December 31, 2014

පොල්තෙල් ඔබේ සෞඛ්‍යයට හිතකරද?

අතීතයේ සිටම ශ්‍රී ලංකාව තුල පොල්තෙල් භාවිතය දක්නට ලැබිණි. නමුත් පොල්තෙල් වල ඇති සංතෘප්ත මේද අම්ල නිසා හෘද රෝග ඇතිවීමට ඇති අවධානම පිළිබඳ අදහස් පළවීම නිසා අද වන විට පොල්තෙල් භාවිතය අඩු කිරීමට අප යොමු වී ඇත. කෙසේ නමුත් පොල් තෙල්  භාවිතය නිසා  සෞඛ්‍යය කෙරෙහි ඇතිවන යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලයන් පිළිබඳ විවිධ පර්යේෂනයන් සිදුකරමින් පවතී. 
කෙසේ නමුත් පොල්තෙල් භාවිතය සෞඛ්‍යයට හිකතරද අහිතකරද ස්ථිරවම පැවසිය නොහැකි අතර එය මතභේදයට ලක් වු  කරුණක් බවට තවමත් පත්ව ඇත. පොල් තෙල් වල විවිධ පෝෂණීය ගුණාංගයන් ඇති බවට අදහස් පළවී ඇති  අතර මෙහි සදහන් වන්නේ ඉන් කිහිපයකි.
පොල් තෙල් වල ඇති මේද අම්ල වල වැඩි ප්‍රමාණයක් (වෙනත් ආහාරයට  ගන්නා තෙල් වර්ග වලට සාපේක්ෂව)   මධ්‍යම දාම ට්‍රයි ග්සරයිඩ (Medium chain triglycerides) අඩංගුවන අතර මේවා අක්මාව තුලදී පරිවෘතී ක්‍රියාවන්ට භාජනය වීමෙන් ඇති වන කීටෝන (ketone bodies) ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන් සුව කිරීමට උපකාරී වන බව සොයාගෙන ඇත.
පොල් තෙල්   භාවිතය රුධිරගත කීටෝන සාන්ද්‍රණය වැඩිකරණ අතර කුඩා දරුවන් තුල හදිස්සියේ ඇතිවන මිමැස්මොරය (Epilepsy) වැනි රෝගී තත්වයන් අඩු කිරීමට හේතුවන බවසොයාගෙන ඇත. පොල් තෙල් වල ඇති මේද අම්ල බි වැටීමෙන් ඇති වන කීටෝන මගින් මොළයේ සෛල වෙත ශක්තිය සපයන අතර  Alzheimer රෝගය වැනි ස්නායුපද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයන්ගෙන් පෙලෙන රෝගීන්ගේ එම රෝගී ලක්ෂණ ඉවත්කිරීමට ද උදව් වේ .
පොල්තෙල් වල වැඩිපුර ප්‍රමාණයක් ( Lauric   Acid )  ලෝරික් අම්ලය අඩංගුවන අතර ලෝරික් අම්ලය හා ලෝරික් අම්ලය බිදවැටීමෙන් ඇතිවන මොනොලරීන් (  Monolaurin ) නම් රසායන ද්‍රව්‍ය  ක්ෂුදු ජීවින් ( වයිරස් , බැක්ටීරියා සහ දිලිර) විනාශ කිරීමට හා එමගින් ඇතිවන ආසාදනයන් වලක්වාලීමටද උපකාරී වේ.
පොල් තෙල් වල ඇති මේද අම්ල බිද වැටීම නිසා ඇතිවන කීටෝන කෑම රුචිය අඩුකිරීමට හේතුවන අතර දීර්කාලීනව භාවිතයේදී දේහබර අඩුකිරීමට හේතුවන බවටද  අදහස් ඉදිරිපත් කෙරේ.
පොල්තෙල් සම මත තෙතමනය රදවා ගැනීමට ආලේපකරන ද්‍රව්‍යයක් ලෙස (skin moisturizer  නිෂ්පාදනයේදී ) භාවිතාකළ හැකි අතර හිරු එළියෙන් සම ආරක්ෂා කිරීමටද හිසකෙස් නිරෝගීව පවත්වා ගැනීමටද, මුඛ සෝදනයක් ලෙසද භාවිතා කිරීමට හැකියාව ඇත.
මීයන් හා  මිනිසුන් යොදාගෙන කරන ලද පර්යේෂණ වලදී සෝයා තෙල් වලට සාපේක්ෂව HDL කොලෙස්ටරෝල්   ප්‍රමාණය වැඩිකිරීමට සහ  LDL- කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට පොල්තෙල් වැදගත් වන බවත් එමගින් හෘද රෝග තත්වයන් පාලනය කල හැකි බවටත් සොයාගෙන ඇත.
පොල්තෙල් ආහාරයට ගැනීමේදී පොල් තෙල් වල ඇති මධ්‍යම දාම ට්‍රයි ග්සරයිඩ (Medium chain triglycerides) මගින් සිරුරින් දිනකදි වැයවන ශක්ති ප්‍රමාණය 5% න් පමණ වැඩිකරන අතර  දිගුකාලයක් භාවිතයේදී  දේහබර අඩු කිරීමට හේතුවන බවද සොයා  ගෙන ඇත.

උපුටා ගැනීම :-

0 comments:

Post a Comment