දරුවකුට
උපතින් පසු දේපළ ඉඩකඩම් හිමි වන අතර උපතට පෙර සිටම ප්‍රෙව්ණිගත ලක්ෂන රැගෙන යන ජාන
මවුපියන්ගෙන් හිමිවෙයි. මෙම ජාන එක්වීමෙන් ඩී.එන්.ඒ. අණු සෑදෙනවා. එනම් ‘ජාන’ ලෙස හඳුන්වන්නේ ඩී.එන්.ඒ.
අණුවක කොටසකි.
ඩී.එන්.ඒ
යනු ඩියොක්සිරයිබො නියුක්ලික් ඇසිඩ් යන්නයි. පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු ඔවුනොවුන්ටම
ආවේණික වන්නේ මේ ඩී.එන්.ඒ
එක් පුද්ගලයෙකුට සුවිශේෂි වන නිසයි. එනම් ඇඟිලි සලකුණු මෙන්ම ඩී.එන්.ඒ.
දාමවල පිහිටන සමහර රටාද පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වෙනස් වේ. මේ සුවිශේෂ රටා වෙන්කර
හඳුනාගෙන ඡායාරූපයකට නැගීමෙන් පසු වෙනත් එවැනිම අයුරකින් ලබාගත් ඡායාරූපයක් හා
සන්සන්දනය කර බැලීමට හැකියාව ඇත. මෙම තාක්ෂණය අද වෛද්‍ය විද්‍යාවටත් අපරාධ
විමර්ෂණයටත් නීතියටත් එකසේ වැදගත් වන අංශයක් වී තිබේ.
ඩී.එන්.ඒ.
මගින් නෑකම් සොයන්නේ කෙසේද? දරුවකුට
මවගේත්, පියාගේත්
ජාන ඇත. සර්වසම නිවුන්නුන්ගේ හැර එකම පවුලේ දූ දරුවන්ට මවුපියන්ගේ ඩී.එන්.ඒ. අණු
බෙදී යන්නේ අසමාන ආකාරයෙන් වුවත් ඔවුන්ගේ ඩී.එන්.ඒ. පිරික්සීමෙන් මවුපියන් එකම අය
බව ඔප්පු කළ හැකිය. මවුපියන් නැත්නම් මවුපියන්ගේ මවුපියන් එනම් මිත්තණියගේ හා
මුත්තණුවන්ගේ ජාන පිරික්සීමෙන්ද නෑකම කීමට හැකිය. පියා නැත්නම් පියාගේ මවුපියන්ගේ
හෝ ලේ ඥාතීන්ගේද ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදු කර අනන්‍යතාවය හෙළි කළ හැකිය.
සුනාමියෙන්
මිය ගිය විජාතිකයන්ගේ ශරීර කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂණයට ලක්කර ඥාතීන්ට බාර දුන්නේද “බේබි 81”ගේ සැබෑ මවුපියන් සෙවීමට යොදා
ගන්නා ලද්දේ ද ඩී.එන්.ඒ. පරීක්ෂණයයි. එසේම අපරාධයක් සිදුවූ තැනක ඇති ලේ පැල්ලමකින්
හෝ ඔනෑම ශරීර
කොටසකින්ද ඩී.එන්.ඒ. අණු වෙන් කර ගත හැකිය. ජීවී කෙනකුගේ ශරීර කොටස්වලින් පමණක්
නොව මිය ගිය කෙනකුගේ ශරීර කොටස්වලින්ද අනන්‍යතාව තහවුරු කර ගත හැකියි. හිසකෙස්, කෙළ, ශුක‍්‍ර තරලය, .....වැනි ශරීර කොටස් මේ සදහා යොදා
ගැනෙයි. පරීක්ෂණය සඳහා පුද්ගලයකුගෙන් ලබාගත් ඩී.එන්.ඒ. ප‍්‍රමාණය ප‍්‍රමාණවත්
නැත්නම් ඒවා කෘතිමව පිටපත් කර සංඛ්‍යාවෙන් වැඩිකර ගැනීමේ පහසුකම්ද විද්‍යාගාර සතුව
ඇත.
