December 1, 2014

පසු අස්වනු හානි අවම කරමු


ශ්‍රී ලංකිකයන් විසින්  බහුලව ආහාරයට එක් කරගන්නා පළතුරක් වන කෙසෙල් ලෝක පළතුරු නිෂ්පාදනයෙන් සිව්වන ස්ථානය හිමිකර ගන්නා පලතුරයි. ශ්‍රී ලාංකික සංස්කෘතියත් සමග දැඩි සම්බන්දධතාවයක් පවතින කෙසෙල් ශ්‍රී ලාංකිකයන් ආහාරයට ගන්නා ප්‍රධාන පලතුරක්ද වනවා.  ශ්‍රී ලාංකාවේ සෑම පෙදෙසකම කෙසෙල් වගාකරනු ලබන අතර වාණිජ සහ ගෘහ වගාවන් ලෙස දක්නට ලැබෙනවා.කෙසේ නමුත් පසු අස්වනු හානි අතරින්ද ප්‍රමුඛ ස්ථානයක් කෙසෙල් වලට හිමිවෙනවා.
කෙසෙල් කැන් කපා ගැනීමේදී ප්‍රමාණය ඉක්මවා මේරු කැන් කපා ගැනීම හේතුවෙන් ගෙඩි පැලීම නිසා සිදුවන හානිය මෙන්ම ප්‍රවාහනය කරන කාලය තුළදී ඉදීම නිසාවෙන් ගෙඩි තැලීමෙන් නාස්තියද , එසේම කැන් ලෙස ප්‍රවාහනය කිරිමේදි සිදුවන යාන්ත්‍රික හානි හේතුවෙන් ඇතිවන සීරීම් මගින් ඉදුණු ගෙඩිවල ආකර්ශණීය බවද  අඩු කෙරෙනවා.
කෙසෙල් ප්‍රභේද  අනුව, පීදිමේ සිට ගෙඩි හට ගැනීමට ගතවන කාලය නිශ්චිතයි. ගෙඩිවල දාරමය ස්වභාවය පහව ගිය විට ගෙඩි මේරීම සිදුවී ඇති බව බොහෝ විට පෙන්නුම් කෙරෙනවා. අස්වනු නෙලීමේදි  කෙසෙල් ගෙඩි කොළ පැහැයේ සිට ලා කොළ පැහැයට හැරෙන අවස්ථාව සහ පොත්තේ දාර ස්වභාවය අඩු වී ගෙඩිය රවුම් වී වටකුරු හැඩයක් ගන්නා අවස්ථාව ඉතා  සුදුසු අවස්ථාව ලෙස දැක්වීය හැක.
කෙසෙල් කැන් කැපීම වැසි රහිත දිනක සවස් වරුවේ සිදුකිරිම වඩාත් සුදුසුයි. කෙසෙල් කැන් දිගු වෙලාවක්ද සූර්යා ලෝකයට නිරාවරණය නොකිරීම ගැනද සැලකිලිමත් විය වනවා. වඩා සුදුසු  අවස්ථාවේ අස්වනු නෙලාගත් විට කාමර උෂ්ණත්වය යටතේ දින 7 -8ක්පමණ කෙසෙල් ගෙඩි කොලපැහැ තත්වයෙන්ම තබා ගැනීමට පුලුවනි. සෙන්ටිග්‍රේඩ් අංශක 12-13 පමණ උෂ්ණත්වයක හා සාපේක්ෂ ආර්ද්‍රතාවය 80 -85% පවතින කාමරවල මාසයක් පමණද කෙසෙල් ගබඩා කර තබා ගැනීමේ හැකියාව පවති.
කෙසෙල් කැන් ප්‍රවාහනායේදී සිදුවන යාන්ත්‍රික නාස්තිය අවම කර ගැනීම සදහා ලොරියෙහි පතුලට කුෂන් එකක් දැමීම, කෙසෙල් කැන් එකිනෙක ස්පර්ශවීම වැලැක්වීමට පොලිතීන් හෝ ස්ටයිරෝෆෝම් ස්ථර යෙදීම සිදුකල හැක. උදය කාලයේ හෝ රාත්‍රි කාලයේ ප්‍රවාහනය කිරීම මගින් ලොරිය තුල  අහිතකර ලෙස උෂ්ණත්වය වැඩී වීමද වලක්වා ගත හැක.
එමෙන්ම කෙසෙල් ගෙඩි ඉක්මනින්ම ඉදවීමට ලක්කිරිමෙන්ද ඒවායේ බාහිර පෙනුම ආරක්ෂාකර ගත හැකිය. ස්වභාවික ක්‍රමවේදයන්ට අනුව කෙසෙල් ඉදීම වෙනුවට කෙසෙල් ඉදවීමේදී කුටීරයක් භාවිතා කිරීම වඩාත් සුදුසු බව දැක්විය හැකිය. මෙහිදී එතලින් වායුව ආධාරයෙන් ගෙඩි ඉදව ගන්නා අතර එතලින් වායුව ලබාගැනීමට එත්රල් මිලිලීටර් 1ක් ජලය ලීටර් 1ක දියකර සාදා ගන්නා ප්‍රමාණය ඉදවීමේ කුටීරයේ ඝන අඩියකට ද්‍රාවන මිලිලීටර් 3-5 වනසේ ප්ලාස්ටික් භාජනයකට දමා කුටීරය තුල තැන්පත් කල යුතුයි. ඉදවීමට අවශ්‍ය කුටීරය තුල තැන්පත් කොට කුටීරයේ දොර වැසීමට පෙර හුනු ග්‍රෑම් 10ක් ජලය ලීටර්1ක දියකර සාදාගත් ද්‍රාවණයක් එත්රල් ද්‍රාවණයට සමාන පරිමාවක් ගෙන එත්රල් බදුනට එක්කොට කුටීරයේ තබා දොර වසා පැය 24ක කාලයක් තබා අනතුරව දොර විවෘත කොට වාතාශ්‍රය ලැබීමට සැලැස්වීමෙන් පසු දින දෙකකට පසු කෙසෙල් ඉදීම සිදුවේ. කෙසෙල් ඵලදාවේ පසු අස්වනු හානි අවම කර ගැනීම තුලින් කෙසෙල් වගා කරුවාට මෙන්ම පාරිභෝගිකයාටද පොදුවේ රටටද  වන යහපත ඉතා ප්‍රයෝජනවත් බව දැක්විය හැක.
 
http://www.academia.edu

0 comments:

Post a Comment