December 29, 2014

ග්ලිරිසීඩියා


මෙම ශාකය පුළුල් දේශගුණක කලාපයන් හි වගා කල හැක. උසින් මිටර් 1200 ක් දක්වා සහ වර්ෂාපතනය ඉතා අඩු ප්‍රදේශ වලද පහසුවෙන් වැඩේ. සීඝ්‍ර වර්ධනයකි. අයහපත් දේශගුණ තත්ව යටතේ ඔරෝතු දීමේ හැකියාව , නිතර කප්පාදු කිරීමට ඔරෝත්තු දීම,වේගවත් නැවත ලියලීමේ හැකියාව, රෝග පලිබෝධ උවදුරු අවම විම, පොත්තේ කටු  ආදි දේ නොමැති නිසා හැසිර විමේ පහසුව ඇත.


ග්ලිරිසීඩියා වල ප්‍රයෝජන
Ø  කොහු කර්මාන්තයේ දී අතුරුඵලයක් වන කොහුබත් සැකසීම හා වියළීමේ දී භාවිතා කරයි
Ø  සක්‍රීය කාබන් නිෂ්පාදනයේ දී අධී පීඩන හුමාල ජනනය සඳහා යොදාගනී.
Ø  හුනු පිළිස්සිමේ දි හුනු පෝරණු සඳහා යොදා ගනි.
Ø  පිත්තල කර්මාන්තයේ දී පිත්තල උණු කිරීම ඔප මට්ටම් කිරීම ට අවශ්‍ය බලශක්තිය සපයයි.
Ø  රබර් කර්මාන්තයේ දි දුම් ගෙය සඳහා යොදා ගත හැක.
Ø  පොල් කර්මාන්තයේ කාප්පරා වියලීම සඳහා ඉන්ධනයක් ලෙස යොදා ගත හැකිය.
Ø  ගෘහස්ථ පිසිමේ දී ඉන්ධනයක් ලෙස යොදා ගනී.
Ø  කෘෂි කාර්මික නිෂ්පාදන වියලීම සඳහා  විලනන් හී තාප දායකය ලෙස යොදා ගත හැක.
Ø  පිඟන් කර්මාන්තය හා උළු කර්මාන්තය සඳහා යොදා ගැන්වීමේ මූලික අවධීයේ ඇත.
Ø  ග්‍රාමීය ජනතාවගේ නිවෙසේ ආලෝකකරණය සඳහා යොදා ගනී.
Ø  පොල් වගාවේ හා අනෙකුත් වගාවන්හි කෂුද්‍ර ජල සම්පාදනයට අවශ්‍ය බලශක්තී ජනකය ලෙස යොදා ගනී.
Ø  කොළ පොහොරක් ලෙස යොදා ගැනීම.
Ø  ගව ආහාරයක් ලෙස කොල අතු යොදාගැනීම.
Ø  කෘෂි කර්මාන්තයේ සහ වැවිලි කර්මාන්තයේ දී ආධාරක වශයෙන්.
Ø  සෙවන ශාකයක් ලෙස.
Ø  පාංශු ඛාදනය වළක්වන ශාකයක්.
Ø  නයිට්‍රජන් තිර කරන ශාකයක් භෝග ආරක්ෂා කරන ශාකයක් ලෙස ක්‍රියා කිරීම.
Ø  නිතීමය ලෙස වගා කිරිම කැපීම සහ ප්‍රවාහනය සඳහා බාධා නොමැතී විම විශේෂ ලක්ෂණයකි.


