December 31, 2014

නොපිසූ ආහාර වල වැදගත්කම


ජීවය පවත්වා ගැනීම සදහා අවශ්‍ය ආහාර, පරිභෝජනයට ගැනීම සදහා විවිධ වූ ක්‍රම භාවිතා කරයි. ලොව ජීවත්වන මිලියන ගනණක් වූ සත්ව විශේෂ අතරින් මිනිසාත් ගොවිපළවල්, සත්වෝද්‍යාන හා නිවෙස් වල ඇති කරන සතුනුත් හැරුණු විට අනෙක් සතුන්  ආහාරයට ගන්නේ නොපිසූ ආහාර වේ. මේ නිසා බොහෝ සතුන් තම ජීවිත කාලය දිගු කර ගනී. නොපිසූ ආහාර වල තිබෙන වැදගත්කම සැලකු විට,
ඉහල පෝෂණයක් ලැබීම - සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීමට නම් ඒ සදහා නොපිසූ ආහාර ගත යුතුයි. එසේම අධික ලෙස තෙල් සහිත ආහාර, අධික ලුනු ,කෘතීම රසකාරක,සුදු සිනි, පිටි අධික හෝ වෙනත් කිසියම් ශරීරයට අහිතකර  ආහාර සීමා කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ නොපිසූ ආහාර පරිභෝජනය කිරීමයි.
ශරීරයේ බර අඩු වීම
අමු ආහාර (Raw food) ගැනීමේ තවත්  ප්‍රධානම  වාසියක් වන්නේ ශරීරයේ බර අඩු වීමට  මෙම ආහාර හේතු වීමයි. මෙමගින් ස්වභාවිකව දේහයේ බර අඩු විම සිදු වේ. මෙම ආහාර කෙතරම් අනුභව කළද කිසිදු ගැටලුවක් ඇති නොවේ.
තරුණ පෙනුම රැක ගැනීම
බොහෝ වාර්ථා වලට අනුව නොපිසූ ආහාර (අමු ආහාර) ගැනීමෙන් තරුණ පෙනුම හොදින් පවත්වා ගැනීමට හැකි වේ. මාස කීපයක් අමුවෙන් ආහාර ගැනීම මගින් සමේ පෙනුම  පැහැපත් වේ. සමහර වාර්ථා අනුව යම් කාලයක් අමු ආහාර ගැනීම නිසා සමේ ඇති රැලි වැටීම් ඉවත් වේ. බොහෝ විට නොපිසූ ආහාර මත යැපෙන්නන් ඔවුන්ගේ වයසට නියමිත පෙනුමට වඩා  බොහෝ තරුණ පෙනුමක් ගනී. එසේම එම වයසේ සිටින අනෙක් අයට වඩා ඔවුන්ගේ තරුණ පෙනුම සුරැකිව පවතී.

වැඩිපුර ශක්තිය ලැබීමට
අමුවෙන් ආහාර ගැනීම මගින් වැඩිපුර ශක්තිය ලැබේ.  පිසින ලද ආහාර ගත් විට ආහාර සමග එන විවිධ විශ ද්‍රව්‍ය වලින් තොර වූ විට ශරීරයට ශක්තිය ලබා ගැනීමට  වැඩිපුර හැකියාව ලැබේ. සමහර ක්‍රීඩකයන්ට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට නොපිසූ ආහාර වැදගත් වේ. එසේම ක්‍රීඩකයන් නොවන අයට වුවද තමන්ගේ  ශරීරයේ අමතර ශක්තිය පවත්වා ගැනීමට මෙම නොපිසූ ආහාර හේතු වේ.
ජීර්ණ ක්‍රියාවලිය දියුණු කිරීමට
ආහාර ජීර්ණ පද්දතිය යනු ශරීරයේ පැවැත්මට වැදගත්ම වන පද්දතියක් වේ. අප ගන්නා ආහාර වල කොටස් බිද හෙළා සෛල වලට අවශ්‍ය පෝෂණය ලබා දීමට වග කියනුයේ   ආහාර ජීර්ණ පද්දතිය වේ. ජීර්ණ පදද්දතිය නිසි පරිදි කාර්යක්ෂම ක්‍රියා නොකළ හොත් සිරුරට අවශ්‍ය පෝෂණය නිසි පරිදි නොලැබේ.  නොපිසූ ආහාර වල ස්වභාවික එන්සයිම බහුලව අඩංගු වන අතර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට මේවා උදව් වේ. මෙලෙස ජීර්ණ ක්‍රියාවලිය හොදින් සිදු වීම ශරීරය නිරෝගීව සෙඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට උදව් වේ.
නිරවුල් මනසක් පවත්වා ගැනීමට
ශරීරය හා මනස එකිනෙකින් වෙන් කළ නොහැකි සේ එකිනෙක බැදී ඇත. නිරවුල් සිතිවිලි හා නිරෝගී මනසක් පවත්වා ගැනීම සදහා  නොපිසූ ආහාර ඉතා වැදගත් වේ. මේ සදහා  කෙසෙල් බොහෝ උපකාරී වන අතර  එනිසාම එය “Brain Food” ලෙස හදුන්වයි.
යහපත් නින්දක් පවත්වා ගැනීමට
 ජීවයේ පැවැත්ම සදහා නින්ද ඉතා වැදගත් වේ.  නින්ද ආරම්භ වූ පසු  ශරීරය ක්‍රියාකාරිත්වයෙන් මිදී  සුවපත්  වීමට පටන්ගනී. නොපිසූ ආහාර මගින් ගැඹුරු නිනිදක් ලබා දෙන අතර නැවත අවදි වීමේ දී ශරීරයට හොද ජීවයක් ද ලැබේ. මේ නිසා වැඩි කාලයක් නිදා ගැනීමේ  අවශ්‍යතාවයක් නැත.
ආයු කාලය වැඩි කර ගැනීමට
 නොපිසූ ආහාර  ගැනීමේ අවසාන ප්‍රථිපලය වනුයේ ජීවිත කාලය දිගු වීමයි. ස්වභාවික වයස්ගත වීමේ ක්‍රියාවලියේ වේගය අඩු කර සෞඛ්‍යසම්පන්නව  යහපත් තරුණ පෙනුමක් පවත්වා ගැනීමට නොපිසූ ආහාර බොහෝ සේ උදවු වේ.
References

0 comments:

Post a Comment