December 30, 2014

කජු පුහුලමේ මහිම

Anacardium  occidentale ලෙස  උද්භිද විද්‍යාත්මකව හදුන්වන කජු ශාකය නිවර්ථන රටවල ඉතා හොදින් වැවෙන ශාකයකි. මෙම ශාකය, කජු පුහුලම ලෙසින් හදුන්වන ආහාරයට ගත හැකි පළතුරක් වන පෙයාර්ස් හැඩති ව්‍යාජ ඵලයක් නිපදවයි. මෙම කජු පුහුලම බොහෝ  විට  දීප්තිමත් රතු, තැඹිලි, කහ හෝ මිශ්‍ර පාට වලින් දැකිය හැක.  එසේම  ඉතා ඉක්මනින් නරක් වී ආහාරයට ගත නොහැකි තත්වයට පත් වන නිසා  එතරම් ජනප්‍රිය පළතුරක් ලෙස නොසලකයි.


නමුත් 32°F  -35°F   උෂ්ණත්වයේ  හා 83%- 90%  සාපේක්ෂ  ආර්ද්‍රතාවය යටතේ මෙම කජු පුහුලන් සති 5ක පමණ කාලයක් කල් තබා ගත හැකි බව ඉන්දීය විද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගෙන ඇත. මෙම කජු පුහුලන් කහට රසයෙන් යුක්ත වන අතර  එසේ වනුයේ එහි අඩංගු 35%ක් පමණ වන ටැනින් හා 3%ප්‍රතිශතයක් වන තෙල් සහිත ද්‍රව්‍ය හේතුවෙනි.
ඇල් ජලයෙන් සේදීමට පෙර විනාඩි 5ක් පමණ හුමාලය යෙදීම මගින් මෙම කහට ගතිය ඉවත් කළ හැක. එසේ නැතහොත්  ලුනු වතුරේ දමා නැටවීමෙන්  හෝ  ජෙලටීන් ද්‍රාවනයක ගිල්වා තැබීම මගින් මෙම කහට ගතිය ඉවත් කළ හැක.
කජු පුහුලමි ඉදුනු පළතුරක් ලෙස ආහාරයට ගත හැකි සේම එළවළුවක් ලෙස,විනාකිරිවල පැසීම සිදුකර , පළතුරු යුෂ ලෙස , වයින් ලෙස ආහාරයට ගත හැක.
කජු පුහුලම් ග්‍රෑම් 100ක පෝෂණ ගුණය                      
ජලය __   85.4    කිලෝ කැලරි   53 ප්‍රෝටීන් __ග්‍රෑම් .8                 
මේදය__ ග්‍රෑම් .4  තන්තු __ ග්‍රෑම් .4

කජු පුහුලම් පෝෂණය අතින් ඉතා ඉහල පළතුරක් වන අතර විටමින්  සී බහුල වේ.  මෙම ප්‍රමාණය  විටමින් සී බහුල ආහාර ලෙස හදුනාගත්  දොඩම් මෙන් 5 ගුනයක්    අන්නාසි මෙන් 10ගුණයක් පමණ වේ. එසේම කැරටිනොයිඩ හා ඇන්තොසයනීන්  වර්ණක  වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. 
කජු පුහුලම් වල සෞඛ්‍යමය වටිනාකම්
කජු පුහුලම් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක හා ශාකනය වූ ඇමයිනෝ අම්ල  මේද දහනයට  උපයෝගී වේ. කජු පුහුලම් විටමින් සී හා පොලි පීනෝල්, ඇන්තොසයනීන් බහුල ආහාරයක් නිසා  ප්‍රතිඔක්සිකාරක ගුණ සැලකිය යුතු මටිටමකින් ඉහල අගයක් ගනී. පීනෝලික සංයෝග වලටත් වඩා මේ සදහා බලපානුයේ  සී විටමින්ය.
ප්‍රතිඔක්සිකාරක මගින්  මුක්ත ඛන්ඩක වල දාම ප්‍රතික්‍රියා අවසන් කර විකෘති ඇති  වීම , පිළිකා  සෑදීම , ඩී.එන්.ඒ.වලට හානි කිරීම වලකයි. ප්‍රධානම ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය විටමින් ඊ , බීට කැරොටින් ,විටමින් සී වේ. අමතරව කජු පුහුලම් වල අඩංගු අංශු මාත්‍ර මූල ද්‍රව්‍යයක් වන සෙලීනියම් ප්‍රතිඔක්සිකාරක  එන්සයිම පද්දතියේ නිවැරදි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වේ. මෙම ද්‍රව්‍ය ශරීරයට නිපදවිය නොහැකි අතර  ආහාර වලින්ම සැපයිය යුතුය.
 කජු පුහුලම් වලින් සාදනු වයින්  ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතා  ඉහල වේ.  මෙමගින් පිළිකා , හෘද රෝග, මොළයේ අසමතුලිතතා වැලැක්වීම කරණු ලබන අතර  වයසට යාමේ වේගය පාලනය  කිරීම ද සිදු කරයි. එසේම උගුරේ තුවාල සුව කිරීමට, සෙම් ගතිය පාලනය කිරීම, ආමාශ අසනීප සුව කිරීමට, බහිශ්‍රාවී පද්දතියේ ගල් ඇතිවීම වැලැක්වීමට, කොළරා රෝගයට  ප්‍රතිකාර ලෙස හා නිරෝගී සෞඛ්‍යක් පවත්වා ගැනීමට බොහෝ උපකාරී වේ.
බයෝ  එතනෝල්  නිෂ්පාදනය -  ඉන්ධන මගින්  විශාල  වශයෙන් සිදු වන පරිසර දූෂණය අවම  කිරීම සදහා  කජු පුහුලම්  වලින් නිපදවන පොසිල  ඉන්ධනයක් වන බයෝ එතනෝල් යොදා ගත හැකියි.ජනගහනය වැඩි වීමත් සමග ඉන්ධන පරිභෝජනය වැඩි වීම නිසා සිදුවන ඉන්ධන හිගතාවයට විසදුමක් ලෙසද මෙම   බයෝ එතනෝල් යොදා ගත හැක. කජු පුහුලම් යුෂ  ක්ෂුද්‍ර ජීවීන් යොදා පැසීම සිදු කර බයෝ එතනෝල් ලබා ගත හැක. මේ සදහා සැකරොමයිසීස් ක්ෂුද්‍ර ජීවීන් යොදා ගනී.
මේ අනුව කජු පුහුලම්  සෞඛ්‍යාරක්ෂිත  පළතුරක් වන අතර  වානිජ වාණිජ වශයෙන් ද බොහෝ ප්‍රයෝජනවත් වේ. 

3 comments:

තොරතුරු වලට ස්තුතියි ඔබට

තොරතුරු වලට ස්තුතියි ඔබට

වටිනාකමක් තිිබෙන ⁣විස්තර රැසක්..බොහොම ස්තුතියි..

Post a Comment