හෙක්ටයාර 70 ක් පමණ වූ විවෘත ජල පද්ධතියකින් හා දූපත්
සමූහයකින් සමන්විත මාදුගඟ වර්ග කිලෝමීටර 8.5 ක් පුරා පැතිර
ඇත. අතීතයේදී මාදු ගඟ දූපත් 64 කින් සමන්විත
වූ ගංගාවක් වූ අතර වර්තමානයේ ඉතිරිව ඇත්තේ දූපත් 25 ක් පමණි.
මින් ප්‍රධාන දූපත මාදුව වන අතර කුඩාම දූපත සතපහේ දූපත වේ.
ශ්‍රී ලංකාවෙන්
වාර්තාවන කඩොලාන වර්ග 30 ක පමණ සංඛ්‍යාවෙන්
වර්ග 14ක් පමණ මෙම මාදු
ගඟ ආශ්‍රිතව දක්නට ඇත. ඒ අතුරින් වදවී
යාමේ තර්ජනයට ලක්වී ඇති රතමිල්ල විශේෂයද මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබේ.මීට අමතරව
මල් හට ගන්නා ශාක වර්ග 302 ක් පමණ ද
ඖෂධීය ගුණයෙන් අනූන ශාක වර්ග විශාල සංඛ්‍යාවක් ද මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබේ.
මෙය 2005 වර්ෂයේදී අභය භූමියක් ලෙසද ප්‍රකාශයට පත්කර
ඇති අතර වඳවී යාමේ තර්ජනයට ලක්වූ දුර්ලභ ගණයේ සතුන්ද මෙම පරිසරය තුල හමුවේ.
ක්ෂීරපායින්, උරගයින්, මසුන්,
ගෙම්බන් හා
මැඩියන් වැනි සත්ව කොට්ඨාශ මෙම පරිසරයේ හමුවන අතර වඳවී යාමේ තර්ජනයට ලක්වූ
විල්මුවා ( Axis pareinus), දිය බෙල්ලා (Lutra lntra), හඳුන් දිවියා (Prinulniss vircrrinas ) වැනි සතුන්ද මාදු ගඟ
ආශ්‍රිතව දක්නට ලැබේ.මීට අමතරව මී මින්‍නා,
ගෝනමුවා වැනි
දුර්ලභ සත්වයින් ද ගැට කිඹුලා, හැල කිඹුලා
වැනි කිඹුල් වර්ගද මෙහිදී හමුවේ.
මාදු ගඟ ආශ්‍රිතව
කුරුළු වර්ග 111 කට අයත් කුරුල්ලන්
සිටින බව සොයාගෙන ඇත. මීට අමතරව සිසිර සෘතුවේ ලෝකයේ උතුරු අර්ධගෝලයේ සිට සීතලෙන්
මිදීම සඳහා ලංකාවට සංක්‍රමණය වන කුරුල්ලන් අතුරින් වැඩි පිරිසක් මාදු ගඟ ආශ්‍රිතව
ලැගුම් ගනී.
ශ්‍රී ලංකාවේ දක්නට
ලැබෙන සමනල කුල 9 ම මාදු ගඟ ආශ්‍රිතව
දක්නට ලැබේ.පොදුවේ ගත් කල තෙත් බිම්, ආහාර
නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, කලාත්මක නිෂ්පාදන, ඉන්ධන ලබා ගැනීම හා නිවාස ඉදිකිරීම සඳහා
අවශ්‍ය වන දැව ඇතුළු අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා වැදගත් වන ශාක, පඳුරු හා පැළෑටි වැවෙන ප්‍රදේශ වේ. එමෙන්ම
මෙම තෙත් බිම් මුහුදු ඛාදනය වැළැක්වීම, භූගත ජලය ප්‍රතිපෝෂණය
කිරීම හා ගංවතුර පාලනය සඳහා ද වැදගත්වේ.
මේ අනුව දේශීය හා
විදේශීය සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් මෙම මාදු ගඟ පරිසර පද්ධතිය, රම්සා තෙත් බිම බලපිටිය ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය සතු මහඟු සම්පතකි.
සැකසුම-විද්‍යා හා
තාක්ෂණ නිළධාරි-බලපිටිය
1 comments:
wetlands are our friends
Post a Comment