December 26, 2014

ඝන තුලට ද්‍රව ඇතුලත් කිරීමෙන් ඒවා වඩාත් ශක්තිමත් හා ප්‍රයෝජනවත් වේ.

 ද්‍රව, ඝණ වලට වඩා මෘදු වේ. එබැවින් ඝන ද්‍රව්‍යයකට ද්‍රව බිදිති එකතු කිරීමෙන් එය දුර්වල විය යුතු නොවේද? ඇත්තෙන්ම එසේ නොවේ. යේල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සොයාගෙන ඇති අන්දමට ඝණයක් හා නිවැරදි ප්‍රමාණයේ ද්‍රව බිදිති එකතුකිරීමෙන් එය වඩාත් ශක්තිමත් වේ. මෙම සොයාගැනීමට අනුව සංයුක්ත පදාර්තයන්හි ශක්තිමත් භාවය ආරක්ෂා කරගනිමින් ආලොක හෝ විද්‍යුත් ක්‍රියාකාරීත්වයන් ඇතිකිරීමට මෙමගින් හැකිවනු ඇත.

ද්‍රවයක පෘෂ්ඨික ආතතියේදී ද්‍රව බිදුවක විශාලත්වය නොසලකා හැරිය නොහැක.  ඝණ සමග ඉතා විශාල ද්‍රව බිංදු භාවිතා කලේනම් ඝනය මත යාන්ත්‍රික පීඩනයක් යෙදීමේදී ද්‍රව බිංදුව මග ඇතිවන පීඩනය දරා සිටීමට එහි පෘෂ්ඨික ආතතිය ප්‍රමාණවත් නොවනු ඇත. එනිසා ද්‍රව බිදුවේ හැඩය වෙනස් වීම තුලින් ඝණය දුර්වල වේ. නමුත් ද්‍රව බිදුව කුඩා නම් එහි පෘෂ්ඨික ආතතියට ඒ තුල පීඩනය දරාසිටීමට හැකිවේ. මෙය හැඩය පවත්වාගැනීමට පමණක් නොව එය වටා ඇති ද්‍රව්‍යයයේ ශක්තිමත් බව පවත්වාගැනීමට ද වැදගත් වේ.  

යාන්ත්‍රික ඉංජිනේරු හා පදාර්ථ විද්‍යාවන් පිළිබඳ යේල් කණ්ඩායමට නායකත්වය දෙන එරික් ඩුෆෙස්නෙ ඇතුළු පිරිස විසින් සිදුකරන ලද පර්යේෂණයන් ට අනුව සිලිකන් කැබැල්ලකට මයික්‍රෝණ කිහිපයක විශ්කම්භයක් සහිත අයනික ද්‍රාවනයක (දියර ලුණු) ද්‍රව බිදිති කාවැද්දීමෙන් පසු එය පිරිසිදු සිලිකන් වලට වඩා 30% ක ශක්තිමත් භාවයක් ලබා තිබිණ. 


පෘෂ්ඨික ආතතියේ වැදගත්කම හා එය විශාලත්වයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික වන බව ඩියුෆෙස්නෙ පවසයි. “තවද නොසැලකිය හැකි කුඩා දේ උවද එහි ශක්තියට වැදගත් වියහැකි මෙන්ම එය සමස්ථයක් ලෙස ද්‍රව්‍යයකට ප්‍රභල බලපෑමක් ඇතිකල හැකි ය.“
 උපුටා ගැනීම


 Nature Physics සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරෙනි. 
සබැදිය : www.gizmag.com/liquid-droplets-strengthen-solids
මූලාශ්‍රය  Yale University

0 comments:

Post a Comment