December 26, 2014

ගෝලීය හැකර්ලා සදහා පුළුල් ලෙස විවෘත Mobile Phones

ලෝකයේ ඕනෑම තැනක සිට ඔබගේ ජංගම දුරකථනයේ ඇමතුම්වලට සවන්දීම , ඇමතුම් පටිගත කිරීම, කෙටි පණිවුඩ කියවීම හෝ ඔබගේ ජංගම දුරකථන ගිණුමේ තොරතුරු පවා වෙනස් කල හැකි බව ජර්මාණු ආරක්ෂක විශේෂඥයින් අනතුරු අගවති.
1980 දී නිර්මාණය කල දුර්වල යටිතල පහසුකම් නිසා ලෝකයේ ඕනෑම තැනක සිටිමින් පරිගණකය  භාවිතා කර අනවසරයෙන් දත්ත සොරකම් කරන  දත්ත සොරුන් හෙවත් හැකර්ලාගේ ගොදුරක් බවට  එක්සත් රාජධානියේ ජංගම දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ පත්වීමේ හැකියවක් ඇති බව පර්යේෂකයන් අනතුරු අගවති.

ජර්මාණු ආරක්ෂක විශේෂඥයින් පවසන්නේ මෙම SS7 ජාලයේ පවතින අඩුපාඩු භාවිතා කරමින් හැකර්ලා සහ Spy  Agencies දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩවලට සවන්දෙන අතර පාරිභෝගිකයන්ගේ ගිණුම් වලට පවා ඇතුල් වී ඒවා වංචා කිරීමට හැකි බවය. මෙම ජාලය, ලොව පුරා විවිධ නම් ගන්නා නමුත් ලොව පුරා භාවිතා වන ආරම්භක හා අවසානාත්මක දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ මාර්ගවල ප්‍රෝටකෝලයන්ගේ පද්ධති වේ.

මෙම හැකර්වරුන්ට පරිශීලකයා වාහනයක් පැද යන විට එක් කුළුණක සිට අනෙක් කුළුණට මාරු වීමෙන් දුරකථන ඇමතුම් ලබාගැනීමට නිර්මාණය කල නිත්‍යාණුකූල විශේෂාංග භාවිතා කිරීමේ හැකියාවක් ඇත. එක්වරක් encripted කරන ලද දුරකථන ඇමතුමකට ප්‍රහාරයක් එල්ල කල පසුව  අනාවරනය කරගන්නා ලද මුරපදය මගින් දුරකථන ඇමතුම් විසංකේතනය කර එම දුරකථන ඇමතුමට සවන්දීමට හැකියවක් ඇත.

පර්යේෂකයන්  අනතුරු අගවන්නේ දුරකථන ජාලයන් ආරක්ෂා කිරීමට සදහා අවශ්‍ය පියවරයන් ගත්තද තවමත් ඔවුන් අනතුර හි බවය. මන්ද SS7 ජාලය නිර්මාණය කර ඇත්තේ Interoperate කිරීමට හැකිවන අයුරින් බැවින් මෙම හිඩැස අප්‍රිකානු සහ ආසියානු ජංගම දුරකථන ජාලයන් හරහා වාසියක් කර ගැනීමට හැකියාවක් ඇති අතර අවසානයේදී එක්සත් රාජධානියේ සහ ඇමරිකානු එක්සත් ජනපදයේ පාරිභෝගිකයින්ව ඉලක්ක වන බවයි. 
Reference:

0 comments:

Post a Comment