December 23, 2014

බිම්මල් වගාවට හානි කරන කොලොම්බෝලාවන් (Spring tail)

Collembola ගෝත්‍රයට අයත්ය. ආසන්න වශයෙන් විශේෂ 7500 ක් පමණ ‍‍ලෝකයේ සිටිති. මොවුන් පිළිබද වසර මිලියන 400 පමණ පැරණි පොසිල වාර්තාද පවතී. ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් විශාල වශයෙන් හමුවේ. ඇල්ගී, දිලීර හා දිරාපත් වන කාබනික ද්‍රව්‍ය මත යැපේ. කොලොම්බෝලාවන් අන්වීක්ෂීය වන අතර එළිමහනේ ඇති ලී බංකුවක් මත ඇති ඇල්ගී පැල්ලමක් මත මොවුන් දහස් ගණනක් සිටිය හැක.
මෙම කොලොම්බෝලාවන් බිම්මල් වල තැලි අතර ගමන් කරමින් සිටී. ඉර පායාගෙන එන විට කොලොම්බෝලාවන් විශාල සංඛ්‍යාවක් මෘදු හතු කොටස් ආහාරයට ගනිමින් සිටිනු දැකිය හැක.  දෙබල (Furcula) නැමති විශේෂ උපාංගයේ උදව්වෙන් සෙන්ටි මීටර කිහිපයක් වාතයේ පැනීමට ඇති හැකියාවෙන් කොලොම්බෝලාවන්ට එම Spring tail නම ලැබී ඇත. ආහාර ගන්නා විට හා ඇවිදින විට මෙම උපාංගය උදරයේ පහළ කොටස ඔස්සේ ඉදිරියට තබාගෙන සිටී. නිදහස් අවස්ථාවේදී දගර වලිගය සෙන්ටි මීටර කිහිපයක් විදිමින් මෙම උපාංගය පිටුපසට විදෙයි.

උණුසුම් ප්‍රදේශ වලදී පත්‍ර, වියළි කොළ රොඩු, පොතු හෝ පසෙහි කොලොම්බෝලාවන් දැකිය හැකිය. දිය පහරවල්, මඩ කඩිති හා පොකුණු වල දිය මතුපිටද විශාල ප්‍රමාණයක් රුස්වී සිටිති.

www.oystermushrooms.net/chap5.pdf


ජේ. සී රාමනායක

විද්‍යා තාක්ෂණ නිලධාරි
පස්ගොඩ

0 comments:

Post a Comment