December 30, 2014

බළලුන් කැමැති වුවත් මදුරුවන් අකමැති කැට්නිප්

මෙම අපූරු සම්බන්ධය ගොඩ නැඟී ඇත්තේ  බළලුන් මදුරුවන් පදනම් කරගෙනය.  ඒ අනුව වඩාත්ම ප්‍රබල මදුරුවන් පළවා හරින උපකරණ පවා පසෙකට තල්ලු කළ හැකි යුගයක් ඇතිවන බවට සළකුණු ඇත.මේ සම්බන්ධව පර්යේෂණයේ යෙදී ඇත්තේ අමෙරිකාවේ ලෝවා ප්‍රාන්තයේ කෘමි විෂ අධ්‍යනය පිළිබඳ විද්‍යාඥයන් වන පොඑල් නෝර්ට්ස් හා ක්‍රිස් පීටර්සන්ය. ඔවුන්ගේ පර්යේෂණ වලට හවුල් කරගෙන ඇත්තේ කැට්නිප් ලෙස හදුන්වන කුප්පමේනියා මෙන් බළලුන් ආකර්ශණය කළ හැකි ශාක විශේෂයක් වන අතර, වනාන්තර අධ්‍යනයේ දත්ත හා මෙම විද්‍යාඥයෝ කළින් කළ පරියේෂණ වල දත්ත ඇසුරින් එතෙක් පැවති ජන ප්‍රවාදයක් තහවුරු කළහ. එනම් එම කැට්නිප් ශාකය හා බැඳී ඇති මදුරුවන් පලවා හැරීමේ හැකියාවයි.


මෙයින් නොනැවතුන එම විද්‍යාඥයන් කැට්නිප්හි අපූරු බලපෑම් පිළිබඳව තවදුරටත් විග්‍රහයේ යෙදුණි. එම ශාකය ආශ්‍රයෙන් පිළියෙල කරගත්  1% ක සාන්ද්‍රණයෙන් යුක්ත තෙල්වලින් පෙඟවු පැතලි කඩදාසි රවුමක්, මදුරුවන් 20 ක් පමණ සිටි වීදුරු බීකරයක පතුලෙහි රැඳවීම සිදු කර ඇත. මෙහිදී මදුරුවන් මුළු ගණනින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් පළවා හැරීමට හැකි වූ බව නිරීක්ෂණය කෙරිණි.
මකුණු නාශක ස්ප්‍රේ උපකරණවල භාවිත කරන ඩීට් නම් සුප්‍රසිද්ධ රසායනික ද්‍රව්‍ය පවා 1% ක සාන්ද්‍රණයේදී ක්‍රියාකාරී නොවේ. එහෙත් මෙම කැට්නිප් ශාකය ඉතා අඩු සාන්ද්‍රණයේදී පවා මදුරුවන් වෙත බලපෑම් ඇති කරයි.

කෙසේ වුවද එම ශාකයේ මදුරුවන් පළවා හැරීමේ හැකියාව කුමක් නිසා ඇති වන්නේද යන්න කෝට්ස් පැහැදිලි ලෙස නොදන්නා නමුත් ඉදිරියේදී කැට්නිප් තෙල් යොදා රෙදි හා මදුරු දැල් තැනීම මදුරුවන්ගෙන් ගැලවීමට ප්‍රයෝජනවත් විය හැකි බව ඔහුගේ අදහසයි.
මදුරු උවදුරෙන් ගැලවීමට සාමාජය විකල්ප සදහා යොමු වෙමින් සිටියි. එබැවින් මෙවැනි සොයා ගැනීම්වලට අනාගතයක් ඇත. මේ අනුව කෘමි විෂ අධ්‍යනයේදී තව දුරටත් යෙදීමට කෝට්ස් හා පීටර්සන් අදහස් කරති.

ඩිස්කවරි ඇසුරින්
සකස්කලේ : දීපිකා නන්දසේන ,විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි,ගම්පහ

0 comments:

Post a Comment