December 23, 2014

බිම්මල් වගාවට හානි කරන බිම්මල් මැස්සා-සෙසිඩ්ස්

සාමාන්‍යයෙන් කීටයන් වශයෙන් පමණක් දක්නට ලැබේ. ලාවා ශිශුකතාජනනයෙන් ප්‍රජනනය කරන බැවින් සෙසියිඩ් මැස්සන් දක්නට ලැබෙනුයේ කලාතුරකිනි. එනම් ලිංගික ප්‍රජනනයකින් තොරව මාතෘ කීටයාගේ ශරීරය තුළදී නව පරම්පරාවක් නිපදීම සිදුවේ. 
මැස්සන් ඉතා කුඩාය. පොරිඩ් මැස්සන් මෙන්ම කීටයන් අනිවාර්යය දිලීර ජාල භක්ෂකයන්ය. ඉහළ උෂ්ණත්ව හා ආර්ද්‍රතා වලදී සෑම දින 4 -7 කට වරක්ම  නව පරම්පරාවක් බිහි කරයි. එසේම සෑම මාතෘ කීටයකුටම නව කීටයන් 12 දක්වා බිහි කළ හැකිය. ඒ නිසා මොවුන්‍ගේ ගහණය අධික ලෙස ඉහළ යයි. අහිතකර ලෙස විශාල වශයෙන් එක් රැස්වූ විට කීටයන් එකට ගුලිවී මාධ්‍ය පැකට් හි සිට පොළවට ඇද වැටේ. එවිට පාද හෝ උපකරණ ඔස්සේ නිරෝගී හතු වගාවකට නොදැනුවත්වම ප්‍රවාහනය ‍වෙයි.  මනා සනීපාරක්ෂක තත්ත්වයන් නිසා වර්තමානයේ සෙසිඩ්ස් එතරම් සුලභ නැත. කෙසේ නමුත් පොරීඩ්ස්ට මෙන්ම මොවුන්ට එ‍රෙහිව ද  පළිබෝධ නාශක නොමැත.

බිම්මල් මැස්සන් පාලනය
·         මැස්සන් සදහා වන හොදම පාළන ක්‍රමය වන්නේ දැඩි සනීපාරක්ෂාව, ගොවිපල පවිත්‍රතාවය හා ඇතුල්වීම වලක්වා ගැනීමය.

·         සියළුම කවුළු හා වා සිදුරු කෘමි ප්‍රතිරෝධී දැල් වලින් ආවරණය කිරීම

·         බිම්මල් ගෘහය වායුරෝධනය කල යුතු අතර සියළුම වා සිදුරු වල පෙරහණ තිබිය යුතුය. හතු වගා කොටසේ වායු ඇතුල් වන සියළුම තන්හි පෙරහන් යොදමින් හිතකර පීඩන කලාපයක් ඇති කල හැකිනම් පළිබෝධ පාළනයට විශාල පිටුවහලක් වන්නේය.

·         ජල කළමණාකරනය ද බිම්මල් ‍කෝදුරුවන් පාළනය සදහා යොදාගත හැකිය. ප්‍රමාණයට වඩා වැඩිපුර ජලය යෙදීම නොකල යුතුය. ප්‍රමාණවත් අභ්‍යන්තර වාතනයක් සැපයිය යුතුය. චලනය වන වාතය කෝදුරුවන්ට අහිතකර ලෙස බලපායි.

·         වියළි කෝපි කුඩු, දුම්කොළ වතුර (සිගරැට් කොට පෙගවීමෙන්), මිරිස් දියර, සුදුළුණු දියර හිතකර නිවාරක ලෙස දැක්විය හැකිය.

·         සිට්‍රොනෙල්ලා ඉටිපන්දම් මගින් කෝදුරුවන් ඇතුළු බොහෝ පියාසර කෘමීන් විනාශ කල හැකිය. 

