November 10, 2014

පරිගණක සහ පරිගණක දත්ත ආශ්‍රිත අපරාධ...

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය පසුගිය දශක කිහිපය තුල අපගේ ඡිවිතයේ සියලුම කරුණු කෙරෙහි සම්බන්ධ වී ඇති බව දැක්වුවහොත් එය අතිශෝක්තියක් නොවනු ඇත. තොරතුරු තාක්ෂණයට පරිගණකය කොතරම් සමීපව ඇද්දැයි කිවහොත් තොරතුරු තාක්ෂණ නිතිය පරිගණක නීතිය ලෙසටද අර්ථ දැක්විමට නීති ලේඛකයන් පෙළබී ඇත. සැම වෘත්තියක්ම පාහේ තොරතුරු තාක්ෂණයෙන් පෝෂණය වෙමින් පවතින අතර වෛද්‍ය,ඉංඡිනේරු,නීති,ගිණුම් ක්ෂේත්‍ර 
ආදිය උදාහරණ වශයෙන් දැක්විය හැක.

පාරම්පරික අපරාධ, තාක්ෂණයෙන් පිරිපුන් අපරාධ බවට පරිවර්තනය වීම උසස් තාක්ෂණයේ දියුණුවත් සමගම එහි අතුරුඵල ලෙසට සිදුවන්නකී. පරිගණකය හා යම් සම්බන්ධිත ඡාලයක් ඇතැම් විට අපරාධයක් කිරිමට දත්ත ගබඩාවක් ලෙසට හෝ උපකරණයක් හෝ මෙවලමක් ලෙසට භාවිතා විය හැකිය. අනාගතයේදි සිදුවන සියලුම අපරාධ පාහේ පරිගණකයක් සම්බන්ධ වී ඇතිවිය හැකි අපරාධ වාගේම සියලුම ලියවිලි පරිගණක ආශ්‍රිත ‍ලේඛණ විය හැකි බවට ඇස්තමේන්තු කර ඇත. එබැවින් පරිගණක ආශ්‍රිත තොරතුරු විමර්ශනය සිදුකිරිම සහ ඒවා ගබඩා වී ඇති පරිගණක මෘදුකාංග හෝ පරිගණකවලට සම්බන්ධ වෙනත් උපකරණ ආදිය අත්පත් කර ගැනිම සහා එහි ස්වභාවය අනුවම සාමාන්‍යයෙන් වෙනත් නඩුවක භාණ්ඩ අත්පත් කරගැනිමේ සහ සොයා ගැනිමේ සම්ප්‍රදානුකූල ක්‍රමවේදයෙන් බැහැරව ඒ සහාම සුවිශේෂි නව ක්‍රමවේදයක් භාවිතා කිරිම ඉතා වැදගත්වේ. බොහෝ කතුවරයෝ පහසුව සහා පරිගණක අපරාධ වර්ග පහත ලෙස වර්ගිකරණය කරගනු දක්නට ලැබේ.

01.   පරිගණක ආශ්‍රිත අපරාධ - Computer Related Crimes.
02.   පරිගණක ඒකාග්‍ර අපරාධ - Computer Integrated Crimes
03.   පරිගණක දත්ත ආශ්‍රිත සිදුකරන අපරාධ - Computer Contents Related Crimes

01. පරිගණක ආශ්‍රිත අපරාධ - Computer Related Crimes.

මිනී මැරිමේ අපරාධය සහා පිහියක් හෝ ආයුධයක් ආධාර කරගන්නා මෙන් නූතන අපරාධ සදහා පරිගණකය ආධාර කරගන්නා බව දක්නට ලැබේ. වර්තමාන සමීක්ෂණ අනුව මීලග දශකයේදී පරිගණකයක් සම්බන්ධ නොවන අපරාධයක් දක්නට නොමැති වන තරම් බව තහවුරු වී ඇත. බැංකු සහ මූල්‍ය වැනි ආයතන ආශ්‍රිතව සිදුවන අපරාධ සිදුකිරීමට අපරාධකරුවන් විසින් පරිගණක උපයෝගී කරනු ලබන අතර මෙවැනි අපරාධ පරිගණක අශ්‍රිත අපරාධ ලෙස දැක්විය හැක.

02. පරිගණක ඒකාග්‍ර අපරාධ - Computer Integrated Crimes.

පරිගණකය සහ සන්නිවේදන ක්‍රමවල ඵ්කාග්‍රතාවයට හානි සිදුකිරීමෙන් සිදුකරන අපරාධ මේ යටතේ දැක්විය හැකිය. උදාහරණයක් වශයෙන් පරිගණක වැඩසටහනක් මගින් යම්කිසි පවතින වැදගත් කරුණු විකෘතිකර  ඉදිරිපත් කිරීමට සැලැස්වීම, අන්තර්ජාලය ඔස්සේ වංචාව වැනි වරදවල් සිදුකිරීම, පරිගණක හා සන්නිවේදනය ලැබීමට බාධා කිරීම ආදිය දැක්විය හැකිය. පරිගණකයට පරිගණක වෛරස ඇතුලත් කර (Trojan horse, cookies etc..) එමගින් පරිගණකය හෝ පරිගණක පද්ධතියක ක්‍රියාවලිය වෙනස් කිරීම , දත්ත සොරකම් කිරීම, පරිගණක ත්‍රස්තවාදය වැනි දේවල් මේ යටතට ගැනේ.

03. පරිගණක දත්ත ආශ්‍රිත සිදුකරන අපරාධ - Computer Contents Related Crimes.

අතිතයේ මෙන් නොව බොහෝ ආයතන  සම්ප්‍රදානකූල ක්‍රම වලින් බැහැරව සිය එදිනෙදා කටයුතු ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සිදුකිරීමට පෙළබී ඇත්තේ හුදෙක්ම එහි ඇති පහසුව සහ ලාබදායිකම නිසාමය. දත්ත ශ්‍රිත වරදවල් කිරීමේදී අදාල පරිගණකය හා ජාලයක් තුල හෝ ඊට සම්බන්ධ වූ නිවරදි දත්ත යම් වැඩසටහනක් මගින් ඒවා නීති විරෝධී දත්ත ලෙස පෙන්වා දැක්විය හැකිය. මෙමගින් බුද්ධිමය දේපලවලට  අදාල වැරදි සිදුකිරීම අසභ්‍ය ප්‍රකාශන පිලිබද වැරදි සිදුකිරීම මේ යටතේ දැක්විය හැකිය.


අප රට තුල පරිගණකය පදනම් කර ගනිමින් සිදුකරන අපරාධ වරදවල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත අදාල වන අතර එම පනතේ විෂය කේෂ්ත්‍රය මෙරටට ගන්තුක බැවින් යම් යම් වගන්ති අර්ථනිරූපනය කිරීම් සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටළු මෙරට පවතින නීති රාමුව තුළම පමණක් පිහිටා නිරාකරනය කරගත යුතුව ඇත.

References:
 01.  Computer Law, Chris Reed
02.   Neethiya magazine, volume 17
03.  Computer crime act, no. 24 of 2007

0 comments:

Post a Comment