෙස සලකනු ලැබේ. මෙයට හේතුව ඩයි එකතු කිරීමෙන් සිදුවන්නේ ආහාරයේ ස්වාභාවික පෙනුමට වඩා හොද පෙනුමක් ආහාරයට ලබා දීමත් පළතුරු එළවලු සහ අනෙකුත් අඩංගු කල යුතු ‍මිලෙන් අධික රසද්‍රව්‍ය වෙනුවට මේවා  යොදා ගත හැකි වීමය.  

වර්ණක සියල්ලම පෙට්ට්‍රෝලියම් මත පදනම් වූ සංස්ලේෂකයන්ය. වර්ණක මගින් පාරිභෝගිකයා ගේ  නෙත් ආකර්ෂණය කරයි.  නමුත් මෙයට විකල්පයක් ලෙස ආහාරයට දීප්තියක් ලබා දෙන ස්වාභාවික වර්ණක ලෙස සාන්ද්‍ර බ්ලැක් බෙරි යුෂ , කැරට් යුෂ , paprika (රතු මිරිස් විෂේශයක්), මිදි පොතු නිස්සාරකය, බිට් යුෂ , දමිපාට බතල ,ඉරිගු සහ රතු ගෝවා යොදා ගත හැක.


ආහාර සම්බන්ධව ඇමරිකාව සහ  බ්‍රිතාන්‍යයේ පවතින වෙනස්කම් සම්බන්ධව CPSI  ආයතනය විසින්   වාර්තා කර ඇත. Fanta orange soda  වර්ණ ගැන්වීම සදහා වට්ටක්කා සහ කැරට් නිස්සාරකය යොදා ගන්නා අතර ඇමරිකාව  වර්ණගැන්වීම සදහා Red 40 සහ  Yellow 6 යොදා ගනී. පෝෂණිය ග්‍රැනෝලා බාර් වර්ණ ගැන්වීම සදහා ඇමරිකාව Red 40  යොදා ගනී . එන්ගලන්තයේ ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් වර්ණ ගැන්වීම සදහා ස්ට්‍රෝබෙරි යොදා ගන්නා නමුත් ඇමරිකාව මේ සදහා  Red 40  යොදා ගනී.


උපුටා ගැනීම - http://www.nhs.uk/Livewell/Goodfood/Pages/Eat-less-saturated-fat.aspx

0 comments:

Post a Comment