ක්ෂීරපායී
ශරීරයේ ප්‍රධානම වැදගත්ම පද්දතිය
වනුයේ රුධිර සංසරන පද්දතියයි. ආශ්වාස වාතයේ අඩංගු ඔක්සිජන් දේහ සෛල තුළට පරිවහනයත්
ශරීරයේ නිපදවන කාබන්ඩයොක්සයිඩ් බැහැර කිරීමත්
ආහාර ලෙස ගන්නා ද්‍රව්‍ය වල අඩංගු සියළු පෝෂ්‍ය කොටස් දේහය පුරා සංසරණය
කිරීමත් රුධිරය මගින් සිදු කරයි.
විවිධ අනතුරු හේතුවෙන් සිදු වන ශල්‍යකර්ම වලදීත්
උපතින්ම සිදු වන තැලසීමියා වැනි රෝග තත්ව වලදීත් ලියුකේමියා වැනි රෝග වලදී හා
තවත් නොයෙක් අවස්ථාවන්හිදී රුධිර අවශ්‍යතා ඇති වේ. මෙහි දී රුධීරය පිටතින් ලබා දිය යුතු අතර එවිට වෙනත් පුද්ගලයකුගේ රුධිරය ගත යුතු වේ. මෙලෙස රුධිරය ගැනීමේ දී බොහෝ
ගැටළු වන අතර එම රුධිර දායකයාගේ රෝගී තත්වයන්
, ඔහුගේ රුධිර වර්ගය යනාදිය පිළිබද සැලකිලිමත් විය යුතු වේ.
නූතන ජෛව
තාක්ෂණය හා ජාන ඉංජිනේරු විද්‍යව ජීව විද්‍යාව සම්පූර්ණයෙන්ම විප්ලවීයකරණයකට ලක්
කිරීමට සමත් වී ඇත. පැසිපික් නෝර්ත්
වෙස්ට් රසායනාගාරයේ සිදු කරන ලද
පර්යේෂණයකට අනුව ශාක යොදා ගෙන මානව රුධිර සංඝටක නිපදවන ලදි. ඔවුන් ශාකවල
ජාන වෙනස් කරමින් මානව රුධිර සංඝටක සහ පටක
වර්ධක ද්‍රව්‍ය නිපද වන ලදි.
මේ සදහා දුංකොළ ශාකය මානව රුධිර සංඝටක නිපදවීම සදහා විකරණය
කරණ ලදි. ඒ සදහා අවශ්‍ය මානව ජාන දුංකොළ ශාකයට පටක රෝපනය මගින් එක් කරන ලදි. මෙහි
දී රුධිර සාධක දෙකක් හා ත්‍රොම්බින් නම් රුධිර ප්‍රෝටීනය නිපදවන ලදි.
මෙම රුධිර සාධක XIII,
සහ රුධිර
කැටි ගැසීමේ සාධක VIII වේ. මෙය රුධිරය ගලා යාම නතර කරන අතර රුධිර කැටි ගැසීමේ
අක්‍රමිකතා පවතින රෝගීන්ට වැදගත් වේ.
මෙම පර්යේෂණයන්ට පෙර මෙම රුධිර සාධක නිපද වූයේ රුධිර ප්ලාස්මාව මගින් හෝ ක්ෂීරපායී සෛලයක් වගා
කිරීමෙනි. නමුත් එයට වඩා මෙම පැසිපික් නෝර්ත් වෙස්ට් රසායනාගාරයේ සිදු කරන
ලද පර්යේෂණය මගින් ජාන තාක්ෂණය යොදා
රුධිරය නිපදවීම ආරක්ෂිත ක්‍රමයකි. මෙමගින් අවධානම් රෝග පැතිරීම වලකියි. එසේම විශාල
වශයෙන් ලාභදායක වේ. මෙම ක්‍රමයෙන් රුධිර සංඝටක නිපදවීම මෙතෙක් සිදු කරන ලද ක්‍රමයට
වඩා 10ගුණයකින් පමණ මිළ අඩු වේ. එසේම රුධිර නිපදවීමේ සංඝටක වල ස්ථායීතාවය ද බොහෝ
කාලයක් පවතී.
Reference
0 comments:
Post a Comment