ඩී.එන්.ඒ.
පරීක්ෂණයේ දී පළමුව ඩී.එන්.ඒ. අඩංගු සෛල සාම්පලයක් අදාළ පුද්ගලයා හෝ පුද්ගලයන්ගේ
සම,
රුධිරය, කෙස් වැනි කොටසකින් ලබා
ගැනෙයි. මෙයින් සූක්ෂම ලෙස ඉවත් කර ගැනෙන ඩී.එන්.ඒ. දාම විශේෂිත එන්සයිමයක් මගින් විශේෂිත
ස්ථාන වලින්වලින් කැබැලිවලට වෙන් කරනු ලැබේ. එවිට එකිනෙකට වෙනස් දිගින් යුතු
ඩී.එන්.ඒ. කැබැලි ලැබේ. මෙම කැබැලි ජෙලි තට්ටුවක් සහිත බඳුනක විද්‍යුත් විච්ජේදනයට
ලක් කරයි. එවිට ඩී.එන්.ඒ. කැබැලි වල ඝනත්වයට සමානුපාතික වේගයකින් බඳුනේ එක් අග‍්‍රයක්
දෙසට ඒවා ගමන් කරයි. ඉන්පසු විශේෂ තාක්ෂණයක් යොදාගෙන ඩී.එන්.ඒ. තනිදාම වෙන්කර ගනු
ලැබෙයි.
මෙසේ
ලබාගත් තනිදාම කැබැලි වෙන්කරගත් අනුපිළිවෙළටම ජෙල් තට්ටුවේ සිට නයිලෝන් තට්ටුවකට නිස්සාරණය
කර ගැනේ. ඉන් පසු මේවා කෘති‍්‍රමව තැනු ඩී.එන්.ඒ. කැබැලි සමග මිශ්‍ර කෙරේ. එහිදී
කෘති‍්‍රම හා ස්වභාවික ඩී.එන්.ඒ. කැබැලි එකිනෙක සම්බන්ධ වන්නේ ස්වභාවික දාම
කැබැලිවල මිනිසැටලයිට්ස් නම්
සුවිශේෂ රටා පිහිටන ස්ථානවලිනි. ඉන් අනතුරුව මෙම දාම එක්ස්කිරණ පටලයකට නිරාවරණය
කෙරෙන අතර එහිදී මිනිසැටලයිට්ස් කොටස් සහිත තැන් පමණක් එක්ස් කිරණ කඩදාසියේ අඳුරු
පැහැයෙන් සටහන් වෙයි. සන්සන්දනය සඳහා පාව්චිච් කරනු ලබන්නේ මෙසේ ලබාගත් එක්ස් කිරණ
ඡායාරූපයයි.
මෙම ඩී.එන්.ඒ. රටා හඳුනා ගැනීමේ
තාක්ෂණය 1984 දී බි‍්‍රතාන්‍ය ජාන විද්‍යාඥයකු වන ඇලෙක්ස් ජෙෆ්රීස් විසින් හඳුන්වා
දෙන ලද්දකි. අද බටහිර රටවල මෙම පරීක්ෂාව පහසුවෙන් කළ හැකි වුවත් ශ්‍රී ලංකාවේ දී
මෙවැනි පරීක්ෂණයක් සිදු කෙරෙන්නේ උසාවි නියෝගයක් ලැබුණොත් පමණි.
නමුත් ඩී.එන්.ඒ.
තාක්ෂණය පුද්ගලයෙකුට වැළඳිය හැකි ලෙඩ රෝග, ඔහුගේ දක්ෂතා, මිය යා හැකියයි
අනුමාන කරන කාලය, මිය
යන්නේ කෙසේද යන්න පිළිබද පේන කරුවකුද වෙන බැවින් අනාගතයේදී ඩී.එන්.ඒ. තාක්ෂණය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පුඑල්ව ව්‍යාප්ත
වන බන බටහිර වෛද්‍ය විද්‍යාව විශ්වාස කරයි.
0 comments:
Post a Comment