ග්ලිසිඩියා ඉන්ධනයක් ලෙස භාවිතා කරන්නේ කෙසේද?
පුලිඟු හා පිපිරිම් නොමැතිව ඒකකාකාර දහනය,දැවීමෙන් පසු ඉතිරිවන අළු ප්‍රමාණය අවම වීම ග්ලිසිඩියා ඉන්ධනයක් ලෙස භාවිතයට හේතු වේ.
ප්‍රධාන ආකාර දෙකකි
1.     වායුකරන ක්‍රමය
   2.     බොයිලේරු ක්‍රමය
වායුකරන ක්‍රමයේ දි වායුකරනය නැමැති උපකරණය භාවිතයෙන් ඝන දැව ඉන්ධන වායුමය ඵලයක් සහ අව බවට පත් කරයි. මෙහි දී නිෂ්පාදිත වායුන්ගෙන් නයිට්‍රජන්, කාබන්මොනොක්සයිඩ්, මීතෙන්, හයිඩ්‍රජන් හා ජල වාෂ්ප පවතී. මෙහි ප්‍රධාන දහන වායුව වන්නේ කාබන්මොනොක්සයිඩ් ය. මෙලෙනිපදවෙන වායුන් සෘජු දහනයක් මඟින් තාපය ජනනය කර කර්මාන්තයන්හි තාප අවශ්‍යතා සඳහා යොදා ගනී. අනෙක් අවස්ථා වලදී නිෂ්පාදිත වායුන් හොඳින් පෙරා පිරිසිදු කිරීමට ලක්කොට එන්ජීමක අන්තර් දහනය මඟින් ශක්තිය ජනනය කල හැක. ඒ ඔස්සේ විද්‍යුතය නිපදවීම හෝ අනෙකුත් කාර්යයන් සිදුකර ගත හැක.
බොයිලේරු ක්‍රමයේ දි දැව ඉන්ධන දාහකය ඉන්ධන දහනය මඟින් ලබෙන තාපයෙන් ජනනය කරනු ලබයි. ජනිත හුමාලය අධික පීනයක් ඔස්සේ හුමාල තලබමනයක් ඔස්සේ ගමන් කරවීමෙන් පුළුල් යාන්ත්‍රික ශක්තියක් ජනනය කලහැක. ඒ ඔස්සේ විද්‍යුතය නිපදවීම ප්‍රකට ක්‍රමයකි.

ඉන්ධන දැව ලෙස
අනාදිමත් කාලයක සිට ගෘහස්ථව භාවිතා කල ද කර්මාන්තමය අවශ්‍යතා සඳහා විද්‍යුතය හා තාපය
ජනනයට මෙකී ඉන්ධන යොදා ගැනීම වමු අත්දැකිමකි. එමෙන්ම පොසි ඉන්ධන ආනනයනය සඳහා වැයකරන ධනය මඳකින් අවම කර, දේශීය ගොවි ජනයා අතර බෙදී යාමත් ප්‍රවාහනය බන්ධන සැකසීම වැනි අතර මැදි රැකියා අවස්ථා බොහෝමයක් බිහිවීම මෙමඟින් සිදුවන සමාජීය හා ආර්ථික වර්ධනයන්ය.



වැටවල් සැකසිම සඳහා
වැටවල් සැකසීමේ දි මහත් ප්‍රතිඵල උදාකර ගොවිබිමේ අනෙකුත් බෝග සඳහා අහිතකර ලෙස බලනොපාන , නිදැලි ගවයන්,එළුවන් ගොවිබිමට ඇතුළු විම වළකාලන බුර බුරා නැඟෙන ලැවි ගිනි සඳහා මඟ අහුරන ශාකයකි.



කොළ පොහොරක් ලෙස
වසරකට කිහිප සැරයක් කප්පාදුවට ලක්වේ. ශාකයේ කොළ පැහැති ලපටි දඬු සහ කොළ පස මත අතුරනයක් ලෙස යොදා ගත හැක. පසේ කාබනික ද්‍රවය ප්‍රමාණ ඉහළ දැමීම, නයිට්‍රජන් ප්‍රමාණ ඉහළ දැමීම, පාංශු වයනය, ජල වහනය වර්ධනය වීම, පාංශු උෂ්ණත්වය පාලනය වැනි පාංශු භෞතික සාධක සංවර්ධනය, වල් මර්ධනය, මතුපිට පාංශු ඛාදනය අවම කිරිම හා පිංශු තෙතමනය  ඉහළ දැමීම, වැනි විශේෂ ප්‍රතිලාභ කොළ පොහොරක් ලෙස පසට යෙදීමෙන් ලබාගත හැකිය.
පෝෂණිය අමුද්‍රව්‍යක් පමණක් නොව පොස්පරස් පොටෑසියම්,කැල්සියම් හා මැග්නිසියම් ද ක්ෂුද්‍ර මුල ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද පසට සපයයි.

පාංශු සංරක්ෂණයට
බෑවුම් ඉඩම් සහිත කඳුකර ප්‍රදේශයන් හි පාංශු සංරක්ෂණය, සෝදා පාළුව අවම කිරිම, පාංශු කාබනික ද්‍රව්‍ය රැකගැනීම සඳහා වැටි ලෙස ග්ලිසිඩියා වගා කිරීම වාසිදායකය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉහළ ජලාධාර කළමනාකරණයේ දී මහඟු පිටුවහලක් සපයයි. අඟල් 4-6 අතර පරතරය ඇතුව සිටුවීම මෙහි විශේෂ ලක්ෂණයකි.

