December 30, 2014

කජු සෙඛ්‍යයට හිතකරයි!

cashewකජු නිවර්ථන රට වල වැවෙන මධ්‍යම ප්‍රමානයේ ශාකයකි.එහි කජු බීජය හා කජු පුහුලම ලෙසින් හදුන්වන ව්‍යාජ  ළුලය, කජු ශාකයේ ආහාරයට ගන්නා කොටස වේ. කජු බීජය සාමාන්‍ය ව්‍යවහාරයේ කජු ඇට නමින් හදුන්වන අතර එය ඉතා තද  ඝනකම් පිටත ස්ථරයකින්  ( කජු ලෙල්ල) ඇතුලත තරමක් තුනී ස්තරයකින් වට වූ වකුගඩු හැඩති මදයකින් යුක්ත වේ. මෙම කජු ලෙල්ලෙහි පීනෝලික සංයෝග අඩංගු නිසා  සමට තරමක් වීශ සහිත වන අතර  සමෙහි කැසීම් හා සුළු වශයෙන් තුවාල ඇති කිරීමේ ප්‍රවනතාවක් ඇත. නමුත් මෙම කජු  මද ආහාරයට ගැනීම නිරෝගී සෞඛ්‍යක් පවත්වා ගැනීම බෙහෙවින් ඉවහල් වේ.

කජු මේද බහුල ආහාරයක් වන අතර ඉන් වැඩි ප්‍රමානයක් (54%)ක් පමණ  හෘදයට හිතකර වූ තනි දාම අසංතෘප්ත මේදය වන  oleic  හා palmitoleic acidවේ. මේවා මගින් ශරීරයට අහිතකර ‍කොලෙස්ටරෝල් වන L.D.L  හි හානිකර ස්වභාවය අඩු කරන අතර  හෘදයට හිතකර කොලෙස්ටරෝල්   H.D.L  වැඩි කරයි. . එසේම නිරෝගී රුධිර ලිපිඩ මට්ටමක් පවත්වා ගැනීමට   ට්‍රයිග්ලිසරයිඩ්  අඩු කරයි. මේ නිසා කජු මගින් හෘද රෝග අවධානම  37%කින්  හා ලේ කැටි හිර වීම්  අඩු කරයි. ( මෙම ප්‍රථිපළ ලැබීම සදහා සතියකට 4 වරක් කජු අහුරක්  පමණ ආහාරයට ගත යුතුයි.) එසෙම මෙලෙස කජු ආහාරයට ගැනීමෙන් දේහ බර අඩු කර ගත හැකියි.
පිත්තාශයේ ගල් සෑදීම 25%කින් පමණ අඩු කර  ගත හැකි බව  වසර  20ක් පමණ පුරා කාන්තාවන් 80,000 පමණ යොදා සිදු කරන ලද  පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.   

කජු සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත ආහාරයකි. දිනකට කජු   ග්‍රෑම් 100ක්  ආහාරයට ගැනීමෙන්  දිනෙක කැලරි අවශ්‍යතාවයෙන් 15%ක් පමණ සපුරා ගත  හැකි වේ. (කැලරි 553)

 අත්‍යාවශ්‍ය ඛණිජ ද්‍රව්‍ය වන පොස්පරස්, යකඩ , මැංගනීස් , සෙලීනියම් හා සින්ක් යන මූල  ද්‍රව්‍ය , විටමින්   හා ප්‍රතිඔක්සිකාරක  වලින්  බහුල ආහාරයකි  කජු .  විවිධ රෝග වලින් හා පිළිකා වලින් වලක්වා යහපත් ශරීර සෞඛ්‍යක් සදහා වැදගත් පයිටො කෙමිකල්ස් වලින් යුක්ත වේ. එසේම  දිනෙක ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 32%ක් සම්පූර්ණ කරයි.

සෙලීනියම්  අත්‍යාවශ්‍ය මූල ද්‍රව්‍යක් වන අතර  ප්‍රබල  ප්‍රතිඔක්සිකාරක එන්සයිම වන  Glutathione  Peroxidases    නිපදවීමට අවශ්‍ය  සහ සාධකයක් ලෙස ක්‍රියා කරයි.  එසේම  කොපර් සහ සින්ක් ද එන්සයිම නිෂ්පාදනයේ සහසාධක ලෙස ක්‍රියා කරයි. Superoxide dismutase (SOD)  නැමති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක එන්සයමය නිපද වීමේ සහසාධකයක් ලෙස කොපර් ක්‍රියා කරයි. ආහාරයේ මෙම කොපර් අඩු වීම නිසා මූලිකව SOD  ක්‍රියාකාරිත්වය අඩු වේ.  වසරක් පමණ පුරා මෙම  ප්‍රතිඔක්සිකාරක එන්සයිම හිග වීම නිසා නැවත යථා තත්වයට පත් කළ නොහැකි ලෙස ස්නායු පද්දතියට හානි සිදු වේ.

තව ද කොපර්  අස්ථි වර්ධනයට වැදගත් වන අතර සමේ සහ හිසකෙස් වල මෙලනින් වර්ණක වර්ධනයට ද අවශ්‍ය වේ.
අත්‍යාවශ්‍ය විටමින් වර්ග වන B1, B5, B6  කජු වල බහුල වේ.කජු ග්‍රෑම් 100ක් මගින් දිනෙකට අවශ්‍ය විටමින් B6   වලින් 32%ක් පමණ සම්පූර්ණ කරයි.  මෙම විටමින් වර්ග මේදය, කාබෝහයිඩ්‍රේට හා ප්‍රෝටීන වර්ග වල පරිවෘත්තීය ක්‍රියා සදහා අත්‍යාවශ්‍ය වේ.


කජුවල අඩංගු ජල ප්‍රතිශතය 7.2% පමණ වේ. මෙම අඩු ජල ප්‍රතිශතය නිසා නරක් වීමකින් තොරව බොහෝ කාලයක් තබා ගත හැකියි. මේ අනුව කජු මද රසවත් ආහාරයක්   වනවා සේම නිරෝගී සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීම සදහා   ඉතා වැදගත් වන ආහාරයකි.
References

0 comments:

Post a Comment