December 29, 2014

උපතේදී ප්‍රමාණය පසු කාලීනව සෑදෙන රෝගාබාධ පිලිබඳ අනාවැකි පලකරයි

FASEB සඟරාවේ නවතම සොයා ගැනීම්වලට අනුව DNA මීතයිල්කරණ ආකාරවල  (DNA Methylation) වෙනස්කම් මව්කුස තුල සිදුවන ජාන ක්‍රියාකාරීත්වයේ දිගුකාලීන විචල්‍යතා උපතේදී ප්‍රමාණය හා ලෙඩරෝග සෑදීමේ අවධානම අතර සම්බන්ධතාවයක් පවතින බව පෙන්වා දෙයි.

            2014 නොවැම්බර් ප්‍රකාශනයේ නව සොයාගැනීම් වාර්ථා අනුව දිගුකාලීන වශයෙන් බැලුවිට අඩුබර දරු උපත්වලට වඩා වැඩිබර දරු උපත් හොඳබව පෙන්වා දෙයි. මෙම සොයා ගැනීම් අළුත උපන් දරුවන් සඳහා පමණක් වන අතර එමගින් අනාගතයේ ඇතිවන ලෙඩරෝග වලට අනුව ඇති හැකියාව පෙන්වා දෙයි. එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ව්‍යාධිවේදී අංශයේ Mammalian Molecular Genetics Groups ග්‍රන්ථයේ කතෘ වන ක්ලෙයාර් ආර්.ක්විල්ටර් (Claire R. Quiliter. Ph.D ) විසින්මව්කුස තුලදී ජානවල ක්‍රියාකාරීත්වයේ සිදුවන දිගුකාලීන විචල්‍යතා පසුකාලීනව සිදුවන රෝගාබාධ පිලිබඳ සබඳතාවක් පවතින බවත් දක්වයි.මෙය සත්‍ය වුවහොත් එමඟින් ගර්භාෂය තුලදීම මුල් අවස්ථාවේදීම ලෙඩරෝග වලක්වා ගැනීමට හැකියාව ඇත.

            ක්විල්ටර් සහ ඔහුගේ සහායකයන් ගර්භාෂය තුල තත්ත්වයන් අඩුබර දරු උපතකට හෝ වැඩිබර දරු උපතකට හේතු වුවත්,  නැතත්දරුවන්ගේ ජානවල තත්ත්වයන් ඔහුගේ/ඇයගේ වර්ධන දිවියට බලපෑම් කරන බව පෙන්වා දෙයි.
            ගර්භණි අවස්ථාවේ අවසාන කාලයේදී ග්ලූකෝස් මට්ටමෙහි ඉහල අගයක් පවතින මව්වරුන්ගේ උපදින දරුවන් අඩු වර්ධන වේගයකින් යුක්තවන අතර මෙම දරුවන්ගේ පෙකණිවැලෙහි රුධිරය පරීක්ෂාවෙන් මෙම තත්ත්වය නිශ්චය කර ගන්නා ලදී.

ගර්භාෂයේ  DNA මීතයිල්කරණයේ  ආකාර පිලිබඳ කරන ලද පර්යේෂණවලින් ජානවල ක්‍රියාකාරීත්වයට හේතුවන්නේ DNA වල රසායනික වෙනස්කම් බව සොයා ගන්නා ලදී.මෙම ප්‍රතිඵල අනුව ගැහැණු පිරිමි භේදයකින් තොරව මෙම වෙනස්කම් හඳුනාගත හැකි අතර අධ්‍යනය කරන ලද ලදරුවන්ගේ ගැහැණු පිරිමි භේදයකින් තොරව ජාන අතිපිහිත වීමේ  සංඥා දැකගත හැකිය.
නමුත් දෙමාපිය රැකවරණය දරුවන්ගේ ජීවත්වීමට හා උපරිම සෞඛ්‍ය ඔහුගේ /ඇයගේ සම්පූර්ණ ජීවිතය සදහාම ඉතා වැදගත් වන බව FASEB සඟරාවේ ප්‍රධාන සංස්කාරක ජෙරාඩ් වයිසිමාන් ( Gerald Weissmann. M.D) පවසයි.
            දරු උපත් බර පිලිබඳ අපිජනන සාධක මගින් සිදුකරනු ලබන ප්‍රධාන භූමිකාව පිලිබඳ අවබෝධ කර ගැනීමෙන් ගැබිනි රෝගීන් සඳහා හොඳම රැකවරණය පිලිබඳ වෛද්‍ය උපදෙස් ලබාදිය හැක.
 උපුටා ගැනීම:  http://www.medicalnewstoday.com/releases/284689.php 

0 comments:

Post a Comment