ඉබෝලා
එසේත් නැතිනම් ඉබෝලා රක්තපාත උණ (Ebola hemorrhagic fever) රෝගය යනු වෛරසයක් මගින්
වැලදෙන රෝගයකි. මෙය ඉබෝලා වෛරස (ebola viris) කියන වෛරස පවුලට අදාල
විශේෂ කිහිපයක් මගින් ඇති කරනු ලැබේ. මෙහි රෝග ලක්ෂණ බොහෝ විට ඩෙංගු රෝග
ලක්ෂණවලට සමාන වේ.
කුරුලු උණ (wsine flu), සාර්ස් (SARS) ඒඩ්ස් (AIDS) වැනි සෑම වෛරස් රෝගයකටම වඩා මෙම රෝගය ඉතාම දරුණු තත්ත්වයක පවතී.
උදාහරණයක් ලෙස රෝගය වැලදුන රෝගියෙක් මරණයට පත්වීමේ ප්‍රතිශතය 90% පමණ වේ. එනම් රෝගය වැලදුන රෝගීන්ගෙන් ජීවත් වීමට වාසනාව
ලබන්නේ 10%ක පමණ පිරිසක් පමණි. දැනට
ඇති සංඛ්‍යා ලේඛණ අනුව ශ්‍රී ලංකාවට මෙම රෝගය තවමත් ඇතුලු වී නැතත් එම අවදානම ඇත.
මෙම වෛරසය
මුලින්ම ආසාදිත වවුලෙකු වැනි සතෙකුගේ
තරලයකින් අප්‍රිකානු මිනිසුන්ට වැළදෙන්නට ඇතැයි සැක කරන අතර වාතය මගින් ව්‍යාප්ත
නොවේ. මිනිසුන් අතර මෙම රෝගය පැතිර යන්නේ ආසාදිත පුද්ගලයෙකුගේ තරල මගිනි. ආසාදිතයකු ගේ රුධිරය, කෙළ, ශුක්‍ර, වමනය, මුත්‍ර ආදි ස්‍රාවයන්ට
නිරාවරණය වීමෙන් නීරෝගී පුද්ගලයකු ආසාදනය වීම සිදු වේ. ඉබෝලා වෛරසය නිසා ආසාදිතයා
රක්‌තපාත උණ තත්ත්වයකට ගොදුරු වන අතර අභ්‍යන්තර ශරීර අවයවවලට හානි පැමිණීම සිදු
වේ. ශරීරය දුර්වල වීම, මාංශපේශි වේදනාව, හිසරදය හා උගුර රිදීම ඉබෝලා ආසාදනයේ පූර්ව රෝග ලක්‌ෂණ
වෙයි. පසුව එය වමනය, විජලනය, වකුගඩු හා අක්‌මාවේ ක්‍රියාකාරීත්වය අඩු වීම අදියට මෙන්ම
සමහර විට අභ්‍යන්තර සහ බාහිර ලේ ගැලීම් තත්ත්වයන්ට පවා වර්ධනය වෙයි. මුල්වරට රෝග
ලක්‌ෂණ පහළ වීමට දින දෙකේ සිට දින විසි එකක් වැනි කාලයක් ගත වෙයි. මේ රෝග ලක්‌ෂණ
මැලේරියාව, ටයිපොයිඩ් උණ ආදී වෙනත් රෝග
සඳහා ද සමපාත වේ. රෝගය වැළ`දී ඇති බවට නිවැරැදි ව තහවුරු කරගත හැක්‌කේ
එකිනෙකට වෙනස් රසායනාගාර පරීක්‌ෂණ 5ක් හරහා රුධිර සාම්පල පරීක්‌ෂා කිරීමෙනි.
ඉබෝලා රෝගය පාලනය කර ගැනීම සදහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය.
ඉබෝලා රෝගය පාලනය කර ගැනීම සදහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය.
1. අප්‍රිකානු රටවල සංචාරයන් තවතා දැමීම.
2. රෝගය වැලදුන පුද්ගලයන් හඳුනා ගැනීමට ගුවන්තොටුපල , වරාය වැනි ස්ථාන වල ආරක්ෂක ක්‍රම වේද සැකසීම.
3. රෝගය වැලදුන පුද්ගලයන් හඳුනා ගැනීම හා ඔවුන් වෙන්කර තැබීම
4. රෝගී පුදගලයන් සමග සමීප ඇසුරු කිරීම් වැලකීම.
5. නිසි සනීපාරක්ෂක පහසුකම්.
6. ජනතා දැනුවත්භාවය.
2. රෝගය වැලදුන පුද්ගලයන් හඳුනා ගැනීමට ගුවන්තොටුපල , වරාය වැනි ස්ථාන වල ආරක්ෂක ක්‍රම වේද සැකසීම.
3. රෝගය වැලදුන පුද්ගලයන් හඳුනා ගැනීම හා ඔවුන් වෙන්කර තැබීම
4. රෝගී පුදගලයන් සමග සමීප ඇසුරු කිරීම් වැලකීම.
5. නිසි සනීපාරක්ෂක පහසුකම්.
6. ජනතා දැනුවත්භාවය.
(ආසාාදිත ලක්ෂණ)
පී.ඩී.පී.ධනසේන
0 comments:
Post a Comment