December 29, 2014

හඬ හඳුනන සීල් මසුන්

දියුණු මොළයක් ඇති මිනිසාට පවා විදේශීය භාෂාවක් ඉගෙනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් වෙනත් ජීවී වර්ගයක භාෂාව හඳුනාගැනීමට තරම් විශිෂ්ඨ හැකියාවක් සීල් මත්ස්‍යයන් සතුව පවතී. එනම් තල්මසුන්ගේ  හ හඳුනා ගැනීමට ඔවුනට විශේෂ දක්ෂතාවක් ඇති බව පවසනුයේ  ස්කොට්ලන්තයේ ඇන්ඩෘ සරසවියේ සාගර විද්‍යාඥයෙකු වන වෝල්කර් ඩිකේ විසිනුයි.
 
ඔහු විසින් කොලොම්බියා පැසිපික් වෙරලාසන්නයේ සිටින සීල් මසුන් වෙත තල්මසුන්ගේ හ නිකුත් කරනු ලැබුවා. බොහෝ තල්මසුන් සීල් මතස්‍යයන්ව ආහාර ලෙස ගන්නා නමුත්,

සමහර තල්මසුන් විසින් ආහාර ලෙස ගනු ලබන්නේ වෙනත් මත්ස්‍ය විශේෂයි. මෙහිදී සීල් මත්ස්‍යයන් ආහාර ලෙස ගන්නා තල්මසුන්ගේ හවල් ඇසුනු විට, සීල් මත්ස්‍යයන් අතර මහත් කැලඹිමක් හට ගන්නා අතර වෙනත් මත්ස්‍යයන් ආහාරයට ගන්නා තල්මසුන්ගේ හවල් හමුවේදී සීල් මත්ස්‍යන් දැක්වූයේ සාමකාමී හැසිරීමක්.
තල්මසුන්ගේ හ හඳුනා ගැනීම සඳහා සීල් මත්ස්‍යයන් සතුව ඇති හැකියාවත් සමඟම තවත් වැදගත් කරුණක් අනාවරණය වූ බව ඩීකේ පවසයි. එනම් සීල් මත්ස්‍යයන් ආහාරයට ගන්නා තල්මසුන්ගේ  හැසිරීම හා අනෙක් මසුන් ආහාරයට ගන්නා තල්මසුන්ගේ හැසිරීම අතර විශාල වෙනසක් ඇති බවයි. මෙම වෙනසට හේතුව සීල් මත්ස්‍යයන් හොද පෝෂ්‍යදායි ආහාරයක් වුවද, තල්මසුන්ගේ හඩ හමුවේ ඔවුන් පලායන අතර තල්මසුන් එක් වර්ගයක්, වේගයෙන් පිහිනා යන මසුන් ඇල්ලීමට දක්ෂතාවක් පෙන්වයි. අල්ලා ගැනීමට අපහසු වුවත් තල්මසුන්ගේ හ හඳුනාගැනීමට අපොහොසත්වන මසුන්ව අල්ලා ගැනීමට එවිට ඔවුනට හැකියි. එහෙත් අනෙක් තල්මසුන් වර්ගයනට සිදුව ඇත්තේ ඉතාම නිශ්ශබ්දව සිට උපායශීලිව සීල් මත්ස්‍යයන් ගොදුරු කර ගැනීමටයි. තල්මසුන්ගේ හඩ අනුව, ඔවුනට අවශ්‍යව ඇත්තේ වෙනත් මසුන්ද? නැතහොත් තමන්වද? යන්න හඳුනා ගැනීමට සීල් මත්ස්‍යයන්ට හැකියාව තිබෙන බව ඔහු පවසයි.

ඩොල්පින් හා තල්මසා යන දෙදෙනාම ඉතාම බුද්ධිමත්. එහෙත් වෙනත් සත්ත්ව විශේෂයක හ හඳුනා ගැනීමට සීල් මත්ස්‍යයන් සතුව ඇති මෙම හැකියාවත් අගය කළයුතු මට්ටමක පවතින බවද ඩීකේ පවසයි.


උපුටා ගැනීම : ඩිස්කවරි ඇසරිනි

0 comments:

Post a Comment