December 31, 2014

දේශීය පිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදන

කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයේදී පිටි ලෙස ප්‍රධාන වශයෙන් භාවිතා කරනුයේ ආනයනික තිරිඟු පිට වේ. නමුත් දේශීයව පවතින පිටි වර්ග භාවිතය මගින් තිරිඟු පිටි ආනයනය සඳහා වැයවන විදේශ විනිමයද අඩු කොට, පෝෂණ ගුණයෙන් ඉහල ලෙඩරෝග වලින් වැලකිය හැකි ආහාර වර්ග සකස් කල හැකිය. දේශීයව සකස් කල හැකි පිටි වර්ග කිහිපයක් නම්,
1.       සහල් පිටි
2.       සෝයා පිටි
3.       බඩ ඉරිඟු පිටි
4.       මඤ්ඤොක්කා පිටි
5.       කුරක්කන් පිටි
6.       කොස් ඇට පිටි
7.       කොස් පිටි (කොස් මදුලු වියලීමෙන් ලබා ගනී)
8.       කඩල පිටි

මෙම පිටි වර්ග අදාල ධාන්‍ය වර්ග මාශ භෝගය හො අතිරේක ආහාර භෝගය හොඳින් වියලා (විජලන යන්ත්‍රයක නම් බඩාත් සුදුසු වේ.) කුඩු කර ගත හැකිය. (පිටි අඹරණ යන්ත්‍ර ආධාරයෙන්)
මෙම දේශිය පිටි වර්ග විවිධ ආහාර වර්ග නිෂ්පාදනයේදී/සැකසීමේදී තනි තනි වශයෙන් හෝ මිශ්‍රණ ලෙස විවිධ අනුපාතයන්ගෙන් එකතු කල හැකිය. එවැනි ආහාර වර්ග කිහිපයක් නම් සහල් පිටි බිස්කට්, සහල් පිටි මුරුක්කු, සහල් පිටි නූඩ්ල්ස්, සහල් පිටි බනිස්, මඤ්ඤොක්කා පිටි පිට්ටු, සෝයා පිටි බනිස් (පිටි වර්ග කීහිපයක් මිශ්‍ර කර) මුං ඇට පිටි (පැල කරන ලද හෝ නොකරන ලද) එකතු කල බිස්කට්/කුකීස්, කොස් පිටි කොකිස්, කොස් ඇට පිටි අලුවා, රොටී ආදිය වේ.  

පාන් බනිස් වැනි බේකරි නිෂ්පාදන සඳහා දේශීය පිටි වර්ග යම්තාක් දුරට එකතු කල හැකිය. මෙහිදී විශේෂයෙන්ම මෙම නිෂ්පාදන වල හැඩය සඳහා තිරිඟු පිටි බලපායි. බේකරි නිෂ්පාදන මිල දී ගැනීමේදී නිෂ්පාදනයේ හැඩය/පෙනුම පිළිබද පාරිභෝගිකයා සැලකිලිමත් වේ. නමුත් මෙහිදී සිදු වන්නේ තිරිඟු පිටි වල පවතින ග්ලූටනින් නැමැති ප්‍රෝටීනය නිසා බේකරි නිෂ්පාදන වල පිපෙන ගතිය ඇති වේ. එහිදී මෙම ග්ලූටනින් නැමැති ප්‍රෝටීනය ජලයේ දිය වූ විට ග්ලූටන් සෑදේ. මෙය ජාලයක් ලෙස සෑදී ඒවා අතර CO2 වාතය රඳා පවතී. නමුත් සහල් වැනි පිටි වර්ග වල මෙම ප්‍රෝටීනය අඩංගු නැත. එම නිසා එම පිටි වර්ග මිශ්‍ර කර බේකරි නිෂ්පාදන සෑදූ විට එම මාංශ ගුලිය තුල CO2 රඳවා ගත නොහැකි නිසා එම පාන් වල පිපුනු ගතිය අඩු වේ. නමුත් මෙහිදී ගුණාත්මක අතින් ගත් කල දේශීය පිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදන සුදුසු බව සඳහන් කල හැකිය.

සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරි - මාතලේ

0 comments:

Post a Comment