.jpg)
කොරල් ඉතා කුඩා ජීවියකුගේ නිර්මාණයකි. මෙම කුඩා
ජීවියා පොලිප් ජීවියා හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. මොවුන් Cnidaria වංශයේ
Anthozoa වර්ගයට
අයත් වේ. එසේම අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මෙම
ජීවීන් නිපදවන බහිස්‍රාවීය ද්‍රව්‍ය වන HN3 ජලයේ දියවූ CO2 සමග ප්‍රතික්‍රියා කර (NH4)2CO2 සාදනු
ලැබේ. මෙම (NH4)2CO2 ජලයේ ඇති Ca සමග
සම්බන්ධ වී CaCO3 සෑදෙන අතර මෙසේ ජලයේ ඇති CaCO3 අවශෝෂණය කරගෙන තම ශරීරයට පිටතින් සැකිල්ලක්
(කවචයක්) නිර්මාණය කර ගනී. මේ සතුන් දහස් ගණනක් නිර්මාණය කරනු ලබන මෙම සැකිලි
කොරල් ලෙස හදුන්වයි.

සාගර
ජලයේ උෂ්ණත්වය (20-30C0),
ලවණතාවය (කොටස්
30-35) සාගර පත්ලට සූරයාලෝකය වැටෙන ප්‍රමාණය, පිරිසිදු
ජලය පැවතීම ආදී සාධකයන්හි බලපෑම මත
කොරල්පරයක වර්ධනය වෙනස් වනු ඇත. ඉහත සාධකයන් ප්‍රසස්ථ මට්ටමින් නොපැවතිය හොත්
පොලිප් ජීවියාට එම තත්වයන් ඔරොත්තු නොදෙන බැවින් පොලිප් ජීවියා මැරෙනු ඇත. මෙසේ
ජීවියා මැරී විනාශ වූ විට කොරල්පර වර්ධනයක් නොවන බැවින් අජීවි තත්වයට පත් වී විනාශ
වී යනු ඇත.
උපුටා ගැනිම-www.coralguardan.org/coral
reefs ,www.ocenfdn.org
0 comments:
Post a Comment