·         කෝදුරුවන්ගේ අන්වීක්ෂීය බිත්තර හා කීට ආකාර වල එක් ප්‍රධාන ප්‍රභවයක් නම් පොල් කොහු හා අඩුවෙන් ජීවාණුහරණය කල මාධ්‍යයවේ. ජීවාණුහරනය කරන කාලය හා උෂ්ණත්වය වැඩි කිරීම, රැදී ඇති ජලය ඉවත් කිරීම, දිගු කාලීන ‍ජෛවීය මදුරු කීට නාශකයක් වන Bacillus thuringiensis - BIT මගින් සති 2-3 යන තුරු සතිපතා ප්‍රතිකාර කිරීම මගින් බිම්මල් කෝදුරු කීටයන් පාළනය කල හැකිය. මෙම කීට නාශකය අනුක්‍රමයෙන් ජලයේ තැම්පත් වන අතර ජලයේ සිටින මදුරු හෝ බිම්මල් කෝදුරු කීටයන් විසින් ආහාරයට ගත් විට උන් මිය යාම සිදුවේ. BIT යොදා ‍ගෙන කුඩා ඩෝනට් හැඩති Skeeter dunks නැමැති ව්‍යුහ සාදනු ලැබේ. මේවා ජලයේ මතුපිට පාවීමට සැලසුම් කර ඇති අතර මදුරුවන් විනාශ කිරීම සිදු කරයි. දර්ශීය පරිසර තත්ත්ව යටතේදී මේවායේ  ක්‍රියාකාරීත්වය දින 30 හෝ ඊට වැඩියෙන් පවතී.

·         කොහොඹ නිස්සාරකය මගින් පස තෙත් කිරීමද කළ හැකිය. කොහොඹ ශාකයේ (Azadirechta indica) නිස්සාරකය පුළුල් පරාසයක භාවිතයන් විශාල ප්‍රමාණයකට යොදාගත හැකිය. කොහොඹ ගසේ මදයෙන් නිස්සාරණය කරන තෙල් වල පෝෂදායී ගුණාංග ඇත. කො‍හොඹ වල අඩංගු Azadirachtin  රසායනිකය මගින් කෘමීන්ගේ හෝමෝන පද්ධතියට බලපෑම් සිදුකරනු ලැබේ. එසේම පෝෂණ ක්‍රියාකාරීත්වය, ප්‍රජනනය හා පියෑඹීමේ හැකියාවටද බලපෑම් සිදුකරනු ලැබේ. මෙම Azadirachtin රසායනිකය ක්ෂීරපායීන්ට දක්වනුයේ සුළු විෂකි. එය ජෛව විද්‍යාත්මකව පිරිහී යන ස්වභාවයේ ද්‍රව්‍යකි. ගසේ බීජ මගින් පහසුවෙන් නිස්සාරණය කළ හැකිය. පත්‍ර, තෙල්, කුඩු හෝ කෙදි ලෙස දක්නට ලැබේ.

·         විනාකිරි, බියර්, සබන් දියර, මින්ට් රසැති මුව සෝදන දියර යනාදිය ආකර්ෂක වශයෙන් යොදාගත හැකිය. මෙහිදී මැස්සන් පෙළඹවීම මගින් යම්කිසි ස්ථානයකට ගෙන්වා තදින් පහරදීමක්, ඇලී යාමක්, ගිල්වීමක්, විෂ වීමක්, විදුලි සැර වැදීමක් හෝ වෙනත් විදියකින් මරණයට පත් කිරීමක් සිදු කරයි.

·         වඩා නිර්දේශිත ක්‍රමය නම් කෘමීන් කැමති කහපාට ඇලෙන සුළු පෙරමෝන සුවදැති මැසි කඩදාසි (Fly paper cards) ආලෝක ප්‍රභවයක් අසල තැබීමය. ‍හෝ කහපැහැ ඇලෙන සුළු උගුල් භාවිතය (කහ පොලිතීන් එළවළු තෙල් ආලේප කර යොදා ගැනීම. මෙමගින් වගා කුටි තුල සිටින මැස්සක් අනාවරණය කර ගැනීම හා පාළනය කිරීම සිදු කෙරේ)

·         ඉංදියාවේදී කහ පැහැ වොට් 15 බල්බ හා එළවළු තෙල් (අබ තෙල් ) ආලේපිත කහ පොලිතීන් කොල බහුලව යොදා ගන්නා අතර  බිම්මල් මැස්සන් පාළනයේදී සංස්ලේෂිත පළිබෝධ නාශක වෙනුවට ඉතා පලදායී වන බව ඔප්පු කර ඇත.

·         භාවිතා කරන ලද වගා මාධ්‍යය ගොවිපලෙන් ඉවත් කිරීම ‍හෝ විනාශ කිරීම.

·         වගා කන්නය අවසන් වී‍මෙන් පසු වගා කාමර ජීවාණුහරනය කිරීම

·         බිම්මල් වගා කරන ස්ථානය ආසන්නයේ වල් පැල හා කුණුවන ද්‍රව්‍ය විනාශ කිරීම.

www.shroomery.org/5283/Dealing-with-Mushroom-Flies
ජේ. සී රාමනායක
විද්‍යා තාක්ෂණ නිලධාරි
පස්ගොඩ

0 comments:

Post a Comment