ශ්‍රී ලංකාව මේ වන විට ඉතා වේගයෙන් බෝ
නොවන රෝග රැසක ගොදුරක් බවට පත් වෙමින් පවතී. ප්‍රධාන වශයෙන් රජරට මෙන්ම හම්බන්තොට
ආදී ප්‍රදේශද ආක්‍රමණය කරමින් යන වකුගඩු පිලිකා
වැනි රෝග තත්වයන් සීඝ්‍රයෙන් පැතිර යමින් පවති. මෙම බොහෝ රෝග පැතිරීමට ප්‍රධානතම
සාධකයක් ලෙස අසීමාන්තිකව භාවිතා කරන කෘෂි රසායන ද්‍රව්‍ය බව නොරහසකි. අතිතයේදී
භාවිතා කල කාබනික මූලික ගොවිතැන අතහැර දමමින් රසායනික ගොවිතැනට යොමු වීම තුල සමස්ථ
ලෝකයම වෙලාගත් ව්‍යසනය හොදින් අවබෝධ කර ඊට පිළියම් සෙවීම වර්තමානයේ ප්‍රමුඛ අවශ්‍යතාවයක්ව
පවතී.
ඉතා වේගයෙන් වර්ධනය වූ කෘත්‍රිම පොහොර හා පළිබෝධනාශක
යොදාගන්නා නූතන රසායනික වගා ක්‍රමය හෙවත් සම්මුතිගත කෘෂිකර්මය (conventional agriculture) මේ වන විට ලෝකයේ ප්‍රධාන වගා ක්‍රමය බවට පත් ව තිබේ. එහෙත් මේ ක්‍රමයෙන්
වගා කරනු ලබන ආහාරවල ඇති වස විස නිසා මේ වන විට සැලකිය යුතු අවධානයක් වස විස රහිත
ආහාර හා කාබනික ගොවිතැන (organic
agriculture) සඳහා යොමු වී තිබේ.
අද වන විට ලෝකයේ බොහෝ රටවල කාබනික කෘෂිකර්මය වේගයෙන් වර්ධනය වෙමින් පවතින
අංශයකි. මෙය දියුණු රටවල මෙන්ම දියුණු වන රටවල ද දැකිය හැකි ය. මිනිසුන් ඈත අතීතයේ
සිට සිදු කරගෙන පැමිණි වගාක්‍රමයක් වෙත නැවත ගමන් කිරීමක් ලෙස ද මෙය
හැඳින්වීමටහැකිය.
කාබනික ආහාර හා රසායනික යෙදූ ආහාර අතර පෝෂණීය තත්ත්වය හා සෞඛ්‍යරක්‌ෂිත බව
පිළිබඳ ව සංසන්දනය කරමින් සිදු කර ඇති දීර්ඝ අධ්‍යනයකින් පසුව කාබනික ආහාරවල
පෝෂණය හා සෞඛ්‍යරක්‌ෂිත බව තහවුරු වී ඇති බව සදහන් වන අතර එහි පහත සදහන් ගුණාංගයන්
ඇති බව කියැවේ.
ප්‍රතිඔක්‌සිකාරක අධිකයි
සමස්‌තයක් ලෙස ගත හොත්, කාබනික ආහාරවල දැකිය හැකි ප්‍රතිඔක්‌සිකාරක ප්‍රමාණය,රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර භෝගවලට වඩා 18% ත් 69% ත් අතර ප්‍රමාණයකින් අධිකය. පීනෝලික අම්ල, ෆ්ලැවනෝන්, ස්‌ටිල්බෙනේ, ෆ්ලැවෝන, ෆ්ලැවනොල් හා ඇන්තොසයනින් යන සංයෝග
කාබනික ආහාරවල 19%, 69%, 28%, 26%, 50% හා 51% ප්‍රමාණයකින් අධික ය. මේ කාණ්‌ඩවල සංයෝග
අතරින් රැසක් ඇතැම් රෝගවලට ඇති අවදානම අඩු කිරීම සඳහා දායක වන බව පර්යේෂණාත්මක ව
පෙන්වා දී තිබේ. මේ රෝග අතර ස්‌නායු ආශ්‍රිත රෝග, ඇතැම් පිළිකා රෝග වැනි රෝගද තිබේ.