සත්ත්ව ආහාරයක් ලෙස
සත්ත්ව පාලනයේ දි සත්ත්ව නිෂ්පාදනයන් ලබා ගැනිම සඳහා විශේසයෙන් ග්ලිසිරිඩියා ලපටි දඬු හා පත්‍ර යෝග්‍ය වේ. ඉහළ ප්‍රෝටීනමය අගයක් (20%-30% දල ප්‍රෝටීන්) ඇති බැවින් සත්ත්ව නිෂ්පාදන ඉහළ යයි. තණකොළ හෝ පිදුරු සමඟ 30% ක් පමණ මිශ්‍රකර ආහාර සඳහා ලබාගත හැක. සත්ත්ව ආහාර ලෙස ලබා දිමේ දී ලපටි ග්ලිසිරිඩියා ශාකයේ කොළ 65%
ලපටි අතු 4.5%
                                                                         පොත්ත 7.5%
77% ක් පමණ සත්ත්ව ආහාර ලෙස ගණනය කලහැක. ඉතිරි 23% දර ලෙස යොදා ගත හැක.

ආධාරක ශාකයක් ලෙස
විශේෂයෙන් ගම්මිරිස්. වැනිලා සහ වැල් අල සඳහා ආධාරක ලෙස සිටුවයි. 3cm ට වැඩි ඝනකමින් යුත් උසින් අඩි 5-7 පමන වන ඉනි මේ සඳහා යොදා ගනී.

පාංශු සංවර්ධනය
ග්ලිරිසිඩියා අමු කොළ පසට යෙදිමෙන් පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය විහාල වශයෙන් ඉහල යයි.නයිට්‍රජන් යා පොටෑසියම් පෝෂක කඩිනමින් ද පොස්පරස් කැල්සියම් සහ සල්ෆර් මඳක් සෙමින් ද පසට එක්කරමින් අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය වන තඹ,සින්ක්, මොලිබිඩිනම් සහ බොරොන් පසට සපයයි. පස සරු කරන, සක්‍රීය කරන බිම් පණුවන් වර්ධනය ද මෙමඟින් පහසුකරයි.පසේ මුල් වර්ධනය වීමට පහසු අයුරින් පස බුරුල් කරයි.


බෝග සංරක්ෂණය
පස ආවරණය කරමින් යොදන ග්ලිරිසිඩියා කොළ අතු දීලීර නාශකයක් ලෙස මහර අවස්ථා වලදී ක්‍රියාකර ඇත. විශේෂයෙන් රටකජු වගාවේ දි මෙහි විහේෂ ප්‍රතිඵල ලබා තිබේ. දිලීර බීජ පැතිරිමට භෞතික බාධයක් ද ලෙස ක්‍රියා කරයි. බෝගහන්ට හානි කරන ඒපිඩි නැමැති පළිබෝධකයා ග්ලිරිසිඩියා ශාකයට ආකර්ශනය වන බැවින් බෝග වැඩෙන කාලයත් සමඟ කප්පාදු කිරිමෙන් ග්ලිසිරිඩියා අලුත් අංකුර තට ඇදෙන පළිබෝධකයන් බෝගයට කරන හානිය අවම කරයි. තේ වගාවේ වේයන්ගේ ක්‍රියාකාරීත්වය අඩු කිරිමටද ග්ලිරිසිඩියා යෝග්‍යය.

මී මැසි පාලනය
මී මැසි පාලනයේ දී සුවීශේෂී ශාකයකි. වියලි කාළගුණයක් යටතේ ජනවාරි, පෙබරවාරි මාසයන් හිදි මල් පුබුදන මෙම ශාකය සුවහසක් බිඟුන් සඳහා රොන් සපයයි.
අලංකාර ශාකයක් ලෙස
ජනවාරි මාසයේ දි නෙත් වශීකරන දම් හා රෝස පැහැයකින් ඝනව මල් බිහි කරන බැවින් එවැනි වටිනාකමක් ද ඇත.

ඖෂධයක් ලෙස
සමේ බෝවෙන දීලිර රෝග බොහෝමයක් සඳහා මෙමඟින් ප්‍රතිකාර කළ හැකි බව සාම්ප්‍රදායික වෛද්‍ය මතයයි.     



සකස්කලේ :
 විද්‍යා හා තාක්ෂණ නිලධාරි,ඉබ්බාගමුව

0 comments:

Post a Comment