November 16, 2014

කෝපි - Coffee


නවතම අධ්‍යයනයකින් කියවෙන්නේ කෝපි පරිභෝජනය වැඩි කිරීම දෙවන වර්ගයේ දියවැඩියාව වැලඳීමේ හැකියාව අඩුකරන බවයි.කෝපි වල chlorogenic acid  හෙවත් GGA අඩංගු බව සොයා ගෙන ඇත. කෝපි වල අඩංගු chlorogenic acid  හෙවත් GGA මගින් රැධිර සීනි මට්මට පාලනය කරන බව සොයා ගෙන ඇත.
chlorogenic acid  හෙවත් GGA රැධිරයේ අධික ලෙස මේදය එක් රැස් වීම පාලනය කරයි.මීයන්ගේ රැධිර පරීක්ෂා වලින් මේ පිලිබදව අනාවරනය කර ගෙන ඇත.
 chlorogenic acid  හෙවත් GGA කෝපි වල බහුලව ඇත. තවද GGA ඇපල් පෙයාර්ස්  තක්කාලි වල බහුල වේ.
කෝපි සහ දෙවන වර්ගයේ දියවැඩියාව අතර සම්බන්ධය අළුත් සොයාගැනීමක් නොවේ. දිනකට කෝපි කෝප්ප කීපයක් පානය කිරීමෙන් මෙම දියවැඩියාව ඇතිවීමේ අවධානම අඩුවන බව මීට පෙර කෙරුණු අධ්‍යයන වලින්ද හෙළි වී ඇත. 

Diabetologia සඟරාවේ පළවූ නවතම අධ්‍යයන වාර්තාවකින් කෝපි පරිභෝජනය අඩුවැඩි කරන ප්‍රමාණය අනුව දියවැඩියා අවදානම අඩුවැඩි වන ආකාරය පෙන්වා දී ඇත. 

එහි නිගමනයට අනුව දිනකට කෝප්ප 1කට වැඩි ප්‍රමාණයකින් කෝපි පරිභෝජනය වැඩිකරන අයට එසේ වැඩි නොකරන අයට වඩා 11%කින් දෙවන වර්ගයේ දියවැඩියා අවදානම අඩුවන බවයි. 

එම ප්‍රමාණයෙන්ම පරිභෝජනය අඩුකරන අයගේ දියවැඩියා අවදානම 17%කින් වැඩිවන බවද හෙළි වී ඇත. 

120,000
කට අධික සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ දීර්ඝ කාලීන නිරීක්ෂණ හා විශ්ලේෂණ මත මෙම දත්ත පදනම් වී ඇත. පර්යේෂකයන් අවසන් නිගමනයට පැමිණ ඇත්තේ අධ්‍යයනයට සහභාගි වූවන්ගේ කෝපි පානය කිරීමේ පුරුද්ද වසර 4ක් පුරාවට නිරීක්ෂණය කිරීමෙනි.

"
දෙවන වර්ගයේ දියවැඩියාවට දිනකට කෝපි කෝප්ප 6ක් දක්වා පානය කිරීම අවදානම අඩුකිරීමට හේතු වෙනවා" හාවර්ඩ් මහජන සෞඛ්‍ය අධ්‍යයන ආයතනයේ පර්යේෂිකා ශිල්පා භූපතිරාජු පවසයි. 
.
මෙම අධ්‍යයනයේදී සලකා ඇත්තේ කැෆේන් මිලි ග්‍රෑම් 100ක් පමණ අඩංගු අවුන්ස අටේ කිරි හා සීනි අඩංගු කළු කෝපි කෝප්පය. කෝපි වලින් සාදන වෙනත් පාන වර්ග(Latte වැනි) මෙම අධ්‍යයනයට භාජනය කර නොමැති බව සැලකිය යුතුය.
දියවැඩියාව පමණක් නොව ඇතැම් පිළිකා සහ හෘද රෝග වලටත් කෝපි ගුණදායක බව පැවසුණත් කෝපි වල  ඇනටිඔක්සිජන් බහුල බව පැවසුවද ,කෝපි සියළු රෝග නසන ඖෂධයක් ලෙස නම් කිරීමට විද්‍යාඥයෝ තවමත් මැළි වෙති.
 එහි අදහස ඔබේ කොපි පරිභෝජනය වැඩිකිරීමට තවමත් කල්වැඩි බවයි.කෝපි වලින් ශරීරය වියපත් විය පත් කරවීමේ අවදානම අඩු කරයි.මරණය පමා කරයි.
කෝපි පරිභෝජකයන්ගේ ආයුෂ කෝපි පරිභෝජනය  නොකරන්නගේ ආයුෂට වඩා වැඩි බව පෙන්වා දී ඇත.
කෝපි වල ගුණ වලට වඩා අපි දන්නේ අගුණ පැත්තය. කෝපි වල කැෆෙන් ඇති බවද, එය මිනිස් අස්ථි දිරා යාමට හේතු වන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. එහෙත් නවතම සොයා ගැනීම් වලට අනුව  දිනකට කෝපි කෝප්ප දෙක තුනක් පානය කිරීමෙන් වයස්ගත පෙනුම අඩු කර ගැනීමට හැකි වන බවයි.

උපුටා ගැනීම American Heart Association. "Coffee may help perk up your blood vessels." ScienceDaily. ScienceDaily, 20 November 2013. <www.sciencedaily.com/releases/2013/11/131120111950.htm>.

0 comments:

Post a Comment