කාබනික භෝගවලට බාහිර
පරිසරයෙන් ලබා දෙන පළිබෝධනාශක නොමැති බැවින්, කාබනික වශයෙන් වගා කරනු ලබන ශාකවල දී පළිබෝධයන්ට ප්‍රතිරෝධී ව නිපදවනු ලබන
පීනෝල හා පොලිපීනෝල සංයෝග නිපදවීමට ශාක උත්සුක වේ. මේ සඳහා බලපාන සාධක අතර අජීවී
මෙන්ම සජීවී උත්තේජක ද වේ. පළිබෝධකයන් ගෙන් සිදු වන හානි ද එවැනි උත්තේජකයකි.
කාබනික ආහාර පරිභෝජනයට ගන්නා පාරිභෝගිකයන් ගේ ශරීරගත වන ප්‍රතිඔක්‌සිකාරක ප්‍රමාණය 20-40 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි ය. අන් ආකාරයකින් දක්‌වන්නේ නම්, මින් කියවෙන්නේ කැලරි ප්‍රමාණය වැඩි නොකරගනිමින් එළවළු හා පලතුරු වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම හා සමාන වන බවයි. එය පෝෂණය හා සම්බන්ධව වැදගත්
කාබනික ආහාර පරිභෝජනයට ගන්නා පාරිභෝගිකයන් ගේ ශරීරගත වන ප්‍රතිඔක්‌සිකාරක ප්‍රමාණය 20-40 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි ය. අන් ආකාරයකින් දක්‌වන්නේ නම්, මින් කියවෙන්නේ කැලරි ප්‍රමාණය වැඩි නොකරගනිමින් එළවළු හා පලතුරු වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම හා සමාන වන බවයි. එය පෝෂණය හා සම්බන්ධව වැදගත්
පියවරක් බව පැහැදිලිය.
මේ අනුව කාබනික ආහාරවලින් පෝෂණමය වශයෙන් යහපත් ප්‍රතිලාභ රාශියක් ලැබෙන්නේ
ඒවා ඒ
Ø ආහාර නිෂ්පාදනය කරනු ලබන ක්‍රමය නිසා ය.
Ø කාබනික ආහාරවල පළිබෝධනාශක ශේෂ අඩුයි
කාබනික ආහාරවල දැකිය හැකි පළිබෝධනාශක ශේෂ ප්‍රමාණය මෙන් සිව් ගුණයක්
පමණ අධික ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය යෙදූ කෘෂිකර්මයෙන් නිපදවන ආහාර භෝගවල හමු වන බව පර්යේෂණ වලින් හෙලී වීඇත.
විෂ සහිත කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය
යොදා නො ගන්නා නමුත්, කාබනික ගොවිබිම්වල ඇතැම් විට කෘත්‍රිම
පළිබෝධනාශක ශේෂ දැකිය හැකි වේ. එහෙත් ඒ ඉතා අඩුවෙනි. මේ අධ්‍යයනයේ දී හෙළි වූ
ආකාරයට 11% ක් පමණ කාබනික භෝග වල මේ ශේෂ හමු ව
තිබූ අතර ඊට හේතුව අදාළ කාබනික ගොවිබිම් වලට ආසන්නයේ පිහිටා ඇති රසායනික ද්‍රව්‍ය
යොදාගන්නා ගොවිබිම්වල රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම හා දිගු කල් පවත්නා රසායනික ද්‍රව්‍ය පරිසරයේ
පැවැතීම බව පෙනේ.
මෙහි දී හෙළි වූ තවත් වැදගත් කරුණක්
වූයේ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර භෝගවල හමු වන කැඩ්මියම් ප්‍රමාණය මෙන් 48% ක් පමණ අඩු ප්‍රමාණයකින් කාබනික
ආහාරවල කැඩ්මියම් හමු වී තිබෙන බව ය. පොහොර මගින් මේ කැඩ්මියම් ශාකවලට උරාගෙන ඇති
අතර රසායනික පොහොර යොදා නොගන්නා කාබනික වගාවල කැඩ්මියම් ප්‍රමාණය අඩු වීම මීට හේතු
විය හැකි ය.
උපුටා ගැනීම
https://www.facebook.com/.../NANO-FOOD/7043419.
0 comments:
Post a Comment